Breaking
18 Feb 2025, Tue

ස්ථිර පත්වීම් ලිපියට මුවා වී NGO නඩයක් සමග සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මහා පරිමාණයෙන් ගසා කෑම ඇරඹේ. සිරිසේනට තවත් දෙපාර්තමේන්තුවක් අහිමි වෙයි!!

Published on: Aug 21, 2018- 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති සිරිසේන දින සියයේ වැඩසටහන ඉදිරිපත් කරමින් (දැන් මතක නෑ, මගෙන් ඇහුවෙ නෑ කියන) සිවිල් ආරක්ෂක භටයින් විශ්‍රාම වැටුප් සහිතව ස්ථිර සේවයේ පිහිටුවන බවට දක්වා තිබූ අතර ඒ අනුව 2015 අප්‍රේල් මස 23 වනදා ඔවුන්ව අවුරුදු 3ක පරිවාස කාලයකට යටත්ව ස්ථිර පත්වීම් මැදිරිගිරිය මහා විදයාලයේදී ජනාධිපති සිරිසේනගේ අතින් ලබාදීමට යෙදුණි.

ඒ අනුව වසර 3ක පරිවාස කාලය අවසන් වූ 2018 අප්‍රේල් මස 23 වනදාට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 39,000 ක් වූ සියලුම භට භටවරියන්ට ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතව තිබූ අතර එය බිංදුවට වැටී සිටින ජනාධිපති සිරිසේනට දින කිහිපයකට හෝ විශාල ප්‍රසිද්ධියක් හා ප්‍රතිරූපයක් නංවා ගැනීමට තිබූ අවස්ථාවකි. නමුත් අවාසනාව හා අපකීර්තිය උපතින් උරුම කර ගෙන පැමිණි ජනාධිපති සිරිසේනට එවැනි පිනා චාන්ස් එකක්වත් ගොඩ දා ගැනීමට නොහැකි වූයේ හිටපු අධයක්ෂ ජනරාල්වරයාගේ මාරුවත් සමඟය. එක් නිලධාරියෙකු සමඟවත් විශ්වාසවන්ත ලෙස වසරකට වඩා රාජකාරි කළ නොහැකිවීමේ විශ්මිත හැකියාව සිරිසේන ගමරාල සතු කරුමයකි. මන්ද හොරෙකු හෝ දූෂිතයෙකු නිතරම සිතන්නේ අනෙකාද හොරෙක් යන හොර සිතුවිල්ලෙන් නිසාවෙනි.

ඉන්පසු තමාගේම පෞද්ගලික නයාය පත්‍රයකට අනුව රාජකාරි කළ දෙලොවටම නැති සිරිසේනගේ ලේකම් වූ ඔස්ටින් හරහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පත් වී ආ නව අධයක්ෂ ජනරාල්වරයා වූයේ බොරදියේ මාලු බෑමට උපන් හපනෙකු වන මේජර් ජනරාල් නිර්මාල් කොස්වත්තයි. නිර්මාල් කොස්වත්ත යනු පසුගිය රාජපක්ෂ වනචර දශකයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධව සිට අකාර්යක්ෂමතාව නිසාම ගෝඨාභය රාජපක්ෂ විසින් දෙපාර්තමේන්තුවෙන් කෙටිම කලකින් එළවනු ලැබූ පළමු හා එකම අධයක්ෂවරයාය. නමුත් දැන් ජනාධිපති සිරිසේනට පිං සිදුවන්නට වසර 4කට වඩා පෙන්ෂන් ගොස් සිටි කොස්වත්ත මේජර් ජනරාල් නිලයට උසස් වීමත් සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ DG ය. ඒ සමඟම ඔහුගේ බිරිඳ වන විශ්‍රාමික කර්නල් මන්ත්‍රී කොස්වත්ත දැන් නිල නොලත් DG ය. මන්ද මේජර් ජනරාල් කොස්වත්ත වැසිකිළියට යන්නේද ඇගේ අවසරයෙන් පසුව බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ රහසකි.

