All

අදානීගේ සුළං බලයට ගහගෙන ගිය චීනය සහ ගෝඨා,මෝදි කුප්‍රකට ගනුදෙනුව..

අදානි එන්ටර්ප්‍රයිසස් සුළං බල ව්‍යාපෘතිය ලාංකීය දේශපාලන ගැටුමට හසුව තිබේ. ශ්‍රි ලාංකික ජනතාව ආර්ථික අතින් අන්ත පීධනයකට ලක්ව සිටින අවස්ථාවක ඒ හරහා සිය සුක්ෂම මෙන්ම කුප්‍රකට ව්‍යාපාරික දැනුම භාවිතා කරමින් Adani ලංකාවේ උතුරු පළාතේ සැලකිය යුතු බලශක්ති ව්‍යාපෘති දෙකක් සඳහා ගනුදෙනුවක් සිදු කර ඇත.

අදාළ ගනුදෙනුව පසුපස සිටින්නේ කවුද? ඒම ඩීල් හරහා ඔහුන් ලබන අතිවිශාලය ධනස්කන්ධය සම්බන්ධයෙන් මේ වනවිට නිසි ලෙස අනාවරණයන් සිදු වි නොමැත. එකම දේ Adani ආයෝජනයත් සමඟ ශ්‍රී ලංකාවේ මුදල් හිඟ ආර්ථිකයට ද සහනයක් ලැබි තිබිමය. බොහෝ පිරිස් ඒ දෙස පමණක් සිය අවධාණය යොමුකර තිබේ.

ඕනෑම ව්‍යාපාරයක තැරැව්කරුවකු ලෙස කටයුතු කරන ඕනෑම අයෙකු චාටු බස් දෙඩීමේත්, පීඩාකාරී අවස්ථාවන්හි දීත් “සිහිබුද්ධියෙන්” යුතුව කටයුතු කිරීමේත් සමතෙකු වන ගෞතම් අදානී ජීවිත කාලය පුරාවටම ප්‍රසිද්ධව සිටියේ වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු ලෙසයි.

2015 දී ඔහුගේ ‘අදානි පවර් කම්පනි’ නම් බලශක්ති සමාගම විසින් උඩුපි ජල විදුලි ව්‍යාපෘතිය ඉන්දියානු රුපියල් කෝටි 6,300කට (ශ්‍රී ලංකා රු. බිලියන 171ක් පමණ) මිලටගත් අවස්ථාවේ දී, පැය 100ක වාර්තාගත කාලයක් තුළ සාකච්ඡා අවසන් කරන්නට ඔහු සමත්විය. සාමාන්‍යයෙන් එවැනි ගනුදෙනුවක් සම්බන්ධයෙන් තීරණයකට පැමිණීමට වසර කීපයක් ගතවේ. නමුත් ඔහුගේ කුප්‍රකට ව්‍යාපාරික දැනුම සහ ඩීල් කිරිමට ඇති දක්ෂතාව මත මේ සියල්ලම වෙනස් වි තිබේ. අද වනවිට ඉන්දීය රාජ්‍ය බලය හෙබවීමට ඔහුට ඇති හැකියාව මෝදිගේ හැසිරිම මතද මනාව පැහැදිලි වේ.

මහත් ආන්දෝලනයකට තුඩුදි තිබේන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළේයැ යි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී කල අනාවරණය සැකයට තුඩුදෙන්නකි.

මන්ද ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ තීරයේ මන්නාරමේ සහ යාපනය අර්ධද්වීපයට දකුණින් පිහිටි පුනරීන් ප්‍රදේශයේ ප්‍රශ්න මතු කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන්, Adani සමූහ ව්‍යාපාරයෙන් හෝ ඉන්දීය බලධාරීන්ගෙන් නිල නිවේදනයක් නිකුත් වී නොමැත. ජාත්‍යන්තර සම්මුතියක විනිවිද භාවයක් නොමැති බව ඇතැම් පාර්ශ්වවල පෙනී යයි. එසේ නම් අනිවාර්යයෙන්ම ඒ පසුපස ඩිල් ක්‍රියාත්මක විම නොවැලැක්විය හැකි කරුණකි.

