Breaking
24 Feb 2025, Mon

යාපනයේ ගැටුම හමුදා කරමත පැටවිමේ සුදානම්ක්

යාපනය අධිකරණයට පහරදිම සහ කලබල ඇතිකිරිමේ වරද ආරක්ෂක හමුදා මත් පැටවිමේ උත්සහයක් අනාවරණය වි ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.සාමකාමී උද්ඝෝෂකයන්ට පොලිසිය පහරදි කුපීත කිරිම නිසා මෙම තත්ත්වය ඇතිවු බවට ඔප්පු කිරිමේ සුදානමක් ඇති බවයි ඔහු සදහන් කළේ.

කදුළු ගෑස් ගැසිම,බැටන් ප්‍රහාර එල්ල කිරිම සහ 130 දෙනෙකු අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් ද්‍රවිධ ජාතික සන්ධාන නායක ආර් සම්පන්තන් ඊයේ ජනපති මෛත්‍රීපාල සිරිසේනට දුරකථනය ඔස්සේ තමන්ගේ අප්‍රසාදය පලකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අද ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රි හමුවේදි ආර්.සම්පන්තන් තොරතුරු අනාවරණය කර තිබේ.

මේ අතර පූංකුඩුතිව් සිසුවියට යුක්තිය ඉල්ලා සාමකාමීව පැවැත්වූ සටන් කඩාකප්පල් කරන අන්දමින් සමහර බලවේග ප්‍රචණ්ඩත්වය ඇවිස්සීමෙහි නිරතවීම තරයේ හෙලාදකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර තිබේ.

රජයෙන් යුක්තිය ඉල්ලා සිටීමේ ලිපි ලහි ලහියේ භාරදෙන ලදි. පසුව සමහර බලවේග යාපනය අධිකරණ ගොඩනැගිල්ලටත්, නිතිඥයින්ටත්, වාහන වලටත් පහරදීම සහ ගල් ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩත්වයේ නිරත වූ බව අපට දැනගැනීමට ලැබුණි. පොලීසිය කඳුළු ගෑස් භාවිතා කර තත්වය පාලනය කිරීමට උත්සාහ කළ බව දැනගත් අවස්ථාවේ කණගාටුවට පත් වු බවද ඔහු සදහන් කරයි,

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.