Featured

ඇවන්ගාඞ් ගැටුම මෛත්‍රී,රාජිත,පාඪළී කුමන්ත්‍රණයක්!

ඇවන්ගාඞ් ගැටලුව රජයේ ප්‍රමුඛ ගැටලුවක් ලෙස නිර්මාණය කලේ ඒ හරහා එක්සත් ජාතික පක්ෂයට මඩ ගසා ජාතික ආණ්ඩුව බිඳවැට්ටිමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇම්බැට්ට රැල ප්‍රසිද්ධියේම පිළිගෙන තිබේ.ඇවන්ගාඞ් ගැටලුව නිර්මාණය කිරිම පසුපස රාජිත,චම්පික,එස්.බි සහ තිලංග සිටින අතර ඉතා ඉක්මනින්ම ජාතික ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට එපා වන තැනට අර්බුද නිර්මාණය කිරිමට මෙම බත් බැලයන් කණ්ඩායමට පවරා දි තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව ඇවන්ගාඞ් ගැටලුව අල්ලා ගනිමින් රජයතුල අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය කිරිමත් ඊට සමාන්තරව එකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධකම් පවත්වා ගැනිමට කටයුතු කරන ලෙසටද මෛත්‍රී බත් බැලයන් සෙට් එකට උපදෙස් දි තිබේ.ඒ අනුව එකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයන් සමග අවස්ථා ගණනාවක සාකච්ඡා කිරිමට

ඒ අනුව ඇවන්ගාඞ් ගැටුම තවදුරටත් දිග් ගස්සමින් ඊයේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේදී ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සියළු ගිවිසුම් අහෝසි කර නාවික හමුදාවට සියල්ල පවරන්නැයි ජනාධිපතිවරයා විසින් තීරණය කල බවට කක්කුස්සි කටා හෙවත් රාජිත සේනාරත්න ප්‍රකාශය කර තිබේ.

නමුත් ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සියළු ගිවිසුම් අහෝසි කර නාවික හමුදාවට සියල්ල පවරන්නැයි ජනාධිපතිවරයා විසින් තීරණය කලේ නැතැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා මාධ්‍යට අනාවරණය කළා.ඊයේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේදී ඇවන්ගාඞ් සමාගම ගැන එසේ තීන්දු කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සහමුලින්ම අසත්‍ය යයිද ඇමතිවරයා කියා සිටී.නාවික හමුදාවට මෙම කටයුතු පවත්වාගෙන යා හැකිදැයි සොයා බලන ලෙස පමණක් ජනාධිපතිවරයා විසින් එක් අවස්ථාවක විමසූ බවද ඇමතිවරයා කියා සිටී.

චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ තමන් ඇමතිවරුන් ලෙස මෙම හමුවට සාකච්චා වූ බවත් නිලධාරීන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්, ආරක්ෂක සහකාර ලේකම්, නාවික හමුදාපති, රක්නා ලංකා සමාගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය වංචා විමර්ශන එ්කකය මෙම හමුවට සහභාගී වූ බවද ඇමතිවරයා සඳහන් කරයි.

තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුව පවත්වාගෙන යැමට තමන්ට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොමැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයකු යටතේ එජාප ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුවක් පිහි‍ටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ප්‍රබලයන් අතර රහස් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.(කියවන්න – යහපාලනය “ජහපාලනය” වේ- සජිත් පිල සමග මෛත්‍රී නව ආණ්ඩුවක් හදයි!)

Top