ලංකා විදුලි බල මණ්ඩලය සහ Adani Green Energy සමඟ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කරන ලද අතර එය මාධ්‍යවල විවෘතව ප්‍රකාශයට පත් කර නොමැත.ඩොලර් මිලියන 500 ක වියදමින් මෙගාවොට් 500 ක සම්පූර්ණ ධාරිතාවක් උත්පාදනය කිරීමට උත්සාහ කළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙකකට Adani සමූහය සම්බන්ධ විය. නැගෙනහිර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් හි මෙගාවොට් 100 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීමට ඉන්දීය ජාතික තාප බල සංස්ථාව (NTPC) සහ ලංකා විදුලි බල මණ්ඩලය (CEB) එකඟ විය.

ගෝඨාගේ “ඉන්දියානු මිතුරා”

මෙම සියලුම ගණුදෙනු ආරම්භ වන්නේ Adani සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී විභව ආයෝජන (potential investments) සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මාස කිහිපයකට පසුවය. එම සංචාරයේදී අදානී සහ ඔහුගේ සගයන් උතුරු මන්නාරම දිස්ත්‍රික්කයට ගොස් සුළං බලශක්ති ව්‍යාපෘතිවල හැකියාව සොයා බැලීමට කටයුතු කල බව කිසිවෙකුත් නොදන්නා කරුණකි.ඒ 2021 වසරේ ඔක්තෝබර් මාසයේදි වන අතර එම සංචාරය සදහා එවකට එම ක්ෂේත්‍රයට සම්බන්ධකමක් නොතිබුනු අමාත්‍යධුරයක් දැරු නාමල් රාජපක්ෂද එක්ව සිටි අතර ඒ මෙම ඩිල් සියල්ලේම ආරම්භය බව නොරහසකි.

අදානි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකින් මන්නාරම දිස්ත්‍රික්කයට ගමන් කලේ නිරීක්ෂණය කටයුතු වෙනුවෙනි.

අදානී පැමිණී අවස්ථාවේ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ ගෝඨාභය රාජපක්ෂ “ඉන්දියානු මිතුරෙකු” හමුවූ බව ඔහුගේ දිනපොතේ සටහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය උපදේශක කිංස්ලි රත්නායක එවකට තහවුරු කර තිබුනා.

අදාළ හමුව ඉතා රහසීගත එකක් වු අතර Adani කණ්ඩායම රැස්වීම තහවුරු කළේ නැත. ඒ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය කල විමසිම් වලට පවා පිලිතුරු ලැබී තිබුනේ නැත. නමුත් දින කිහිපයකට පසුව අදානී සිය twitter හරහා

“Privileged to meet President @GotabayaR and PM @PresRajapaksa. In addition to developing Colombo Port’s Western Container Terminal, the Adani Group will explore other infrastructure partnerships. India’s strong bonds with Sri Lanka are anchored to centuries’ old historic ties.” යනුවෙන් සටහනක් තබා තිබුනි.

එම සටහනේ වැදගත්ම කොටස වන්නේ “ශ‍්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ශක්තිමත් බැඳීම් ශතවර්ෂ ගණනාවක් පැරණි ඓතිහාසික සබඳතාවලට නැංගුරම් ලා ඇත.”යනුවෙන් සටහනයි.ඒ අනුව අදානී ලංකාවේ බොහෝ දේ අත්පත් කර ගැනිමට සමත්ව ඇති බව තහවුරු කර තිබේ.

මෙම ගනුදෙනු සම්බන්ධයෙන් දේශපාලන විචාරාත්මක ඇසකින් හෝ භූ දේශපාලණීක දැක්මක් සහිත බැලිමට දේශපාලකයන් කටයුතු නොකල අතර දේශපාලන විශ්ලේෂක ජෙහාන් පෙරේරා එවකට විදේශ් මාධ්‍ය හමුවේ සදහන් කළේ “අපි මෙය දකින්නේ මෙම කලාපය තුළ චීනය පාලනය කිරීමට ඉන්දියාවේ පියවරක් ලෙසයි” යනුවෙනි.

නාමල්ගේ ඩීල්!

Adani සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණී අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අමතරව එවකට අගමැති මහින්ද රාජපක්ෂ හමුවිය. අදානිගේ කණ්ඩායම, නාමල් රාජපක්ෂ සහ නිලධාරීන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් ද ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. එමෙන්ම එවකට නාමල් දැරූ අමාත්‍ය ධූර කිසිවක් බලයට හා බලශක්තියට සම්බන්ධ නොවූවත්, අදානි සංචාරයේ තීරණාත්මක කරුණු සඳහා ඔහු පහසුකම් සැපයූවේ ඇයිද යන්න දැන් නොරහසකි.

