Featured

ආර්ථිකය අනාතයි,ජනතාව එකාමෙන් නැගී සිටිය යුතුය-මහින්ද රාජපක්ෂ

මැයි දිනයෙන් පසු බලාත්මක වෙන අසාධාරණ බදු වැඩිකිරීම්

රජයකට බදු නැතිව පවතින්න බැරි බව අපි කවුරුත් දනිමු. ආණ්ඩුවකට තම කාර්යභාර්යයන් ඉටු කිරීමට ආදායමක් තිබිය යුතු නිසා ධනවතුන්ගේ ආදායම් මත මෙන්ම සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන ආහාරපාන, ඉන්ධන, විදුලි සංදේශ සේවා, වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මතත් බදු අය කරනු ලැබේ. බදුඅය නොකරන රටක් ලෝකයේ නැත. නමුත් ආණ්ඩුව බදු පණවද්දී එය සාධාරණ පදනමක් මතසිදු කළ යුතුය. 2016 මැයි දෙවන දා සිට ක්‍රියාත්මක වීමට යන බදු වැඩිකිරීම් කොතරම් සාධාරණද කියා අපි විමසා බැලිය යතුයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු අපේ රටට ආනයනය කරන සියළුම භාණ්ඩවල ජාත්‍යන්තර මිල විශාල වශයෙන් අඩු විය. 2014දී බොර තෙල් බැරලයක මිල ඩොලර් 96 ක් වූ අතර අද එය ඩොලර් 40කි. 2014 අවසන් වන විට තිරිඟු ටොන් එකක් ඇමරිකානු ඩොලර් 230 ක් වූ අතර අද එය ඩොලර් 165කි. 2013/2014 වසර වලදී ඩොලර් 5000කට වැඩි වූ කිරිපිටි ටොන් එකක් අද ඩොලර් 2000ට වැටී තිබේ. 2014 දී සීනි ටොන් එකක් ඩොලර් 414 ක් වූ අතර අද එය ඩොලර් 334ක් වේ. 2014 දී ඩොලර් 300ක් වූ වානේ ටොන් එකක් අද ඩොලර් 90කි. 2014දී යූරියා පොහොර  ටොන් එකක්  ඩොලර් 325 ක් වූ අතර අද එහි මිල ඩොලර් 200කි.

2006 සිට 2014 දක්වා මගේ පාලන සමය තුළ මේ සියළුම භාණ්ඩවල ජාත්‍යන්තර මිල ඉහල මට්ටමක පැවතුනි. 2011/2013 අතර බොරතෙල් බැරලයක මිල දිගටම ඩොලර් 105කට වඩා වැඩි විය. බොරතෙල් මිල ඩොලර් 100ට වඩා අඩු වූයේ 2014 සැප්තැම්බර් මාසයෙන් පසුවය. 2008 දී යූරියා පොහොර ටොන් එකක මිල ඩොලර් 750 ක් දක්වා ඉහල ගියේය. 2011 සිට 2013 දක්වා කාලයේදී යූරියා මිල දිගටම ඩොලර් 500කට වඩා වැඩිවිය. 2008 වානේ මිල ටොන් එකක්  ඩොලර් 1,265 දක්වා වැඩි වී 2013 දක්වාම එය ඩොලර් 500ට වඩා අඩු වූයේ නැත.  2008 තිරිඟු ටොන් එකක් ඩොලර් 440 ක් දක්වා වැඩි වූ අතර 2011 සීනි ටොන් එකක් ඩොලර් 655 දක්වා වැඩි විය. මගේ පාලන සමය තුළ දිගටම තිරිඟු හා සීනි මිල ඉහල මට්ටමක පැවතුනි.