දිනපතා කොස්වත්ත සමඟ රාජකාරි සඳහා පැමිණෙන ඇයද මේජර් ජනරාල් කොස්වත්තගේ පුටුව අසලින් පුටුවක් තබාගෙන අධයක්ෂ ජනරාල් අනුමැතියට පැමිණෙන දෙපාර්තමේන්තුවේ සියලුම ලිපිගොනු ඇයගේ අධීක්ෂණය හරහා යා යුතුවීම දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අලුත් නීතියක්ද බවට පත් වී ඇත. නමුත් අවාසනාවට පත් වී දින කිහිපයකින්ම හදිසියේ ඔස්ටින් ලොක්කා විසිවීම නිසා තම පැවැත්ම ගැන ඇති වූ අවිනිශ්චිත බව නිසාම තම සාක්කුව හා මතු දේශපාලන අරමුණු ගැන සිතා දෙපාර්තමේන්තු සම්පත් සූරා කෑම ඇරඹූ මේජර් ජනරාල් කොස්වත්ත තම අනාගත බෑණා වීමට යන විදේශිකයා හරහා ලංකාවට NGO නඩ ගෙන්වා දෙපාර්තමේන්තුව විකුණමින්, දෙපාර්තමේන්තුවට හා සේවා වනිතා ඒකකයට ලැබෙන ආධාරවලින් ඔහුගේ පුද්ගලික බැංකු ගිණුම් හැකිතරම් තර කරගැනීමට වෙහෙසෙමින් ලංකාව පුරා විසිරී ඇති සිවිල් ආරක්ෂක බළකා උප කාර්යාලවලට සකස් කර ඇති පත්වීම් ලිපි තැපැල් නොකර තමන් විසින්ම ඒවා බෙදීමේ පියුම් රාජකාරිය කිරීම ඇරඹුවේ එමගින් විදේශ NGO නඩවලට ෆ්‍රී ටුවර්ස් දීමේ සැලැස්ම ඇතුවය.

මේ වනවිට මේජර් ජනරාල්වරයෙක් ඉතිහාසයේ පළමු වරට පියුම් රාජකාරියක් කරනු දකින සිවිල් ආරක්ෂක භටයින් දෙකොනින් සිනහ වන බව ඊ නිව්ස් වෙත වාර්තා වේ. හොඳම විහිලුව නම් ලියුම් බෙදීමට පැමිණෙන මේජර් ජනරාල්වරයාට හා ඔහුත් සමඟ පැමිණෙන විදේශ නඩවලට තෑගිබෝග, සිහිවටන ලබාදීමට හා උත්සව පැවැත්වීමට සිවිල් ආරක්ෂක සෙබළුන්ගේ වැටුපෙන් ඒ ඒ බළකා අණදෙන නිලධාරීන්වරුන් විසින් මුදල් අයකරගැනීමය.

සැබෑ කරුණ නම් මොහු ලංකාවේ සතර දිග් භාගයේ විදේශිකයන්ට ‘free tours’ දෙමින් රවුම් ගසන්නේ නිල ඇඳුම් සහිත ආරක්ෂිතයන් පිරිවරා ගනිමින් දෙපාර්තමේන්තු නිල වාහන 3ක් හා බැකප් රථ සමඟය. මෙම මහ දවල් සිදුවන රාජය සම්පත් අවභාවිතාව හා දූෂණය පිළිබඳව කෙතරම් ආරක්ෂක අමාතයාංශය දැනුවත් කළද ආරක්ෂක ලේකම්වරයා හා යුධ හමුදාපතිවරයා යන දෙදෙනාම මෙම ඩොලර් වලින් යැපෙන්නන් වී හමාර බැවින් කිසිදු පරීක්ෂණයක් අද වන විටත් නොපැවැත්වීම ඛේදජනකය. සිරිසේන ගමරාල නම් ඔහුගේ යටතේ ඇති දෙපාර්තමේන්තු නොව කැබිනට් හමුවේ සිදුවන දේ පවා දැනගන්නේ පත්තරයෙනි.

ලංකාවේ නීතිය අනුව විදේශිකයෙකුට ආරක්ෂක හමුදා කඳවුරකට ඇතුල් විය හැක්කේද ආරක්ෂක අමාතයාංශයේ ලිඛිත අවසරයකින් පසුවය. නමුත් මෙම සියලු නීතිරීති හා රජයේ චක්‍රලේඛ බල්ලට දමා මේජර් ජනරාල් කොස්වත්ත ක්‍රියා කරන්නේ කාගේ හයියෙන්ද යන්න ගැටලුවකි. මේ වනවිට සුද්දන්ට ආරක්ෂාව දෙමින්, ඔවුන් පිළි ගැනීමට මල් මාලා හදමින් හා රජයේ සියලුම පර වැඩ සඳහා යොදාගන්නා කුලී හමුදාවක ගාණට ඔවුන්ව තවමත් පත්කරගෙන ඇති බව යහපාලනයක් සඳහා ඡන්දය දුන් සිවිල් ආරක්ෂක සෙබලුන් ඉච්චාභංගත්වයට පත්ව ඇති බව අප හා පැවසූහ. මේජර් ජනරාල් කොස්වත්තගේ බෑණා හෝ මොකා හෝ අපට කම් නැත, රටේ ආරක්ෂාව විදේශිකයන් ඉදිරියේ පාවා දෙමින් රාජය සම්පත් අවභාවිතා කරමින් ගෙන යන මේ මහා ඩොලර් නාඩගම වහා අවසන් විය යුතුය. ඡායාරූප සාක්ෂි අමුණා ඇත.

ලුතිනන් කර්නල් ප්‍රියන්ත රණසිංහ විසිනි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.