Featured

උතුරේ යලිත් හමුදා මුරපොලවල් ඇරේ…..  උතුරේ සෝදිසි මෙහෙයුම් වේගවත් කරයි… දමිළ ජනතාව මත ප්‍රචණ්ඩත්වය මුදාහැර දකුණේ ජාතිවාදීන්ට ආතල් දෙයි…

Published on: Mar 7, 2020- උතුරේ දමිළ ජනයා අතර ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා උතුරේ ජනතාවගේ ගමන් මාර්ග හරස් කරමින් මුරපොලවල් කිහිපයක් ඉදිකිරිමට කටයුතු කර තිබේන බව උතුරේ අඔඅ දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මාන්කුලම්- මුලතිව් ප්‍රධාන මාර්ගයේ මෙන්ම කොක්කිලායි ප්‍රධාන මාර්ගයේ ද මෙම හමුදා මුරපොලවල් ඉදිකර තිබේන අතර ඒ හරහ පැමිණේන සියලුම දෙනා විශේෂ මෙන්ම ප්‍රචණ්ඩකාරි අයුරින් පරික්ෂාවට ලක්වන බවයි අප වාර්තාකරු අනාවරණය කර ඇත්තේ.

නව ජනාධිපතිවරයා පත්ව මාසයක් ගතවිමට පෙර උතුරේ දමිල ජනතාව මත හමුදා ප්‍රචණ්ඩත්වය මුදා හැරිමට කටයුතු කර ඇති බවත් යාපනයේ සිට දිවයිනේ දකුණට ගමන් කරන බස් රථ සන්නද්ධ ශ්‍රී ලාංකික සොල්දාදුවන් විසින් නවතා දමා ඇති අතර ඔවුන් මගීන් බස් රථවලින් බැස බලහත්කාරයෙන් සන්තකයේ තබා ගැනිමටද කටයුතු කර තිබේ.

මාර්තු මාසය ආරම්භ විමත් සමග ශ්‍රී ලංකා හමුදාව උතුරේ සෝදිසි මෙහෙයුම් වේගවත් කිරීමට කටයුතු කර ඇති අතර බලහත්කාරයෙන් පරික්ෂා කිරිම් මෙන්ම රදවා තබා ගැනිම්ද වේගයෙන් සිදුවන බවයි උතුරේ ආරංචි මාර්ග තහවුරු කළේ.

 

Top