පසුගිය වසර තුළ අපි ආනයනය කරන සියළුම භාණ්ඩවල ජාත්‍යන්තර මිල අඩුවූ නිසා ලංකාවේ මිල ගණන්ද සැලකිය යුතු මට්ටමකින් පහල බැසිය යුතුව තිබුණි. 2015 ජනවාරි මාසයේදී අලුත් ආණ්ඩුව පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 150 සිට 117 දක්වාත් ඩීසල් ලීටරයක් රුපියල්111 සිට 95 දක්වාත් අඩු කළේය.නමුත් ඊට පසුවත් බොරතෙල් මිල දිගින් දිගටම අඩු වූවත් ඒ වාසිය පාරිභෝගිකයාට ලබා දී නැත. අද බොරතෙල් මිල අනුව බලනවිට සියළුම ආණ්ඩුවේ බදු අයකිරීමෙන් පසුත් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 80කට වඩා අඩුවිය යුතු අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 50 කට වඩා අඩුවිය යුතුය.

කලින් දක්වපු ආකාරයට 2014ට සාපේක්‍ෂව අද ජාත්‍යන්තර සීනි මිල අඩු වී තිබුණත් එහි වාසියත් පාරිභෝගිකයාට ලබා දී නැත. 2015 ජනවාරියේ දී පළමු යහපාලන අයවැයෙන් පාරිභෝගිකයාට සහන දෙනවා යැයි කියමින් සීනි ආනයන බද්ද කිලෝවකට රුපියල් 18 දක්වා අඩුකරන ලදී. නමුත් 2015 සැප්තැම්බරයේ දී එය රුපියල් 30 දක්වා වැඩි විය. එම නිසා ලෝක සිනි මිල අඩු වුවත් මෙහේ සීනි මිල අඩු වූයේ නැත. මම බලයේ සිටි කාලයට වඩා කිරිපිටි වල ජාත්‍යන්තර මිල 60% කින් පමණ අඩු වී තිබේ. 2016 යහපාලන අයවැයෙන් ග්‍රෑම් 400 ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 295 ක් හැටියට නියම කළේය. ඒ අනුව ලංකාව තුළ කිරිපිටි ටොන් එකක සිල්ලර මිල රුපියල් 737,500ක් වේ. නමුත් ලෝක වෙළඳ පොලේ කිරිපිටි ටොන් එකක මිල  රුපියල් 290,000ක් වැනි ගනණකි. නැව් ගත කිරීමට හා ඇසුරුම් කිරීමට යන සුළු වියදම හැරුණු කොට සෙසු සියළුම මුදල් ආණ්ඩුවේ බදු හා ආනයන කරුවන්ගේ ලාභය වේ.

පසුගිය මාසයේ ආනයන බදු වැඩි කිරීම නිසා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.20 කින් වැඩි විය. නමුත් මම බලයේ සිටි කාලයට වඩා අද වන විට ලෝක තිරිඟු මිල 40%කින් පමණ අඩු වී ඇත. කිරිපිටි, සීනි වැනි භාණ්ඩ සම්බන්ධයෙන් වැඩියෙන් ආනයන බදු අය කරන්නේ දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීමට බව ආණ්ඩුව කීමට ඉඩ තිබේ. නමුත් ආනයන බද්ද වැඩි කිරීමෙන් පමණක් දේශීය නිෂ්පාදනය වැඩි වෙන්නෙ නැත. ආනයනය වෙනුවට දේශිය නිෂ්පාදනය වැඩි කිරීමට නම්, ඒ සඳහා නිෂ්පාදන ඉලක්ක හා ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක්ද සහිත වැඩපිළිවෙලක් තිබිය යුතුය.  මේ ආණ්ඩුවට ඒ ආකාරයේ විධිමත් ආනයන ආදේශන වැඩපිළිවෙලක් නැත. ආනයන බදු වැඩිකිරීමෙන් ඒ අය බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවට ආදායමක් ලබා ගැනීම පමණි.