මිට අමතරව ෆර්ඩිනැන්ඩු විසින් එවකට මුදල් ලේකම්වරයා ලෙස කටයුතු කළ එස්.ආර්.ආටිගලට යැවූ ලිපියේ ද සඳහන් වන්නේ, G2G ලෙස මෙම ආයෝජනය අප ඉදිරියට ගෙන යන ලෙස තමාට උපදෙස් දුන්නේ අගමැති මහින්ද රාජපක්ෂ බවත් සහ ඉන් අනතුරුව ජනාධිපතිවරයාද ම උපදෙස් ලබාදුන් බවයි.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, එවැනි ආයෝජන සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති නාමල් රාජපක්ෂ වැන්නන් මෙම ලිපිවලට පිටපත් කර තිබීම පුදුම සහගතය. එමෙන්ම අලුතින් පත් වූ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාද හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සමීපතමයෙක්. මේ සියලු නව පත්වීම් ශ්‍රී ලංකාවේ ජනතාව නොමඟ යැවීමට සිදු කළ ඒවා ද යන්න අතිශයින් සැක සහිත ය. රාජපක්ෂ පුතාට සෙවණැල්ලේ ක්‍රියා කළ හැකියි.

ගෝඨා, මෝදි කුප්‍රකට ගනුදෙනුව..

ශ්‍රි ලංකාවේ වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුල සමග සබඳතා නැවත ගොඩනඟා ගැනිම සදහා වසර දෙකක කාලයක් දිර්ඝ නිහඩ පසුබිම් වැඩක (silent background work) නිරත වු බව අප මිට පෙර අනාවරණය කළා.

දකුණු ආසියාවේ විදේශ ප්‍රතිපත්ති හා ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු කොන්ස්ටන්ටිනෝ සේවියර් (Constantino Xavier) වන රෙඩිෆ් (Rediff.com) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කර ඇත්තේ එම වසර දෙකක කාලය තුල නිහඬව රාජපක්ෂලා සමග ගනුදෙනු කල බවත් එම ගණුදෙනු වල ප්‍රථිපලයක් ලෙස ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකාවට මෝදි බලපෑම් නොකර සිටිමට හේතු වු බවත් පෙන්වා දෙන ඔහු එහි අවසන් ප්‍රථ්පලය නම් ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රථ්ම නිල සංචාරය ඉන්දියාවේ සිදුකල බවද ඔහු පෙන්වා දෙනවා.එම කාලය තුල වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මල්ලි වන බැසිල් රාජපක්ෂ විශාල කාර්යභාරයක් සිදුකල බවයි ඔහුගේ අදහස වි ඇත්තේ.

(කොන්ස්ටන්ටිනෝ සේවියර් යනු ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පුත් ධර්වා ජයිශංකර් සහ ඉන්දියාවේ හිටපු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව්ශංකර් මෙනන්ගේ සගයෙකි.)

https://lankanewsnetwork.org/archives/22400

මෝදි,අදානී නොබැඳි බැදිම

අගමැති මෝදි සමග ගෞතම් අදානිගේ සබඳතා ආරම්භ වන්නේ 2001 වසරේ දී ය. ගුජරාට් ප්‍රාන්තයේ ඇතිවූ කෝලාහලයෙන් පසු, එකල ගුජරාට්හි මහා ඇමැතිවරයා වූ නරේන්ද්‍ර මෝදි ජනතා වෛරයට පාත්‍ර විය. 2002 වසරේ මෙම පසුබිම තුළ, මෝදි තම ප්‍රාන්තයට ව්‍යාපාර ආකර්ෂණයකර ගැනීම සඳහා කර්මාන්ත ප්‍රදර්ශනයක් සංවිධානය කළ විට ප්‍රමුඛ පෙළේ කර්මාන්ත සංවිධානයක් වූ FICCI එම උත්සවය වර්ජනය කළේ ය.

එය එක්තරා ආකාරයකින් මෝදි පාලනය වෙත පෑ විරෝධයක් විය. මේ තීරණාත්මක කාලයේ දී ගෞතම් අදානි නරේන්ද්‍ර මෝදි අත්නොහැර සිටියේ ය. ඔහු ගුජරාටයේ ආයෝජනය කිරීම සඳහා කර්මාන්තකරුවන් පිරිසක් පොළඹවා ගත්තේ ය. අදානි ද සැලකිය යුතු තරමක් ප්‍රාන්තය තුළ ආයෝජනය කළේ ය.නරේන්ද්‍ර මෝදි අගමැති ලෙස නව දිල්ලියට පැමිණි පසු මෝදි-අදානි බැඳීම තවත් ශක්තිමත් විය. 2014 දී මෝදි බලයට පත්වූ පසු අදානිගේ ධනය අහසට උසට නැගෙන්නට වුණි.

