Breaking
25 Mar 2025, Tue

ගම්මන්පිලලාගේ වලිගේ පෑගෙයි….සිංහල ජාතිය ගැන බණ දෙසමින් ද්විත්ව පුරවැසියන්ට කත් අදී…දේශප්‍රේමින් නම් රටේ පුරවැසියෙකු වෙයන්

ද්විත්ව පුරවැසිභාවය රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් හෝ ජනතාවගේ ඉල්ලීමක් නොවන බවත්, එය රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ කූට අරමුණින් ආණ්ඩුව ගෙන එන ලද සංශෝධනයක් බව මහා කළු සිංහලයා ලෙස පෙනී සිටින  පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පසුගියදා ප්‍රකාශයක් කර තිබේ.

ආණ්ඩුව කරන හැමදේම විවේචනය කිරිම විපක්ෂයක හෝ විපක්ෂය නියෝජනය කරන කුඩා කණ්ඩායම් වල කාර්යය වියයුතු යැයි අප විශ්වාස නොකරමු.අනිත් අතට මේ ප්‍රකාශය වෙනත් අයෙකු කළේ නම් එය සමාන්‍ය ප්‍රකාශයක් සේ සලකා ඉවත් දමා සිටින්නට පුලුවත් වුවත් ගම්මන්පිල වැනි සිංහල ජාතිය ගැන සිහිනෙන් පවා දොඩවන දේශපාලකයන් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරිම පිළිබඳව රටේ ජනතාව අවධානයෙන් සිටිය යුතුය.

ද්විත්ව පුරවැසිභාවය හෙතුවෙන් ගෝඨාභයගේ හෝ බැසිල්ගෙ හෝ මහින්ද හිටපු කාලේ කාගේ හෝ දේශපාලන ගමනක් අවසන් වන්නේ නම් ඔහුන් කල යුත්තේ තමන් දේශපාලන කරන්නට හදන මවුබිමේ පුරවැසි භාවය පමණක් හිමිකර ගැනිමය.එහෙම නැත්නම් ගැලරියට සිංහ කතා කියා තවත් කකුලක් තවත් රටක තියාගෙන සිටිම නොවේ.

ගෝඨාභයයට හෝ බැසිල්ට රටේ දේශපාලනය ගැන සද්භාවයෙන් කැක්කුමක් ඇත්නම් කලයුත්තේ ඉස්සේල්ලාම තමන්ගේ රටේ පමණක් පුරවැසියෙකු විමය.එය එසේ කිරිමට නොහැකි නම් ජනතාවට හිස නමා පැත්තකට වි සිටිය යුතුය.

මන්ද සිංහල, ශ්‍රී ලංකාව ගැන මහා දේශප්‍රේමීහු ලෙස හඩ වැලපෙන් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලේ ඉංග්‍රීසින් බණ දෙසා 20 වැනි සංශෝධනය හරහ ඔය කතා කරන ගම්මන්පිලලා පමණක් නොව් මහින්දලා වෙනුන්වෙන් පෙනීසිටින නීතියේ පරතෙරට දන්නා කියන අයියලා කෙලවා ඇති කෙලවිල්ල තවත් නොබෝ දිනකින් සිංහලෙන් අපි රටේ ජනතාවට අනාවරණය කිරිමට සුදානම ය.එදාට ඔය ව්‍යාජ්‍ය දේශප්‍රේමීහුන්ට කොහොමත් ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්නට වන්නේ රටේ මහ ජාතියෙන් ගුටි නොකා බෙරි පැන යන්නටය.

ද්විත්ව පුරවැසිභාවය රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් හෝ ජනතාවගේ ඉල්ලීමක් නොවන්නට පුලුවන නමුත් රටේ ජාතික ධනය හොරා කා කොයි වෙලාවේ හෝ බලය අහිමි වු සැනින් නීතියට හසුනොවි සිටින්නට ඔහුන්ට හැකියාව තිබේන බව අමතුවෙන් කිවයුතු නොවේ.ඇත්තටම කලයුත්තේ රටේ දේශපාලන ප්‍රවාහයට එක්වන ඔනේම අයෙකුගෙ පවුලේ සමිපතමයන්ට පවා ද්විත්ව පුරවැසි භාවය තිබේද යන්න පරික්ෂා කිරිමට අවශ්‍ය තැනට වැඩ සිද්ධ කිරිමය.