ලෝක භාණ්ඩ මිල ගණන් අඩුවීමේ වාසිය මේ ආකාරයට උපරිම ලෙස භුක්ති විදින අතරම ආණ්ඩුව තවත් ආදායම් ඉපයීම සඳහා වැට් බද්ද 11% සිට 15% දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම මෙතෙක් වැට් බද්ද අය නොකරපු විදුලි සංදේශ, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර වලටත් එය පණවනු ඇත. මෙයින් සිද්ද වෙන්නේ දැනට වැට් බද්දට යටත් භාණ්ඩ වල මිල 4%කින් වැඩි වන අතර මෙතෙක් වැට් බද්දට යටත් නොවු දුරකථන හා අන්තර්ජාල සේවා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගාස්තු, වෛද්‍ය රාසායනාගාර ගාස්තු, පුද්ගලික රෝහල් ගාස්තු, පෙර පාසලේ සිට තෘතීය මට්ටම දක්වා අධ්‍යාපන ගාස්තු, උපකාරක පන්ති ගාස්තු වැනි සේවාවන්වල මිල එක්වරම 15 % කින් වැඩිවීමයි. මේ සේවාවන් පාවිච්චි කරන්නේ ධනවත් අය පමණක් නොවේ. වැට් බද්ද වැඩි කිරීමට හා පුළුල් කිරිමට අමතරව, 2% ක ජාතිය ගොඩනැගීමේ බද්ද විදුලි සංදේශ හා විදුලිබල ක්‍ෂේත්‍ර වලටත් පුළුල් වෙනවා. වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද යන දෙකම බලපාන නිසා මැයි 02 වන දා සිට වැඩියෙන්ම මිල ඉහල යන්නෙ දුරකථන හා අන්තර්ජාල සේවාවන්වල මිලයි. සියළුම විදුලි පාරිභෝගිකයන්ගෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද අය කිරීමෙන් ආණ්ඩුවට ලොකු ආදායමක් ලබාගන්න පුළුවන්.

මේ ආකාරයට බදු වැඩිකිරීම ගැන ජනතාව අතරින් දැඩි විරෝධයක් මතු වූ විට ජනතාවට බරක් වන ආකාරයට බදු පනවන්න ඉඩ නොතබව බවත්, ජනතාවගේ දුක හඳුනන්නේ නැති ආර්ථික උපදේශකයන් ගෙදර යැවීමට තමන් සූදානම් බවත් ජනාධිපති වරයා කියා සිටියා. දවස් දෙක තුනකට පස්සේ යහපාලන ඇමතිවරයෙක් මාධ්‍ය හමුවක් කැඳවා ජලය, විදුලිය, බෙහෙත්, සහල්, එළවළු වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට වැට් බද්ද පනවන්නේ නැති බව කිය සිටියා. මේ ප්‍රකාශය නිසා බොහෝ අය සිතන්නේ ජනාධිපතිවරයාගේ නියමයෙන් මේ අත්‍යවශ්‍ය භාන්ඩ මත පනවන්න ගිය වැට් බද්ද අහෝසි වුණයි කියාය. නමුත් මෙතනදී සිදුවුණේ මහා ප්‍රෝඩාවක්.  ජලය, හාල්, එළවළු, විදුලිය වැනි දේවල් මත කොහොමටත් වැට් බද්දක් තිබුණේ නැත. වැට් බද්ද අය නොකරන භාණ්ඩ වල නම් කියා ඒවා මේ ආණ්ඩුව විසින් බද්දෙන් නිදහස් කරපු ආකාරයට හුවා දැක්වීම මොනතරම් නරුමවාදී හා දුෂ්ඨ රැවටිල්ලක්ද? යහපාලකයන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ඉඳලම ජනතාව නොමඟහැරියේ මේ ආකාරයටමය.

විදුලි සැපයුම මත වැට් බද්දක් නැතිවූවාට ජාතිය ගොඩනැගීමේ බද්ද එයට ආදල වේ. මාසයකට ලක්‍ෂ 10 කට වඩා වෙළඳාමක් තියෙන සියළුම සිල්ලර කඩවලිනුත් මේ වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද අය කෙරෙන නිසා පොදුවේ ජීවන වියදමේ වැඩිවීමක් ඉදිරි කාලයේ දී සිදුවෙනු ඇත.

