විශේෂාංග

අපේ රට නැති ව අළුත් රටක් මොකට ද?

(මෙය වර්ගවාදයක් හෝ අන්තවාදයක් උදෙසා නොව සත්‍යය අවබෝධ කරගැනීම උදෙසා යි)
දුටුගැමුණු රජතුමා පරසතුරන්ගෙන් රට නිදහස් කරගෙන ඊළගට කළේ සම්බුද්ධ සාසනයේ දියුණුවට අවශ්‍ය පියවර ගැනීම යි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තිස් වසරක් තිස්සේ පැවති ත‍‍්‍රස්තවාදයෙන්, 2005 වර්ෂය වන විට ලෝකයේ දරුණු ම ත‍‍්‍රස්තවාදීන් හැටියට ඇමෙරිකාව පවා විරුදාවලී ලබා දුන් එල්ටීටී ග‍‍්‍රහණයෙන් රට මුදාගෙන ඊළගට කළේ උතුරු නැගෙනහිර ද ඇතුළු මුුළු රටේ ම ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත් ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයට අවශ්‍ය ආගමික පුනර්ජීවනය උදෙසාත් කටයුතු කිරීම යි.

එමගින් කුරිරු ත‍‍්‍රස්තවාදය පරාජය කළ දූරදර්ශී පාලකයකු වශයෙන් මහින්ද රාජපක්ෂ බෙදුම්වාදී ආකල්ප පරාජය කොට සියලූ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවෙන් කටයුතු කිරීමට අවශ්‍ය විශ්වාසය ගොඩනැගීමේ අසීරු කර්තව්‍යය ආරම්භ කළා.

එහි දී බෞද්ධ සිද්ධස්ථාන පමණක් නොවෙයි කෝවිල් සහ පල්ලිත් වැඩි දියුණු කරන්නට අවශ්‍ය පියවර ගත්තා. විශේෂයෙන් ම උතුරු*නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථානවලට වඩා වැඩි අවධානයක් යොමු වී තිබුණේ ත‍‍්‍රස්තවාදීන් විසින් බෝම්බ ගසා විනාශ කරදමන ලද හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි සහ ක්‍‍්‍රිස්තියානි පල්ලි ප‍‍්‍රතිසංස්කරණය කර වැඩි දියුණු කිරීම සඳහා යි.

එහෙත් ත‍‍්‍රස්තවාදී තර්ජනය පැවති කාලයේ රජයේ, යුද හමුදාවේ ආරක්ෂාව හා විශේෂ වරප‍‍්‍රසාද සහිත ව ජීවත් වෙමින් ම බෙදුම්වාදයට උඩගෙඩි දුන් රායප්පු ජෝෂප් මන්නාරමේ බිෂොප්වරයා ඇතුළු දෙමළ ක්‍‍්‍රිස්තියානි පූජකවරුන් 205 දෙනකු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2014.03.03 දිනැති ලිපියෙන් ලියා දන්වන්නේ ඓතිහාසික ව උතුරු නැගෙනහිර බහුතර ජනතාව වූ දෙමළ ජනයාගේ ඉඩම් මිලිටරි බලයෙන් අල්ලාගෙන සිංහලයන් පදිංචි කරන බවත් උතුරු නැගෙනහිර බහුතර බෞද්ධ ජනතාව ද‍්‍රවිඩ අනන්‍යතාව විනාශ කරන බවත් ය.

^“At the same time” we are concerned about the post war intensification of systematic efforts to destroy the identity of the Tamil community’ This is particularly so by grabbing land for military establishments” development projects and government organized settlement of Sinhalese in the North and East” where Tamils have historically been the Majority’ The imposition of majority Sinhalese language and majority Buddhist religion in the North and East is another indication of attempts to destroy our identity’ There has been no genuine political process to address the root causes of the conflict” which are being aggravated’ Thus there is a need for the international community” through the UN” to find creative ways of assisting Tamils to live in dignity as a nation’”

සත්‍යය කනපිට හරවා කර ඇති මෙම ප‍‍්‍රකාශනයේ හෝ වෙනත් කිසි තැනෙක උතුරු නැගෙනහිර පැවති වෙහෙර-විහාරස්ථාන 278 ක් අන්තවාදීන් විසින් විනාශ කළ බවක් හෝ භික්ෂූන් වහන්සේ ඇතුළු සිංහල බෞද්ධ ජනතාව ගම් පිටින් මරමින් හා බියවද්දමින් එම ගම් බිම් අත්පත් කරගත් බවක් හෝ සඳහන් නොකිරීමට ඔවුන් වගබලා ගන්නවා. මෙබඳු ක්‍‍්‍රියා පිළිවෙතක් කිසිසේත් සංහිඳියාවක් සඳහා නොව තව තවත් ආක්‍රමණය සඳහා ම බව පසක් කරගත යුතු ව තියෙනවා.