සමහරවිට ගම්මන්පිලලා එම ප්‍රකාශය කළේ ඒ අනතුර ඇතම දැක වන්නටද පුලුවන මන්ද සිංහලකම,සිංහලයා ගැන කෑ මොරදෙන ගම්මන්පිලලාගේ සමිපතමයන්ටද ද්විත්ව පුරවැසිභාවය ඇති බව රටේ ජනතාව නොදනවා වුවාට ගම්මන්පිලලා දනී.

ගම්මන්පිල එහිදි සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවට යම් පුරවැසියෙක් ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද කියලා දැනගන්න කිසිම ක්‍රමවේදයක් නෑ. යමෙක් තම ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පුරවන ඉල්ලුම් පත්‍රයේ ඔබ ද්විත්ව පුරවැසියෙක්දැයි අසා ඇති ප්‍රශ්නයට ඔව් කියලා පිළිතුරු ලිව්වොත් ආණ්ඩුව දැන ගන්නවා ද්විත්ව පුරවැසියෙක් කියලා. ගීතා කුමාරසිංහ මැතිනිය එම ප්‍රශ්නයට ඔව් කියලා උත්තර ලියපු නිසා එතුමිය අද අමාරුවේ වැටිලා මන්ත්‍රි ධුරය අහිමි වි ඇති බවයි එසේනම් මේ ව්‍යාජ්‍ය දේශප්‍රේමීහු කල යුත්තේ ඉන් එහාටත් මේ නීතිය ක්‍රියාත්මක කිරිමට අදාලව නිතී හදහන තැනවල අරගල කිරිමය.

එපමණක් නොව මේ ආණ්ඩුව බලයට පැමිණී පසුව අර්ජුන් මහේන්ද්‍රලා මහා බැංකුව කොල්ල කෑමේ සිට මෛත්‍රී ජනපති වි සිටින පක්ෂයේ සභාපතිවරයා ජාත්‍යන්තර බැංකු කොල්ල කැම දක්වා වු සියල්ලටම සම්බන්ධ වු වන් මෙන්ම මහින්දලාගේ කාලයේද විවිධ් වර්ගයේ ජාත්‍යන්තර ගෙම් කාරයන්ද ද්විත්ව පුරවැසි භාවයට හිමිකම් කියු අය බව ගම්මන්පිලලාට අමතක විය නොහැක. ඒ නිසා සිදුවිය යුත්තේ ද්විත්ව පුරවැසි භාවය හිමිවුවන්ට දේශපාලන වශයෙන් ජනතා නියෝජිතයන් විමේ අයිතිවාසිකම් පමණක් නොව රටේ වගකිවයුතු ආයතනවන ඉහල පහල පමණක් නොව කිසිදු තනතුරක් දැරිමට නොහැකි වන ලෙස 19 ලැබුන දායකත්වය වර්ධණය කර ගැනිමය.

එසේ නොමැතිව දේශපාලන අද බාලයන් රටේ ජනාධිපතිවරුන් කිරිමට උත්සහ ගන්නා සේ පෙන්වා තමන්ගේ වහල් භාවය ඔප්පු කර පෙන්විම නොවන බව ගම්මන්පිලලා පමණක් නොව සිංහලයන් ලෙස සිංහයන් ලෙස තින්ත ගා ගත් හිවලුන් සියලුම දෙනාද තරයෙ මතක තබාගත යුතුය.

ගම්මන්පිලගේ මාධ්‍ය හමුවෙන් උපුටා ගන්නා ලදි…

“2015 අප්‍රේල් මේ 19 වැනි සංශෝධනය ගෙනෙන කොටත් මහින්ද සුළඟත් සමඟ ලක්ෂ ගණන් ජනතාව එක්වෙලයි හිටියේ. රාජපක්ෂ භීතිකාව නිසා මේ අය බැලුවා නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාගේ වයස කීයද කිලා. 2019 අග වෙනකොට එතුමගේ වයස 32යි. ජනපතිවරණයේ අවම වයස අවුරුදු 30යි. 19 වැනි සංශෝධනයෙන් ඒකත් වෙනස් කර ජනපතිවරණයට ඉදිරිපත් විය හැකි අවම වයස 35 දක්වා වැඩි කළා.”

~~පණ්ඩුක හේරත්~~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.