මේ ආණ්ඩුව ඡන්ද දිනා ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී නොයෙක් වගකීම් විරහිත පොරොන්දු දුන්නේය. ජනාධිපතිවරණය දිනාගත්තට පස්සේ ඊළගට එන පාර්ලිමේන්තු මැතිවරණය දිනීම සඳහා ඒ දීපු පොරොන්දු වලින් කොටසක් හෝ ඉටු කිරීමට ආණ්ඩුවට සිද්ද විය. ඡන්ද දිනීමට දීපු වැටුප් වැඩිකිරීම් හා වෙනත් සහන වලට මුදල් සොයාගැනීමට මේ ආණ්ඩුව බලයට ආ දා සිට විදේශීය හා දේශීය වශයෙන් විශාල ණය ගත්තේය. 2015 ජනවාරියේ සිට අද දක්වා මේ ආණ්ඩුව ඩොලර් මිලියන 7,436ක විදෙස් ණය අරගෙන තිබෙන බව මම මීට කලිනුත් ප්‍රකාශ කළෙමි. මෙයින් අඩක් පමණ එනම් ඩොලර් මිලියන 3,298ක් මේ අවුරුද්ද ඉවර වෙන්න කළින් ආපසු ගෙවීමට සිදුවේ. ඒ විදේශීය ණය වලට අමතරව ආණ්ඩුව දේශීය වශයෙන්ද රුපියල් බිලියන සිය ගණනක් භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් නිකුත් කිරීමෙන් ලබාගෙන තිබේ. දැන් ආණ්ඩුව මේ ණය ගෙවන්න මහජනතාවගෙන් මුදල් එකතු කිරීමට බදු වැඩිකරමින් සිටි.

මගේ ආණ්ඩුව ගත්ත ණය ගෙවන්න මේ ආකාරයට ණය ගන්න වෙලා තිබෙන බව ආණ්ඩුව කීවද එය සම්පූර්ණ මුසාවකි. රටක ණය බර මනිනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියටය. 1977 බණ්ඩාරණායක මැතිනියගේ පාලන සමය අවසන් වූයේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂව 68.6%ක ණයබරක් ඇතුවය. 1994 දී යූ.එන්.පී ආණ්ඩුව පරදින විට මෙය 95.1% දක්වා වැඩි වී තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 2001දී යූ.එන්.පීයට පරදිනකොට දළ ජාතික නිෂ්පාදනයට සාපේක්‍ෂව රටේ ණය බර 103.5 % දක්වා වැඩි වී තිබුණි. 2004 යූ.එන්.පීය නැවතත් පරදිනකොට ණය ප්‍රතිශතය තවමත් 102.3 %ක අගයක පැවතුනි. 2005 දී මම ජනාධිපති වන විට ණය ප්‍රතිශතය 90.6 %ක් විය. 2015 ජනවාරී මාසයේ දී මම රටට ඉතුරු කර ගියේ 75.5%ක ණය ප්‍රතිශතයක් පමණයි.  1979 වසරෙන් පසුව තිබුණු අඩුම ණය බර මෙය වේ. මේ රටේ සියළුම පොදු ව්‍යාපාර වල ණයත් ආණ්ඩුවේ ණය හැටියට ගණන් බැලුවද මාගේ පාලනයෙන් පසු ඉතිරි වූ ණය ප්‍රතිශතය මිට අවුරුදු 25 කට 30 කට කලින් පැවති ණය බර ප්‍රතිශතයට වඩා අඩුය.

වැටුප් වැඩිකර තිබෙන නිසා ජනතාවට අලුතින් පනවන බදු ගෙවීමේ ප්‍රශ්නයක් නැතැයි ආණ්ඩුවේ ඇමතිවරු කියනු අපට ඇසේ. නමුත් වැටුප් වැඩි වූයේ වැඩකරන ජනතාවගෙන් 15% ක් පමණක් වන රජයේ සේවකයන්ට පමණයි. පුද්ගලික අංශයේ හෝ  ස්වයං රැකියා වල නියුතු 85%ක බහුතරයේ ආදායම් වැඩි වී නැත. එපමණක්ද නොව ආර්ථිකය බිඳ වැටීම නිසා මේ 85%හේ ආදායම් හා රැකියා අවස්ථා අඩුවී ඇත.