මහින්ද රාජපක්ෂ විසින් ආරක්ෂා කොට වැඩිදියුණු කළ හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි සහ ක්‍රිස්තියානි පල්ලිවලට වඳින*පුදන, ආගමික කටයුතු කරන බොහෝ භක්තිකයනට හා පූජකයනට සත්‍යය අමතක ව ගිය ද ඒවායේ දෙවියන් සිටිත් නම් එම දෙවියන්ට නම් අමතක විය නොහැකි යි.
මහින්ද රජපක්ෂ මහතා විසින් පිරිවෙන්වල යටිතල පහසුකම් වැඩි-දියුණු කිරීම සඳහා ලබු දුන් ආධාරය ජාතික පාසල් වෙත යවන්නට ‘යහපාලන අධ්‍යාපන ඇමතිවරයා‘ වන අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කර තියෙනවා.

දහම් පාසල් අධ්‍යාපනයේ ඉහළ ම විභාගය වන බෞද්ධ ධර්මාචාර්ය විභාගය අහෝසි කිරීමට කටයුතු කර ඇති බවක් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ම ප‍‍්‍රකාශ වී තිබෙනවා.

දශක කිහිපයක් පුරා ම රාජකීය පණ්ඩිත උපාධිය වෙනත් ප‍‍්‍රථම උපාධි හා සම මට්ටමේ ලා සැලකුණා. මෙම තත්ත්වය ද අහෝසි කර ඇති බවක් සැලවේ. රාජකීය පණ්ඩිත උපාධිය මෙතෙක් කරන ලද්දේ භික්ෂූන් වහන්සේ ඇතුළු බෞද්ධයන්. කලාතුරෙකින් වෙනත් ආගමිකයකු එම උපාධිය හැදෑරුව ද එම උපාධිය බෞද්ධ අධ්‍යයන ක්ෂේත‍‍්‍රයේ උපාධියක්.

මේ අතර යහපාලන ආණ්ඩුවේ ඇමති තනතුරක් දරන රෝසි සේනානායක (එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ සංවිධායක හා කොළඹ දිස්ත‍‍්‍රික් නායක) කටයුතු කරන්නේි‘මේ රටෙන් සිංහල බෞද්ධ පදනම ඉවත් කළ යුතු යි’’ යන ආකල්පය සහිත ව යි. ඇයගේ එම ප‍‍්‍රකාශය මීට සති කිහිපයකට පෙර ජාතික පුවත්පතක පළ වී තිබිණා. ඉහතින් ප‍‍්‍රකාශ කළ ආකාරයෙන් බෞද්ධ අධ්‍යාපනයත් පිරිවෙන් අධ්‍යාපනයත් කප්පාදු කරන්නට වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේ ඒ ආකල්පයෙන් විය යුතු යි.

පිරිවෙන් ප‍‍්‍රඥප්තියක් සකස් කිරීමටත් පිරිවෙන් සංවර්ධන මණ්ඩලයක් සහ පිරිවෙන් සංවර්ධන අරමුදලක් පිහිටුවීමටත් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වැනි අරමුදලක් පිහිටුවා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මසකට රුපියල් 2500ක ශිෂ්‍යත්ව මුදලක් ලබාදීමටත් ජාතික බෞද්ධ පුස්තකාලයක් ඇති කිරීමටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පියවර ගනිමින් සිටියා. ඒ හැරෙන්නට සෑම පාසලක ම අධ්‍යාපනය ලබන සියලූ ම ආගම්වලට අයත් දරුවන්ගේ සදාචාර වර්ධනය සඳහා ඒ ඒ ආගම් පදනම් කරගෙන වැඩ සටහන් ක්‍‍්‍රියාත්මක කිරීමටත් ඒවාට නායකත්වය දීමටත් එතුමා කටයුතු කරමිනුයි සිටියේ.

එසේ ම ජාතික එකමුතු ව විසින් ඉදිරිපත් කරන ලද පස්වැදෑරුම් සම්මුතීන් මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගන්නා ලද බවත් ඒ අතරි‘බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව මගින් නිර්දේශ කරන ලද සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා වන සියලූ ආගම්වලට අයත් දරුවන් මුල්කරගත් ජාතික සදාචාර වර්ධන ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පිරිවෙන් ප‍‍්‍රතිපත්තිය ක්‍රියාත්මක කර පිරිවෙන් අරමුදල ශක්තිමත් කිරීම, සියලූ ම මට්ටම්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සහ සුභසාධනනය සඳහා මහපොල ශිෂ්‍යත්ව අරමුදලට සමාන ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීම, ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම සඳහා විධිමත් ව ඉලක්ක සහගත ජාතික වැඩ පිළිවෙළක් මහජන සංවාදයට ලක්කොට ක්‍රියාත්මක කළ යුතු බව, දූෂණ වංචා පිටුදැකීම සඳහා වන ජාතික වැඩ පිළිවෙළක් ක්‍‍්‍රියාත්මක කළයුතු බව සහ එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා ආගමික නායකයන් සහ ජාතික විද්වතුන්ගෙන් සමන්විත අධීක්ෂණ යාන්ත‍‍්‍රණයක් සකස් කිරීම ආදි යෝජනා නිශ්චිත කාල රාමුවක් තුළ ක්‍රියා්මක කළ යුතු බවට’’ යන සම්මුතියත් ඇතුළත් වෙනවා.