බලශක්ති ව්‍යාපෘතිය චිනයෙන් ගැලවු ඉන්දියාව

ඒ අනුව 2021 දී මෙම ව්‍යාපෘති සඳහා අවසර ලබා දී තිබූ චීන සමාගම ශ්‍රී ලංකා රජය විසින් නෙරපා හැරීයි අතර ඉන් අනතුරුව මෙම ව්‍යාපෘතින් ඉන්දීය අදානීට හිමිවිය. මෙම ව්‍යාපෘති මගින් පෝක් සමුද්‍ර සන්ධියේ නයිනතිව්, අනලතිව් සහ ඩෙල්ෆ්ට් යන කුඩා දූපත් වල සුළං ටර්බයින ගොවිපල තුනක් සංවර්ධනය කිරීමට නියමිතයි.

2019 දී, චීන ව්‍යවසායක් වන Sinosar-Etechwin, දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 12 ක් ප්‍රදානය කරන ලද අතර, අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව (ADB) හරහා ලබාදිමට කටයුතු සකස් කර තිබුනා.කෙසේ වෙතත්, ඉන්දියාව ශ්‍රී ලංකා රජය සමග සිදුකල රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක් හරහා කළාපීය භූ දේශපාලන අර්බුදය යාමනය කිරිම වෙනුවෙන් එය අත්හැර දමන ලදී.

ඉන්දීය රෝ ඔත්තු සේවය අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ලබාදුන් වාර්තාවේ සදහන් වි තිබුනේ චීන ජාතිකයන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට සමීප කිරිම සදහා මෙහි අරමුණ බවයි.

ඉන්දියාවට චීනය සමග තවත් ගැටුමක් තිබේ.අප එය අනාවරණය කළේ 2016 වසරේදිය.

https://lankanewsnetwork.org/archives/8226

ෆර්ඩිනැන්ඩෝ සහ ගෝඨාභය

ඒ අනුව බැලුකල අදානි සමූහ ව්‍යාපාරයට සුළං බල ව්‍යාපෘතියක් ලබාදීම සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ බවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කල චෝදනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කිරිමත් ෆර්ඩිනැන්ඩෝ එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනිමත් විහිලුසහගතය.මන්ද කට බොරු කිවත් දිව බොරු නොකියන බව අපේ පැරැන්නන් කියා තිබේ.එය තවත් තහවුරු වන්නේ ගෝඨාභයගේ සටහනත් සමගය.

“යම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට මෙම ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමට අවසර දීම මම තරයේ ප්‍රතික්ෂේප කරමි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු සන්නිවේදනයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි, ”රාජපක්ෂ ජුනි 11 දා ට්විටර් පණිවුඩයක් සටහන් කලේය එයද ජනතාව නොමග යැවිම වෙනුවෙන් කල දෙයක් බව ඉහත කියවිම අනුව ඔබට තහවුරු වනු ඇත.

අනෙක් අතට, ෆර්ඩිනැන්ඩෝ දැන් ඉල්ලා අස්කර ගෙන ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් නව දිල්ලිය තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. එය මෙම ගනුදෙනු සම්බන්ධයෙන් කලබල විමට වඩා නිහඬව සිටිම ඇගට ගුණ බව දේශපාලණීකව කියවිමක් සහිත කණ්ඩායම් වල උපදෙස් මත සිදුවනවා විය හැක.


චීන,ජපන්,ඉන්දියා අර්බුදය….

ත්‍රෛපාර්ශ්වික හවුල් ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ යටිතල පහසුකම් සමාගම වන John F Keells (JFK) සහ රජය සතු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සම්බන්ධ වේ. JKF සතුව සියයට 34 ක කොටසක් සහ SLPA සියයට 15 ක කොටසක් හිමි වන අතර ඉතිරි කොටස Adani සමූහය සතු වේ.

“WCT යනු ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ජයග්‍රහණයකි. එය චීනය විසින් සංවර්ධනය කරන ලද චීන ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) අසලම පිහිටා ඇති අතර එය චීනය විසින් සංවර්ධනය කරන ලද පහසුකමක් තුළ ඉන්දියාවට අගනා වාසියක් විය. එයට ලෝකයේ විශාලතම බහාලුම් වාහකය පවා රැගෙන යා හැකිය, ” WCT යනු කොළඹ වරායේ ඇති පර්යන්ත තුනෙන් විශාලතම එක වේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාවේ රජයට අයත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව සංවර්ධනය කිරීමට නියමිතව තිබූ නමුත් වෘත්තීය සමිතිවල බලපෑම් නිසා ව්‍යාපෘතිය නැවැත්විමට සිදුවිය.

