Breaking
15 Apr 2026, Wed

ඊශ්‍රායලය සමඟ ඇති සියලුම වෙළෙඳ ගනුදෙනු අත්හිටුවීමට තුර්කියෙන් තීරණයක්

ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය තවදුරටත් මානුෂීය ව්‍යසනය උග්‍ර කරන බැවින් ඊශ්‍රායලය සමඟ ඇති සියලුම ආනයන අපනයන වෙළෙඳාම අත්හිටුවීමට තුර්කිය තීරණය කර තිබේ. තුර්කි වෙළඳ අමාත්‍යාංශය ඊයේ (2) මේ බව නිවේදනය කළේය.

තුර්කි වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් නිසා ඇති වූ මානුෂීය ව්‍යසනයන් හේතුවෙන් තුර්කිය අප්‍රේල් මස 9වැනිදා සිට පළමු අදියර ලෙස ඊශ්‍රායලයට භාණ්ඩ වර්ග 54 ක් අපනයනය කිරීම අත්හිටුවා ඇති බවයි. නමුත් ඊශ්‍රායල රජය ගාසා තීරයේ සිය මෙහෙයුම් නතර නොකළ අතර එය ප්‍රාදේශීය මානුෂීය ව්‍යසනය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී ඇත. එබැවින් තුර්කිය දෙවන අදියරේ ක්‍රියාමාර්ග දියත් කර ඇති අතර ඊශ්‍රායලය සමඟ සිදු කෙරෙන සියලුම ආනයන සහ අපනයන වෙළඳ කටයුතු අත්හිටුවීමට ඒ අනුව තීරණය කර ඇත.