අනගාරික ධර්මපාලතුමා සුද්දන් ඇතුළු ආක්‍‍්‍රමණිකයන් විසින් විනාශ කරන ලද බෞද්ධ අයිතිවාසිකම් නැවත ඇතිකරලීම හා සුරක්ෂිත කිරීම සඳහා මහගු මෙහෙවරක් කළා. ඒ අතර බුද්ධගයාව බේරාගැනීම ඇතුළු ව ඉන්දියාවේ බෞද්ධ උරුමය තහවුරු කිරීම සඳහා ඉඩම් මිල දී ගනිමින් බෞද්ධ සිද්ධස්ථාන ගොඩනැගීම සිදු කළා. බුද්ධගයාව හැරුණු විට කල්කටාව ඇතුළු නගර කිහිපයක ම ඉඩම් මිල දී ගැනීම සිදු කරන ලද අතර ඒ සඳහා ශ‍‍්‍රී ලංකාවේ මෙන් ම ජාත්‍යන්තරයේ ද බෞද්ධයන්ගෙන් ආධාර ලබාගත්තා. එසේ ලබාගත් ආධාරවලින් කල්කටාවේ විශාලතම ඉඩමක අයිතිය බෞද්ධයන් වෙත ලබාදීමට එදා එතුමා සමත් වුණා.

එහෙත් විජයවර්ධන පරපුරේ එදා සිටියවුන් නොයෙක් ආකාරයෙන් අපහාස කරමින් ධර්මපාලතුමාගේ මෙහෙවරට බාධා කළා ඒ නිසා අවසානයේ දී එතුමා සියලූ කටයුතුවලින් ඈත් වුණා. ඉන් අනතුරු ව සිදු වූයේ කල්කටාවේ විශාලතම ඉඩමෙන් විශාලතම කොටස ආපසු ඉන්දියානුවන් විසින් ම අත්පත් කරගැනීම යි. අනෙක් ස්ථානවලට ද එබඳු ම ඉරණමක් අත් වෙමින් පවතිනවා.

අප මේ කියා සිටින්නේ අසත්‍යය හෝ තහවුරු කළ නොහැකි අන්දමේ කරුණු දක්වමින් කාට හෝ ප‍්‍රහාර එල්ල කිරීමට නොවෙයි. කරුණු සහිත ව ඔප්පු කළ හැකි සත්‍ය වශයෙන් ම සිදුවන කාරණාවනුයි. මේ ප‍‍්‍රකාශ කරන්නේ අද දවසේ මහාසංඝ රත්නයේ වගකීම ඉෂ්ට කිරීමකුත් හැටියට යි.

ඒ ඓතිහාසික වරද නැවත සිදු නොවන්නට මේ රටේ ජනතාව විශේෂයෙන් ම බෞද්ධ ජනතාව දුරදක්නා නුවණින් හා වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍ය යි. මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත් කිරීමෙන් හැර මේ එළඹ තිබෙන උවදුරින් ශාසනයත් රටත් මුදවා ගන්නට ක්‍‍්‍රමයක් නෑ.

ජනවාරි අටවැනිදා සම්පූර්ණ ප‍‍්‍රතිඵල නිකුත් වීමටත් පෙර විපක්ෂ නායක වෙත සියලූ බලතල පවරා සමුගත් ජාතික නායකයාට නැවත දේශපාලනයට එන ලෙසට ආරාධනා කරමින් පන්සලෙන් පන්සලට බෝධිපූජා තබමින් ඔහු ව ශක්තිමත් කළේ මහාසංඝරත්නය ප‍‍්‍රමුඛ මේ රටේ දේශ හිතෛෂී ජනතාව යිත විශේෂයෙන් ම මහාසංඝරත්නය යි. මහා සංඝ රත්නය එසේ කළේ එසේ කිරීමේ ඓතිහාසික වගකීමක් මහාසංඝරත්නය වෙත පවතින නිසා යි.