ඒ හරහා ජපානය සහ ඉන්දියාව යන දෙකම කෝපයට පත් වූ අතර, ඉවත් කරන ලද ව්‍යාපෘතිය වෙනුවට බටහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවට ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍ය එස් ජයශංකර් විසින් Covid-19 වසංගතයේ උච්චතම අවස්ථාවේ දී කොළඹ සංචාරයක් ඇතුළුව දැඩි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු වු බව සමහරු නොදන්නවා විය හැක.

ඉන්දියාවේ බහාලුම් ගමනාගමනයෙන් සියයට 60 ක් කොළඹ හරහා ගමන් කරන බැවින්, එය ඉන්දියාවට ඉතා ප්‍රයෝජනවත් ස්ථානයක් විය. නැව්ගත කිරීමේ ක්ෂේත්‍රයේ ඉන්දියාවට ඉතා වැදගත් සන්ධිස්ථානයකි.

කොන්දේසි නැතුවම ගලන ඉන්දීය ණය….

ඉන්දියන් සාගර දූපත් ජාතිය ස්වාධීන රටක් ලෙස එහි දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ ගිලී අවසන් ය. රටේ විදේශ මුදල් ගබඩා හිස් වි ඇති අතර ඩොලර් පමණක් නොව රුපියල්ද අහිමි වි තිබේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව දැනටමත් ස්වෛරී ණය පැහැර හැර අවසන්.

එවන් තත්ත්වයක් යටතේ පසුගිය මාස කිහිපය තුළ, ඉන්ධන සහ ආහාර සඳහා ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා ඉන්දියාවෙන් ඉල්ලා සිටි අතර කොන්දේසි විරහිතව මේ වන විට, ඉන්දියාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ඩොලර් බිලියන 3.5 ක පමණ ප්‍රමාණයක් lines of credit ආකාරයෙන් ආධාර ලබා දී තිබේ.එම ණය අවසන් විමත් සමග එය දිර්ඝ කිරිම සදහාද මේ වනවිට සාකච්ඡා අවසන් වෙමින් තිබේ.

ඩොලර් මිලියන 1.5ක් අදානිගෙන් ගත් ඇමති!

සියල්ල සිදුවෙමින් පවතී. ඒ අතරතුර ඉන්දියාවේ අදානි සමාගමට LNG ව්‍යාපෘතිය ලබාදීම වෙනුවෙන් එක් ඇමතිවරුයෙකුට ඩොලර් මිලියන 1.5ක් ලබා දුන් බවට තමන්ට තොරතුරු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගියදා අනාවරණයක් කරන ලදී.

“අදානි සමාගමට දෙනකොට. ඊයේ, ඒගොල්ලන්ගේ කවයේ ඉන්න කෙනෙක් අපිට තොරතුරු එව්වා, අදානි සමාගමට දෙනකොට සෝලා ව්‍යාපෘතිය ඩොලර් මිලියන එකහමාරක් දුන්නා කියලා ඇමතියෙකුට.එහෙමයි මේ රටේ ධනය විනාශවෙලා තියෙන්නේ.”

එමමුදල ලබාදුන්නේ කාටද යන්න ඔහු අනාවරණය කර නෑ.කෙසේවෙතත් වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ කංචන විජේසේකරය.ඔහුට අල්ලසක් දි වැඩක් කර ගැනිමට හැකියාවක් නැති බව අදානී වැන්නෙකුට අමුතුවෙන් කිසිවෙකු කියා දියයුතු නැත.ඒ අනුව එය අතට ගත්තේ කවුරුන් වුවද එය ගියේ රාජපක්ෂ කෙනෙකු අතට බව නොරහසකි. ඒ අනුව සමීප සබඳතාවයන් පිරික්සා බැලිම ඉතා වැදගත්ය. මහින්දගේ අවසන් කාලයත් සමග ඉදිරියටගත් නාමල් භූ දේශපාලනිකව බෞතීස්මය ලැබුවේ ඉන්දිය නරේන්ද්‍ර මෝදී ඉදිරියේය.

කතාව අවසන් නැත.

LNN දේශපාලන වාර්තාකරු!


Top