Featured

ආසන 117ක් සහිතව මහින්ද අගමැති වෙනවා-තානාපති කාර්යාලය තහවුරු කරයි

තානාපති කාර්යාලයක් සමග නිල නොවන මට්ටමෙන් එකතුවී, පසුගිය සති කිහිපයක් තුල සිදුකරන ලද සමීක්‍ෂණ වාර්තා අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට මෙවර මැතිවරණයේ දිස්‌ත්‍රික්‌ක 22 න් 14 ක බලය හිමිවන බව හිටපු තනාපති උදයාංග වීරතුංග වන මා විශ්ලේෂණ කණ්ඩායමේ මූලිකයා ලෙස මෙම කරුණු ඉදිරිපත් කරමි. එක්‌සත් ජාතික පක්‍ෂයට මෙවර මැතිවරණ දිස්‌ත්‍රික්‌ක හතරක්, දෙමළ ජාතික සන්ධානයට මැතිවරණ දිස්‌ත්‍රික්‌ක හතරක්‌ ලැබෙයි. 15වන ශ්‍රීලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා තෝරා පත්කර ගතයුතු මන්ත්‍රීන් සංඛ්‍යාව 196කි. ජාතික ලැයිස්තුවෙන් පත්කරණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 29කි, මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225කි. අප කණ්‌ඩාය‌ම කරනලද දත්ත විශ්ලේෂණයට අනුව සන්ධානය මන්ත්‍රී ආසන 117ක්‌ ස්ථිරව වශයෙන් ලබාගෙන, 2015 අගෝස්තු 17වැනිදා පවත්වෙන 15වන පාර්ලිමේන්තු මැතිවරණයේන් ජයග්‍රහණය ලබන බව මෙම සමීක්ෂණ අනුව සනාථ වන්නේය.

තවද පසුගිය පාර්ලි‌‌මේන්තු මැතිවරණ 5ක ප්‍රතිපලයන්හි දත්තයන් අප විශ්ලේෂණ ලක්කරන ලදී. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්දය පාවිච්චි කිරීම 2015 ජනාදිපති මැතිවරණයට කැඩපතක් වන අයුරින් යම් කරුණු උපයෝගී කරගත්විට, ආසන මට්ට්මේන් අපේක්ෂකයාගේ මැතිවරණ මෙහෙයුම මත තම පක්ෂයට ජන්ද ප්‍රමාණය රැස්කරණ අයුරු වැඩි වශෙයන් විශ්ලේෂණය කර, අප මෙම වාර්තාව ඔබට ඉදිරිපත් කරමු. මෙහිදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්ෂිකයන්ගේ මනාප පොරයේ උනන්දුවක් නිසා ජනාදිපති මැතිවරණයේ ලබා ගත් ජන්ද ප්‍රමාණයෙන් 92% අසන්න ප්‍රමානයක් මෙවරද ලබා ගන්නා බව පෙන්නුම් කරයි. නමුත් හංසයා ලකුණට ලැබුණු ජන්ද ප්‍රමාණයෙන් 72% වැඩි ප්‍රමාණයක් කිසිසේත් එක්‌සත් ජාතික පක්‍ෂයට ලබාගත නෙහැකි බව දත්ත අනුව පෙනීයන්නේය. ඒ අනුව සමස්ථයක් ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන 48% – 50% අතරද, එක්‌සත් ජාතික පක්‍ෂය 38% – 40% අතරද, අනිකුත් සියලු සෙසු පක්ෂ එකතුව 12% – 14% අතර බව පෙන්වා දෙමි. මෙහිදී අප අනුමානය කරන්නේ මෙවර මැතිවරණයේදී සමස්තයක් ලෙස ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 73% – 75% අතරවන බවයි.

10වන පාර්ලිමේන්තු මැතිවරණය 1994 අගෝස්තු මස මහ මැතිවරණයේ ප්‍රතිඵල වුයේ පොදුජන එක්සත් පෙරමුණ ආසන 105ක්, එජාපය ආසන 94ක්, මුස්ලීම් කොන්ග්‍රසය ආසන 7ක්, ද්‍රවිඩ සන්ධානය ආසන 5ක්, සෙසු පක්ෂ සඳහා ආසන 14ක් ලබා ගන්නා ලදී.

11වන පාර්ලිමේන්තු මැතිවරණය වසර 2000 ඔක්තෝබර් 10 පැවති මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණට ආසන 107ක්, එජාපයට ආසන 89ක්, ජවිපෙට ආසන 10ක්, ජාතික සමගි පෙරමුණට ආසන 4ක්, ද්‍රවිඩ සන්ධානයට ආසන 5ක්, ඊ.පී.ඩී.පීයට ආසන 4ක්, සිහළ උරුමයට ආසන 1ක් අත්පත් කරගන්නේය.
12වැනි පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 5වැනිදා පැවැත්වූ අතර ඉන් එජාපය ආසන 109ක්ද, පොදුජන එක්සත් පෙරමුණ ආසන 77ක්, ජවිපෙ ආසන 16, ද්‍රවිඩ සන්ධානය ආසන 15ක්ද, මුස්ලීම් කොන්ග්‍රසය ආසන 5ක්ද ලබා ගනු ලැබීය.

13වන පාර්ලිමේන්තු මැතිවරණය 2004 අප්‍රේල් 2වැනිදා පැවති අතර ශ්‍රිලනිප ප්‍රමුඛ සන්ධානය ආසන 105ක්, එජාපයට ආසන 82ක්, හෙළ උරුමයට ආසන 9ක්, මුස්ලීම් කොන්ග්‍රසයට ආසන 5ක්, ද්‍රවිඩ සන්ධානයට ආසන 22ක්ද හිමිවිය.

14වන පාර්ලිමේන්තු මැතිවරණය 2010 අප්‍රේල් 8 වැනිදා පැවති අතර ඉන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 144, එජාපය ආසන 60, ද්‍රවිඩ සන්ධානය 14 සහ ජවිපෙ ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ආසන 7කි.
15 වන පාර්ලිමේන්තු මැතිවරණය, ලබන අගෝස්තු 18 උදෑසන වන විට නිකුත්කරන ප්‍රතිඵලය ලෙස අපගේ දත්තයන් විශ්ලේෂණට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය 48.2% ලබාගෙන ආසන 117ක්ලබා ජයග්‍රහණය කරන අතර එක්‌සත් ජාතික පක්‍ෂය 38.9% ලබාගෙන ආසන 79 හිමිකරගන්නේය. සමස්ථයක් ලෙස තුන්වෙනි පාර්ශ්වය 12.8% පොදුවේ ලබාගන්නේය. ඒඅනුව ජවිපෙ ආසන 8ක් සහ ද්‍රවිඩ සන්ධානය ඇතුළු සෙසු කණ්ඩායම් ආසන 21ක් ලබා ගන්නේය.

උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති

e3

Top