ආණ්ඩුව බදු වැඩි කිරීමට යන්නේ ඔවුන් ඡන්ද දිනා ගැනීමට ජනතාවට දුන් පොරොන්දු ඉටු කර පවත්වාගෙන යෑමට මුදල් නැති නිසාය. බටහිර රටවලින් මේ සඳහා විශාල වශයෙන් ආධාර ලැබේවි යැයි යහපාලකයෝ සිතාගෙන සිටියත් ඒ මුදල් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක ඡන්ද පොරොන්දු ඉටු කරන්න මොනම රටකින්වත් ආධාර දෙන්නේ නැත. දැන් තමන්ගේ දේශපාලන පැවැත්ම බලය ලබා ගැනීම සඳහා තමන් විසින්ම රවටා නොමඟහරිනු ලැබූ  ජනතාවගෙන්ම අය කරන මුදල් වලින් තහවුරු කරගැනීමට මොවුන් උත්සාහ කරමින් සිටි. මේ වනාහි ප්‍රෝඩාවෙන් බලය ලබා ගෙන ප්‍රෝඩාවෙන්ම පවත්වාගෙන යන මේ ආණ්ඩුව මෙතෙක් සිදුකල නරුමවාදීම උප්පරවැට්ටියයි. මේ බදු වැඩිකිරීම් වලට එරෙහිව ජනතාව එකාමෙන් නැගී සිටිය යුත්තේ ඒ නිසාය.

මහින්ද රාජපක්‍ෂ

හිටපු ජනාධිපති

MEDIA RELEASE

 

The unreasonable tax increases to be enforced after May Day

 

No state can exist without taxes. A government needs revenue to carry out its functions and taxes are charged not only on the incomes of the rich but on goods and services used by the general population as well. Even essential items such as fuel, telecommunications, electricity and food are often targeted for taxation because such goods and services will be bought regardless of the price and therefore guarantees revenue. However, taxes have to be justifiable and reasonable. It is in that light that we should examine the tax increases that are to come into effect from 2 May 2016.

The international prices of virtually everything that we import declined after this government came into power in January last year. In 2014 the average price of crude oil was 96 USD per barrel. Today it’s around 40 USD. Wheat which cost 230 USD per tonne towards the end of  2014 is now around 165 USD. Milk powder which was over 5000 USD per tonne in 2013/14 is now around 2000 USD. Sugar which was 414 USD per tonne in 2014 is now 334 USD.  Steel which was 300 USD per tonne in 2014 is now around 90 USD or less. Urea fertiliser which cost 325 USD per tonne in 2014, is around 200 USD today.

During my tenure in office from 2006 to 2014, the international prices of all these commodities were much higher. Between 2011 and 2013 crude oil was consistently above 105 USD per barrel and went below 100 USD only after September 2014. The price of urea fertiliser reached 750 USD per tonne in 2008 and remained above 500 USD throughout 2011-2013. Steel reached a high of 1,265 USD in 2008 and until 2013, was always over 500 USD per tonne. Wheat went up to 440 USD per tonne in 2008 and sugar reached a high of 655 USD per MT in 2011 and the prices of both commodities remained high throughout my tenure in office.

Given the declines in the international prices of all commodities that took place last year, prices in Sri Lanka should have gone down significantly. In January 2015, the price of petrol was reduced from Rs. 150 to 117 and diesel from Rs. 111 to 95 in keeping with the reduction in the global price of crude oil up to that time. However though oil prices continued to decline further, the benefit of that has not been passed on to consumers. Going by the price of crude oil, petrol should now be less than Rs. 80 and diesel less than Rs. 50 per litre even after all the usual government taxes.

Though international sugar prices have declined since 2014, the government has not passed the benefit on to the consumer. The import levy on sugar was reduced to Rs. 18 with much fanfare in January 2015. But in September 2015, it was increased to Rs. 30. The international price of milk powder has declined by as much as 60% since I was in office. The yahapalana budget for 2016 fixed the price of a 400 gram packet of milk powder at Rs. 295 which means that the retail value of a tonne of milk powder in Sri Lanka is Rs. 737,500 when the world market price is something like Rs. 290,000. Leaving aside a small amount for shipping and packing, the difference is what the government takes as taxes and importers get as profits.

