Featured

ඉන්දියාවේ නියෝගයට විපක්‍ෂ නායකකම ආර්.සම්බන්ධන්ට-මෛත්‍රී දෙකට නැමේ

විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත මත විපක්‍ෂ නායක තෝරා ගැනීමට ඉඩ සලසා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙනදා මෙන්ම බොරු පච හෙලමින් අභිනව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට ඉන්දියාව කල ඉල්ලිමට ඉඩ දිමට සුදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (31) විපක්ෂ නායකවරයා තෝරාගැනීම විපක්ෂය විසින් සිදු කළයුතු බවට ප්‍රකාශයක් සිදු කරන ලද්දේ ඉන්දියාවේ ඉල්ලීමට අනුව විපක්ෂනායක කම දෙමල සන්ධානයට ලැබීමට ඉඩහැරීමේ එක්පියවරක් ලෙසත් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊයේ (31) කොළඹදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන්නා

ප‍්‍රශ්නය :- විපක්‍ෂ නායක ලෙස පත් කරන්නේ කවුද?

පිළිතුර: – ‘විපක්‍ෂ නායක කවුද’ කියන එක ගැන නොවෙයි මෙතැන කතා වුණේ. අපි ඒ ඉල්ලීම කළේ (විශේෂයෙන් මම ඒ ඉල්ලීම කළා) විපක්‍ෂයේ වාඩිවන මන්ත‍්‍රීවරුන්ට ඒ අයගේ ස්වාධීන කැමැත්ත මත තමන් කැමති විපක්‍ෂනායකවරයා තෝරා ගන්න ඉඩ හදන්න කියලයි, ජනාධිපතිතුමාගේ ප‍්‍රතිචාරය වුණේ එතුමාගේ කැමැත්ත මත විපක්‍ෂ නායකවරයකු තෝරා ගැනීමේ අදහසක් නැහැ, විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත මත විපක්‍ෂ නායකවරයකු තෝරා ගන්න ඉඩ සලසන බවයි.

ප‍්‍රශ්නය :- සන්ධානයේ මන්ත‍්‍රීවරු 70ක් ආණ්ඩුවට යනවා කියනවා නේද?

පිළිතුර :- මන්ත‍්‍රීවරු සංඛ්‍යාව පිළිබඳව එතැනදී සාකච්ඡවට භාජනය වුනේ නැහැ. ආණ්ඩුපක්‍ෂයට එවැනි විශාල සංඛ්‍යාවක් යාවි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

ප‍්‍රශ්නය:- ඔබතුමන්ලා සන්ධානයේ අලූත් මහ ලේකම්වරයා සමග කටයුතු කරන්න සූදානම්ද?

පිළිතුර:- සන්ධානයේ සිදු කළ ඇතැම් පත් කිරිම් පිළිබඳවත් අපි අපගේ අදහස් එතුමාට ඉදිරිපත් කළා. සන්ධානයේ ජාතික ලැයිස්තුවට කළ පත් කිරීම්, සන්ධානයේ මහ ලේකම්වරයා පත් කිරිම ඊට ඇතුළත්. අපි අපේ අදහස් ඉදිරිපත් කළේ සන්ධානයේ නායකවරයාට. ඒවා මහ ලේකම්වරයා පිළිගන්නවාද නොපිළිගන්නවාද කියන එක එතරම් වැදගත් ප‍්‍රශ්නයක් නොවෙයි.

Top