Featured

ආණ්ඩුවේ පැවැත්ම ෂුවර් නෑ- සෙයිඩ් අල් හුසේන්,සියලුම කොටි සැකකරුවන් මසකින් නිදහස්

පවතින ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් තමාටද ඇත්තේ අවිනිශ්චිතතාවක් බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු උතුරු පළාත් බෙදුම්වාදීන් හමුවේ අවධාරණය කර තිබේ. උතුරු පළාත් බෙදුම්වාදී ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ තවත් නියෝජිතයන් පිරිසක් සමග පැවති සාකච්ඡා වකදි මේ බව අවධාරණය කල බව දෙමළ ජාතික සන්ධානයට එරෙහිව පිහිටුවාගෙන ඇති දෙමළ ජනතා සංසදය අනාවරණය කළා.

ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනපති සහ අගමැතිවරයා සමග ඇතිකරගත් එකඟතාවයන් මේ වනවිට ඉටුකිරිමට ඇලිමැලි කමක් දක්වන බව බෙදුම්වාදී නියෝජිතයන් පෙන්වා දි තිබේ.

එවිට එම ගැටලුවට පිළිතුරු දෙමින් සෙයිඩ් අල් හුසේන් කුමරු පවසා ඇත්තේ තමන් වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් සමග කල ගණුදෙනු කිරිම් වලදි තමන්ටද ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවු බවයි.

බන්ධනාගාර ගතව සිටින කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස රජයට උපදෙස් දෙන ලෙස උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් අල් හුසේන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ නඩු විභාග වලින් පසුව ඉදිරි මාසයක කාලය තුල සියලුම දෙනා නිදහස් කිරිමට තමන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර මෙරට දෙදින නිල සංචාරයක නිරත වන එක්සත් ජතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සයිඞ් අල් හුසේන් අද දිනයේ උතුරු පළාතේ සංචාරයක නිරත වන අතර මේ හේතුව නිසා ඔහුගේ ගමන් මාර්ගය වැටී ඇති උතුරු පළාතේ හමුදා කඳවුරුවල සිටින සියළු සෙබළුන්ට දන්වා ඇත්තේ දිනය පුරා කඳවුරුවලට වී සිටින ලෙසයි. කඳවරු තුල වුවද හමුදා නිල ඇඳුම් සහිතව නොයන ලෙසද දන්වා තිබේ.

මහ කොමසාරිස්වරයා වෙනුවෙන් යොදා ඇති ආරක්‍ෂක භටයින්ට පමණක් හමුදා නිල ඇඳුමින් සිටීමට ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර තිබේ.

Top