Featured

උදයංග වීරතුංගට “කොරෝනා ඇප”… ඇප කොන්දේසි සම්පූර්ණ නොකර ගෙදර යන හැටි… කොරෝනා වසංගතය අස්සේ රාජපක්ෂලාගේ පාදඩ දේශපාලනය..

Published on: Apr 3, 2020 – මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත්වී ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් බිලියන 07 කට අධික මුදලක් හොරා කෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි උදයංග වීරතුංග පෞද්ගලික ඇපයක් මත අද මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.

ඔහු නිදහස් කිරිමට කටයුතු කර ඇත්තේ ඇප කොන්දේසි සම්පූර්ණ නොකර වන අතර ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ලබන 24 වැනිදා දක්වා කල් ලබාදීමටද කටයුතු කර තිබේ.

රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත අමතරව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කල අතර උදයංග වීරතුංග අද අධිකරණය හමුවෙද පෙනී නොසිටි අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ලෙස වත්මන් ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ සහ එවකට රුසියානු තානාපති ලෙස ගනුදෙනුවේ අතරමැදි කාර්යභාරයක් ඉටුකළ උදයංග වීරතුංගටද සාක්ෂී සහිතව චෝදනා එල්ල වු අතර තොරතුරු අනාවරණය කල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙකු වන ලසන්ත වික්‍රමතුංග මහතාද ඝාතනයට ලක්වු අතර එම පරික්ෂණද මේ වනවිට යටපත් වි තිබේ.

බන්ධනාගාරවල තදබදය නිසා ඇප ලබාදීමට කෙරුනු ඉල්ලීම යටතේ ‘මිග්’ යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සැක පිට බන්ධනාගාරගත කර සිටි උදයංග වීරතුංගද ඇප ලබාදුන්නේ කෙසේද?

කොරෝනා වසංගත තත්ත්වය සළකා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ප්‍රතික්ෂේප කර තිබියදි ඇප කොන්දේසි සම්පූර්ණ නොකරම උදයංග ඇප ලබා ගැනිමයි.

කොරෝනා වසංගතය නිසා අධිකරණ කටයුතු අත්හිටුවාඇති තත්වයකදී බන්ධනාගාරවල අධික ලෙස සැකකරුවන් හා සුලු වැරදිවලට සිරගත කළවුන් සිටීම නිසා ඔවුන්ටද සෞඛ්‍ය ආපදා ඇති වියහැකි බැවින් නීතිඥ සංගම් හා සිවල් සංවිධාන විසින් ඉල්ලා සිටියේ අධිකරණ කටයුතුවලදී සැකකරුවන්ව ඇප දිය හැකි මට්ටමේ සිටිනවුන්ට අධිකරණ විධිවිධාන යටතේ ඇප ලබාදීමේ ක්‍රමවේදයක් සක්සකරන ලෙසය. ඒ අනුව ඇප අයැදුම්පත් 121 ක් කොළඹ මහාධිකරණ 5 කදි සලකා බැලු අතර එයින් සියයට අනුවකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකේෂ්ප වුනා.

කොරෝනා වසංගතයට මුවාවී ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන් ඇප ලබා ගැනීමට සැලසුම්සහගතව කුමන්ත්‍රණයක් දියත්කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන් අතර ඔහු කියා සිටියේ මෙම කුමන්ත්‍රණය පැරදවීමට නීතිපතිවරයාට උපරිම සහාය ලබාදීම අධිකරණයේ ප්‍රධාන වගකීම බවයි.

මෙතෙක් කිසිදු රෝගියෙකු වාර්තා වී නැති බන්ධනාගාරය, හොඳම නිරෝධායන මධ්‍යස්ථානය බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය.

නමුත් මෙම ක්‍රමය යටතේ මිග් යානා ගනුදෙනුව වැනි රුපියල් කෝටි ගණනක් වංචා කිරීමේ සිදුවීමක සැකකරුවකු මෙසේ ඇප ලැබී පිටව යාම සම්බන්ධයෙන් නීතිඥවරු සදහන් කළේ උදයංග වීරතුංග ‘කොරෝනා ඇප’ ලැබූන බවයි.

අමෙරිකානු ඩොලර් බිලියන 07 කට අධික ජනතා මුදලක් හොරකම් කිරිම වැනි සාපරාධි අපරාධයක් සිදුකල උදයංග දරුණු ගණයේ අපරාධකරුවෙකු නොවේද?

http://lankanewsnetwork.org/archives/23268

Loading…


Top