Featured

ඊළාම් සිහිනය අත ලඟයි -ඉන්දියාව උතුරේ බලය අල්ලයි

ඊළාම් රාජ්‍යක් අත්පත් කර ගැනිමේ ආසන්නයටම පැමිණ සිටින අවස්ථාවක ඒ සදහා නායකත්වය දෙමින් සිටින දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් ලෙස නව පක්‍ෂයක් බිහිවිමේ අවධානමක් මතුව ඇති බවට ඉන්දිය බුද්ධි අංශ අනාවරණය හේතුවෙන් ඉන්දිය රජය උතුරු ප්‍රදේශයේ බරපතල ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත් විමක් සිදු කිරිමට තින්දුවක් ගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායකයා ඉන්දියාවට අවනතව කටයුතු කරන අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ඉන්දිය මධ්‍යම රජයේ වචනයට පිටින් කිසිවක් නොකරන බවත් යම් හෙයකින් මේ තිරණාත්මක මොහොතේ වෙනත් කණ්ඩායමක් උතුරට නායකත්වය දිමට කටයුතු කලහොත් එය ඉන්දියාවේ සිහින බිඳවැටීමක් ලෙස ඉන්දිය “රෝ” බුද්ධි අංශය සිය වාර්තාවක් මගින් පෙන්වා දි තිබේ.

කෙසේ නමුත් ඇතැම් ද්‍රවිධ ජාතික සන්ධානයට සම්බන්ධ කොටස් ඉන්දිය රජය මගහැර යුරෝපා රටවල් සමග සබඳතාවය තරකරමින් සිටින අතර ඒ හරහා ඊළාම් රාජ්‍ය දිනා ගැනිමට එම කණ්ඩායම සමත් වුවහොත් වසර 50ක පමණ කාලයක් ඉන්දියාව ශ්‍රි ලංකාවේ ඊළාම් රාජ්‍ය ගොඩනැගිමට ගත් උපක්‍රම සහ ඒ හරහා ඉන්දිය රජය බලාපොරොත්තු වු සියලු ප්‍රථිලාභයන් අහිමි විම වැලැක්විමට කිසිවෙකුටත් හැකි නොවනු ඇති බවද බුද්ධි අංශ ඉන්දිය රජයට අවධාරණය කර තිබේ.

මේ අතර මෙම අර්බුදය සමථයකට පත් කිරිමට ශ්‍රී ලංකාව සඳහා වන ඉන්දීය මහකොමසාරිස් වයි.කේ.සිංහා දින කිහිපයකට ඉහතදී යාපනයට පැමිණ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විගග්නේෂ්වරන්ව හමුවි ඇති අතර මෙම හමුවේදී දෙමළ ජාතික සන්ධානයේ සමගිය වි සිටිය යුතු බවත් එසේ නොමැති වුවහොත් ඉන්දිය මධ්‍යම රජය බරපතල ලෙස උතුරට මැදිහත් විම් සිදු කිරිම නතර නොකරනු ඇති බවද පෙන්වා දි තිබේ.

මිට අමතරව දෙමළ ජාතික සන්ධානයේ සමගිය තුලින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්වත්, දෙමළ ජාතික සන්ධානයේ නායකයාත් අතර සම්මුතියක් ඇතිකිරීම සිංහාගේ යාපනයේ සංචාරයේ අරමුණක්ද වේ.

Top