Featured

අකිලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්? SJBට එරෙහිව විනය පරික්ෂණ කතා බොරු… අන්තපරාජය වසාගන්න නීතිය දැන දැනම අසත්‍ය පතුරුවනවා….

Published on: May 27, 2020 – සමගි ජනබලවේගය සමග එක්ව සිටින පිරිසට එරෙහිව විනය පරීක්ෂණ ගැනීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවත් සමගි ජන බලවේගය කටයුතු කර ඇත්තේ මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරීය විසින් ඒකමතිකව සම්මත කරන ලද කාරණාවලට අනුගතව බවත් හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අවධාරණය කරනවා.

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබද අද එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්වරයානිකුත් කර තිබේන නිවෙදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රී සුජීව සේනසිංහ සදහන් කලේ කෘත්‍යාධිකාරී තීන්දුව ප්‍රකාරව කටයුතු කරන තම පිලට එරෙහිව විනය පරීක්ෂණ තබනවා වෙනුවට හරිනම් සිදුවිය යුත්තේ එම තීන්දුව කඩ කළ අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවයි.

නීතිය දන්නා එජාප මහලේකම්වරයා නීතිය නොදන්නවා සේ හැසිරීම ගැන කණගාටුව වන බවත් මේ මැතිවරණයෙන් පසුව එජාපයෙන් තිදෙනෙකු පමණ පාර්ලිමේන්තුවට පත්වනු ඇති අතර මන්ත්‍රීවරු, පාක්ෂිකයෝ ඇතුලු අති බහුතරය සිටින්නේ සමගි ජනබලවේගය සමග බවත් අද(27)සමගි ජනබලවේගය කාර්‍යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් වරයා ලෙස පෙනී සිටින නීතීඥ අකිල විරාජ් කාරියවසම් නිකුත් කර ඇති නිවේදනය පහත දක්වා ඇති අතර පසුගිය සතිය පුරා සජිත්ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ගැටුම් ඇති බවට රනිල් කල්ලිය විසින් පලකල අසත්‍ය ප්‍රචාර තහවුරු කිරිම සදහා උත්සහ දරා තිබුනා.

උපූටා ගැන්ම

මේ වනවිටත් වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා අත්සන් කළ බොහෝ සාමාජිකයන් එම තීරණය පිළිබද සිය පසුතැවිල්ල අප වෙත දන්වා එවා ඇත.

උපුටා ගැන්ම අවසන්

මේ අතර අකිලගේ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වු සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කළේ අද වන විට රටේ ජනතාව ආදරය කල එක්සත් ජාතික පක්ෂය අකිල ජාතික පක්ෂය,රනිල් ජාතික පක්ෂය මෙන්ම රවී ජාතික පක්ෂය වැනි කල්ලි වල පක්ෂයක් බවට පත්ව ඇති බවයි.

එම නිසාම සජිත් ගේ නායකත්වයෙන් සමගී ජන බලවේගය පිහිටු විමට කටයුතු කල බවත් ඊට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකමතිකවම කැමත්ත දැක්වු බවයි.අද වනවිට එක්සත් ජාතික පක්ෂයේ මලගම සිදුකිරිම සදහා එජාප නායකය ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ ඇතුලු කල්ලිය සුදානම් වෙමින් සිටින අතර ඒ සදහා රාජපක්ෂලා සමග ඩිල් කරමින් සිටින බවද ඔහු සදහන් කළා. රනිල්,අකිල,රවී,සාගල වැනි අය එජාප මලගම සිදුකිරිමට පෙර සමගී ජන බලවේගය  මහා මැතිවරණයේ බහුතර බලයක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයට,ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත පාක්ෂිකයින් සමග පක්ෂයේ බලය ලබා ගැනිමට සුදානමින් සිටින බවද ඔහු අවධාරණය කළා.

අකිල විරාජ් නිකුත් කල නිවේදනය පහත දැක්වේ….

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා ගෙන නාමයෝජනා භාර දී ඇත. වෙනත් දේශපාලන පක්ෂයක් හරහා අපේක්ෂකත්වය ලබා නාමයෝජනා අත්සන් කරන හෝ කිරීමට බලාපොරොත්තු හෝ වන ඕනෑම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු, පක්ෂ ව්‍යවස්ථාවේ 3(c) වගන්තිය යටතේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලිඛිතව ලබා ගත යුතුය.

මතභේදයට තුඩු දී ඇති සාමාජිකයන් කිසිවකු පක්ෂ ව්‍යවස්ථාවේ ඉහත කී 3(c) වගන්තියට අනුකූලව ක්‍රියා කර නොමැති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිදු පූර්ව අවසරයක් ලිඛිතව ලබාගෙන නොමැත.

එසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාවේ 3(h) වගන්තිය යටතේ ක්‍රියාකිරීමට පක්ෂයේ දීර්ඝකාලීන පැවැත්ම ආරක්ෂා කර ගැනීම උදෙසා පක්ෂ නායකත්වය කටයුතු කරන තත්ත්වයට පත්වී තිබේ.මේ වනවිටත් වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා අත්සන් කළ බොහෝ සාමාජිකයන් එම තීරණය පිළිබද සිය පසුතැවිල්ල අප වෙත දන්වා එවා ඇත.

කෙසේ නමුත් පක්ෂ ව්‍යවස්ථාවේ 3 (h) වගන්තිය යටතේ එසේ වෙනත් දේශපාලන පක්ෂයක් හරහා මහමැතිවරණය සදහා නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වෙත දැනටමත් ඒ සම්බන්ධව නිදහසට කරුණු විමසා ලිපි යොමුකර ඇත.ඒ අනුව අදාළ සාමාජිකයන් විසින් ඒ සම්බන්ධයෙන් ලිඛිතව සිදු කරනු ලබන කරුණු දැක්වීම්/අභියාචනා සියල්ල ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර, සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

නීතීඥ අකිල විරාජ් කාරියවසම්
මහලේකම්
එක්සත් ජාතික පක්ෂ

Top