Featured

ඊළාම් දිනාගන්න මංගලගෙන් බෙදුම්වාදීන්ට පාඩමක්

ෆෙඩරල් පාලනයක් සම්බන්ධයෙන් දෙමළ ජනයා තබා ඇති සිහිනය සම්පූර්ණය කරගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට සම්පුර්ණ රාජ්‍ය බලය හිමිවුවහොත් පමණක් බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රාජ්‍ය බලය හොබවන අය නිරන්තර බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ පැත්ත පමණක් ගන්නා බව යාපනයේ සංචාරයක නිරතවී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාව අතර තුර සදහන් කල බව ද්‍රවිධ ජාතික සන්ධාන නියෝජිතයෙකු අනාවරණය කර තිබේ.

යාපනයේ සංචාරයක නිරතවී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්, යාපනය මාර්ටීන් වීදියේ පිහිටි ඉලංගෙයි තමිලරසු පක්ෂ කාර්යාලයේදී පසුගියදා පවත්වා ඇති අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මාවෙයි සේනාධිරාජා, එම්.ඒ.සුමන්දිරන් සහ ඊ.සරවනබවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී ඇත.

ද්‍රවිධ ජනයාගේ එකම බලාපොරොත්තුව දෙමළ ඊළාමය මිසක ෆෙඩරල් පාලනයක් නොවන බව එහිදි සමාජිකයෙකු පෙන්වා දි ඇති අතර එවිට මංගල පවසා ඇත්තේ පළමුව ෆෙඩරල් පාලනයක් දිනා ගැනිම හරහා  පියවරෙන් පියවර ගොස් තමන්ගේ අපේක්ෂාවන් දිනා ගැනිමට දෙමළ ජනයා උපක්‍රමශීලී විය යුතු බවයි.

meet_TNA_RF

Top