එනිසා පෙරටත් වඩා ධාර්මික, ශක්තිමත්, ඓතිහාසික නායකත්වයක් වගේ ම රටේ ආර්ථිකය දියුණු කරන ජනතාව සිඛිත-මුදිත කරන සාධාරණ පාලකයෙක් අපි මහින්ද රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තු වෙනවා. එසේ වන බවට මේ රටේ මහාසංඝ රත්නය වශයෙන් අප ඇප වෙනවා.

දුටුගැමුණු රජතුමා යුද්ධ කළේත් සමබුද්ධ ශාසනය රැුුකගැනීම උදෙසා යි. උඩරට ගිවිසුම අත්සන් කිරීමේ ප‍‍්‍රධානතම කොන්දේසියක් වුණේ සමබුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම යි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් මේ ඓතිහාසික වගකීම පිළිගෙන තියෙනවා. මේ රට එහෙම යි. නින්දගම් දිදී පන්සල් රැකගත්තේ, සංවර්ධනය කෙරුවේ. විවිධ වරදාන දෙමින් මහාසංඝ රත්නය ආරක්ෂා කළේ. අද ඒ සියල්ල කප්පාදු කරමින් යනවා. මේ මාස කීපයට ගොඩක් දේ සිද්ද වෙලා තියෙනවා. මේ ටිකට මෙහෙම නම් මාස හැටක් කියන්නේ නැවත කථා කරන්නට දෙයක් නැති වෙන තරමට ම කාලයක්. දින සීයකින් දැනගත්ත දේවල් ගැන හිතලා අවදි වෙන්ට. අපේ රට නැතුව අළුත් රටක් මොකට ද? සම්බුද්ධ ශාසනය නැති ව අපි දරුවන්ට මොනවා ද කියලා දෙන්නේ? පක්ෂයක නමක් විතරක් ආරක්ෂා කරලා වැඩක් වෙයි ද? ඒකෙන් අපේ දරුවන්ට ලැබෙන දෙය මොකක් ද?

සිංහල බෞද්ධයාට ලැබෙන අවසාන අවස්ථාව මෙය යි. හොඳින් ම තේරුම් ගන්න, අවබෝධය වඩාත් වැදගත් වෙනවා. (දෙවැනි වතාවටත් වැරදුණොත් තුන්වැනි වතාවක් නම් ලබෙන එකක් නෑ. උතුරු)නැගෙනහිර සිදුවන දේ මාධ්‍ය මගින් ප‍‍්‍රසිද්ධ කරන්නේ නෑ. ඒ නිසා නැවත නැවතත් මේ රටේ මහාසංඝ රත්නය ඉල්ලා සිටින්නේ සියලූ ජනතාවට සහයෝගයෙන් ජීවත්වන්නට නම් සියලූ ආගම්වලට සහජීවනයෙන් කල් ගෙවන්නට නම් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පත් කළ යුතු බව යි. මහා සංඝ රත්නයේ ඉල්ලීම එය යි.

(ජාතික එකමුතුව විසින් 2015.08.06 දින නාරාහේන්පිට අභයාරාමයේ දී පවත්වන ලද ප‍‍්‍රවෘත්ති සාකච්ඡුාවේ දී ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් විසින් කරන ලද අදහස් දැක්වීමක් ඇසුරෙනි)

විජයදාස රාජපක්ෂ, අධිකරණ ඇමතිගේ දැනගැනීම පිණිස යි.

‘‘මේක සිංහල රට කියන එක කොහෙද තියෙන්නේ පෙන්නන්න’’
විජයදාස රාජපක්ෂ – අධිකරණ අමාත්‍ය හා කොළඹ දිස්ත‍‍්‍රික් අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂය
(2015.05.22 ප‍‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී කරන ලද මාධ්‍ය සාකච්ඡාව)

ත‍‍්‍රිකුණාමලය දිස්ත‍‍්‍රික්කයේ තිරියාය වටදාගෙය තියෙන ස්ථානයේ සංස්කෘත භාෂාවෙන් ලියපු සෙල්ලිපියකි‘සිංහලේන්ද‍්‍ර’’ කියන වචනය තියෙනවා. ඒකේ තේරුමි‘සිංහලයේ රජ’’ කියන එක යි. තවත් සංස්කෘත ශිලාලේඛනයකි‘සිංහලේන්ද‍්‍ර ශිලාමේඝ මහාරාජස්‍ය ත‍‍්‍රයෝවිංශතිමේ’’ කියලා සඳහන් කරලා තියෙනවා. එතැනත් තේරුම ‘සිංහලයේ රජතුමා‘ කියන එක යි.තවත් නොයෙක් තැන්වල මේ රට සිංහලය බව තහවුරු කරලා තියෙනවා. ඉන්දියාවෙත් සෙල්ලිපිවල මේ රට සිංහලය වශයෙන් සඳහන් කර තියෙනවා.
ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි

Top