Featured

ඉන්දියාවෙන් සල්ලි ගත් ලංකාවේ දේශපාලන බත් බැලයෝ ගැන හෙළිදරව්වක්!

වත්මන් ආණ්ඩුව බලයට ගෙන එමට වසර ගණනාවක් ලංකාවේ දේශපාලන භූමියේ විවිධ වෙනස් කම්කල කණ්ඩායම් වලට මෙන්ම අවසන් මොහොතේ පසුගිය ජනාධිපතිවරණයට සහය දක්වමින් පුළුල් වෙනසක් ඇති කිරිමට නායකත්වය දුන් කිසිදු කණ්ඩායමකට ඉන්දියානු විරෝධින් විමට කිසිදු හැකියාවක් නැති බවත් එයට මුලික හේතුව වී ඇත්තේ ජනවාරි 8 වැනිදා සිදුකල පරිවර්තනයේ සම්පූර්ණ වගකිම ඉන්දියාව සහ ජාත්‍යන්තරයට හිමි බැවින් බව ඉන්දිය මධ්‍යම රජයේ නියෝජිතයන් සහ රෝ සංවිධානයේ නියෝජිතයන් අතර සාකච්ඡාවකදි අනාවරණය කර ඇති බව ඉන්දිය අප වාර්තාකාරිනී අසෝ ඛාන් වාර්තා කරයි.

පසුගිය ජනාධිපතිවරණ කාලය දක්වාම ශ්‍රී ලංකාවේ පරිවර්තනීය වෙනස වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් සහ තාක්ෂණික වශයෙන් සහය ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයාගේ සිට සුළු දේශපාලන පක්ෂ වෙත ලබාදිමට කටයුතු කර තිබේන බවද එහිදි අනාවරණය කර තිබේ.

සීපා ගිවිසුම අත්සන් තැබිම මෙන්ම ඉන්දියාව සමග ඉදිරියේදි සිදුකිරිමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් විරුද්ධ විමට කටයුතු කරන ඉන්දිය රජයේ විවිධ වරප්‍රසාද ලබාගත් කණ්ඩායම් අනාවරණය කිරිමටද එම සාකච්ඡාවලදි තින්දුවක් ගෙන තිබේ.

Top