Featured

අනුරාධපුර බන්ධනාගාරය තුල ගැටුමත් සමග ගින්නක්…. සිරකරුවන් රැසකට වෙඩි! එක් රැඳවියෙකු මියගිය බව පොලිසිය කියයි… දෙවන සංස්කරණය

Published on: Mar 21, 2020 – දෙවන  සංස්කරණය –අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් තිදෙනකු තුවාල ලබා තිබේන බව පොලිසිය සදහන් කරනවා.ඒ දැනට නිළ වශයෙන් දැනුම් දිය හැකි දත්ත වලට අනුව බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.

මේ වන විට අනුරාධපුර බන්ධනාගරයේ ගින්නක්ද හට ගෙන තිබේන අතර කෙරොනා යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය ද තහවුරු කර තිබේ.

ගින්න සහ තත්ත්වය පාලනය සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරය තුළට පැමිණ ඇති බව අප එහි සිටින විශේෂ වාර්තාකරු සදහන් කලා.

Published on: Mar 21, 2020 – පළමු සංස්කරණය – කොරෝනා වෛරසය වැලදුන රෝගියෙකු බන්ධනාගාරය තුල සිටින බවට දැනුවත් කලද ඔහු ඉවත් කිරිමට බන්ධනාගාර නිලධාරින් පියවර නොගැනිම් හේතුවෙන් ඇතිවු නොසන්සුන්තාවය දුරදිග යැමෙන් අනුරාධපුර බන්ධනාගාරය තුල ගැටුමක් ඇතිවි තිබේන බව එහි සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ගැටුම දුරදිග යැමත් සමග බන්ධනාගාරය තුලට හමුදා සහ විශේෂ කාර්‍යය බලකාය පැමිණ ඇති අතර එහිදි සිරකරුවන්ට වෙඩි තබා ඇති අතර නිළනොලත් ආරංචි මාර්ග වලට අනුව සිරකරුවන් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මේ වනවිටත් තත්ත්වය පාලනය කිරිමට හැකියාව නොලැබි ඇති බවද වාර්තා වේ. තොරතුරු සියල්ලම බලාපොරොත්තු වන්න.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමක් අතරතුරදී ඇතිවූ ගැටුමකින් රැඳවියන් 27 දෙනෙකු වෙඩි පහරින් ඝාතනයට ලක්වු අතර මෙම ඝාතන සිද්ධිය අහම්බයක් නොවන බවත් ඝාතනයට ලක්ව ඇත්තේ ලැයිස්තුගත පුද්ගලයින් පිරිසක් බවත් එබැවින් මෙය සංවිධානාත්ම ඝාතනයක් බවටත් චෝදනාවක්ද එල්ලවිය.

Loading…


Top