Just last month the price of wheat flour went up by Rs.7.20 per kilo due to an increase in the import levy in a context where the world market price of a tonne of wheat has declined by about 40% since I was in office. In the case of items like milk powder and sugar, the government may claim that higher import levies were being charged to encourage local production. However, merely increasing the import levy is not going to increase local production. Import substitution needs a programme of action with targets to achieve and good publicity to obtain maximum public support. The present government has no such import substitution programme. All they seek from higher import levies is increased revenue.

While benefitting thus from lower global commodity prices, the government is now trying to increase the VAT rate from 11% to 15% and widen its applicability to hitherto exempt sectors like telecommunications, health and education. This will cause a 4% increase in the prices of goods on which VAT is already being charged and a sudden 15% increase in the costs of telephone and internet services, medical specialist channeling services, medical tests, private hospital care, private education from nursery school to tertiary level as well as private tuition classes. The applicability of the 2% Nation Building Tax has been extended to telecommunications and electricity as well. Telephone and internet services will see the highest price increases as it will be hit by the VAT as well as the NBT. The NBT on electricity will bring in huge revenues because it will be charged from all users of electricity.

As resentment built up against the impending tax increases the president tried to pacify the public by saying he would rather send the economic advisors of the government home, than have burdensome taxes imposed on the people. Two or three days later, a yahapalana minister called a press conference and announced that VAT would not apply to essential items like water, electricity, pharmaceuticals, rice and vegetables etc. These were items on which VAT had never been charged anyway. But the impression conveyed to the public was that these items had been exempted from VAT by the president to provide relief to the poor! That is the kind of cynical deception that the yahapalana government has been practicing on the people from the very beginning. Electricity may be exempt from VAT but not from the NBT. There will be an all round increase in the cost of living as both VAT and NBT will be charged even from retail businesses with a turnover of more than one million a month.

This government made irresponsible promises at the presidential election in order to win votes. After winning, they had to fulfill at least some of their election pledges if they were to win the parliamentary election. For more than a year now the government has been borrowing heavily in the foreign as well as domestic markets to pay for the salary increases and various handouts they gave to win elections. I have pointed out earlier that after January 2015, the government has taken 7,436 million USD in foreign loans, nearly half of which (3,298 million USD) has to be paid back before the end of this year. That is apart from the hundreds of billions of Rupees the government has been borrowing in the domestic market by issuing treasury bills and bonds. Now the government is trying to collect taxes from the people to repay these debts.

Though the government has been saying that they have had to borrow heavily to pay off the debts taken by my government, that is not true. In 1977, Mrs. Bandaranaike left behind a debt to GDP ratio of 68.6%. When the UNP was voted out in 1994, this had increased to 95.1%. When President Kumaratunga lost to the UNP in 2001, the debt to GDP ratio was 103.3%. It was still 102.3% when the UNP was voted out in 2004. When I assumed office in 2005, it had declined to 90.6%. By the time I left office in January 2015, the debt to GDP ratio was 75.5% – the lowest since 1979. Even if the debt of all public enterprises is added to the government debt, the debt to GDP ratio will still be much lower than it was more than a quarter of a century ago.

Some ministers have been saying that people can afford to pay the extra taxes because salaries had been increased. However only government servants who make up 15% of the employed population got a salary increase while the remaining 85% who are either in the private sector or self employed, have not seen an increase in their income. On the contrary, they are grappling with reduced incomes and employment opportunities due to the economic downturn. The government is going to increase taxes because there is no money to continue implementing the reckless pledges they made to the voting public to win power. They actually expected vast amounts of Western aid to flow in to sustain their government. But no country gives aid to fulfill election pledges. The yahapalana government is now trying to find the money for their political survival through increased taxes on the very people they deceived in order to win power. This is another cynical trick on the part of a government that won power through, and is sustained by deception. This is why the people should rise up as one against the impending tax increases.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

 

Top