Featured

උතුරේ ජනතාව හමුදා සපත්තුවට යටකිරිමේ මෙහෙයුමක්! උතුරේ සංවර්ධන මුදල් ජනපති අනින් නතර වෙයි…

Published on: Mar 5, 2020- උතුරේ ජනතාව හමුදා පාලනයක් යටතේ පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සහ ගනිමින් සිටින බවට ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා අනාවරණය කළා.

කිලිනෝචිය කිරංචි ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් සේනාධිරාජා මහතා සදහන් කළේ උතුරු පළාතේ සිවිල් රාජ්‍ය ආයතනවලට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරිම ජනාධිපතිවරයාගේ මැදිහත් මත සිදුවන බවයි.

“පසුගිය දිනයන්හි රජය විසින් එහෙමත් නැත්තම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවකට අනුව අධ්‍යාපනයක් නොමැති තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දෙන බව පවසා සම්මුඛ පරික්ෂණ තිබුනා එහි සම්මුඛ පරික්ෂණ මෙහෙයවූවේ ආරක්ෂක අංශ සාමාජිකයින් එමගින් පෙනී යන්නේ උතුරේ සිවිල් කටයුතු වෙනුවෙන් ආරක්ෂක අංශ යොදා ගැනීමේ උත්සහයක් පිළිබඳවයි.”

“මෙරට ඉතිහාසයේ කවදාවත් නොවන අයුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවූවා පසුව උතුරේ සංවර්ධනයට මෙන්ම ජාතික ගැටලුවටද විසඳුම් සෙවීමට උත්සහ ගත්තා උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන්ද වැඩිම මුදලක් වෙන්වුනෙත් මේ කාලයේ ඒ මුදලුත් ජනාධිපතවරනයත් සමග අත්හිටුවා තිබෙනවා මේ සියලු දේ අධික්ෂණය කර මෙවර මහ මැතිවරණයෙන් ජනතාව බුද්ධිමත් තීරණයක් ගනියි කියලා අපි විශ්වාස කරනවා. “

Top