Featured

ආණ්ඩුව රකින්න තවත් ඇමතිවරු

ආණ්‌ඩුවට එරෙහිව ලබන 17 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී ඒකාබද්ධ විපක්‍ෂය අඩපණ කිරිමටත් රටේ ජනතාව ආණ්ඩුවට දක්වන දැඩි අප්‍රසාදය හමුවේ ආණ්ඩුව රැක ගැනිමට ඇමතිකම් ඔනෑ තරමක් ලබාදිමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟතාවයක් ඇති කරගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගියදා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ඇතුලු රනිල් පිළේ ඉතාවමත් විශ්වාසවන්තයින් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තින්දුව ගෙන තිබේ.ඒ අනුව ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීන් 5 දෙනෙකු නියෝජ්‍ය ඇමතිවරු ලෙසට දිවුරුම් දීමට නියමිතයි.

මෙම 5දෙනා එජාපයෙන් දෙදෙනෙකු හා ශ්‍රීලනිපයෙන් තිදෙනකු ලෙස දිවුරුම් දිමට එකඟතාව පලකර ඇති අතර එය ඔනෑම අවස්ථාවක වෙනස් කිරිමටද දේපාර්ශවය එකග වි තිබේ.

මේ අතර ආකාර කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ දීමනා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. කථානායකවරයාගේ සභාපතීත්වයෙන් යුත් ගෘහ කරක සභාව ගනු ලැබූතීරණයකට අනුව දැනට නිල නිවාස නොමැති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා රුපියල් 50,000 ක දීමනාවක්ද , කාර්යාල පවත්වා ගැනීමට රුපියල් 75,000 කුත් ලබා දීමට තීරණය කර තිබෙනවා,

එසේම පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනයන්හි කරක සභා රැස්වීම් වලට සහභාගීවන මන්ත්‍රීන්ට දීමනාවක් ලබා දීමටත් දුරකථන ගාස්තු සඳහා ලබා දෙන දීමනාව වැඩි කිරීමටත් සලකා බලන බවයි එම කාරක සභාව පවසා සිටින්නේ.

Top