Anonymous Reporter

එක්‌නැලිගොඩ හරහා බුද්ධි අංශ පාවා දෙන්න එපා

Published on: Sep 2, 2015- ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ සිද්ධිය මුල්කර ගනිමින් මෙරට බුද්ධි අංශ පාවා නොදෙන මෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකදී රජයෙන් ඉල්ලා සිටියහ.

එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ යටතේ 2002 වසරේදී මෙවැනිම අයුරින් “මිලේනියම් සිටි” සිදුවීම හරහා බුද්ධි අංශ පාවාදුන් බවට චෝදනා කළ උන්වහන්සේ එය රටේ බුද්ධි අංශ විශාල බිඳවැටීමක්‌ මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන් විශාල පිරිසක්‌ ඝාතනය වීමට හේතුවක්‌ වූ බවත් උන්වහන්සේ සිහිපත් කළහ.

බුද්ධි අංශ හෙළි කිරීමෙන් ඉදිරියේදී ජාතික ආරක්‍ෂාව බරපතළ අනතුරකට ලක්‌වනු ඇතැයි ද කියා සිටි ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ දෙමළ බෙදුම්වාදය මුළුමනින්ම බිඳ නොවැටී ඇති පසුබිමක සහ අයි. එස්‌. ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක මෙරට බුද්ධි අංශ සතුරන් වෙත විවෘත වීම අතිශය භයානක ප්‍රතිඵල දෙන කටයුත්තක්‌ වන බව ද අවධාරණය කළහ.

[box type=”warning” ]ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර ඝාතනය කිරිමට නියෝග දුන් යහපාලන අමාත්‍ය පාඨළී චම්පික රණවක බව සාක්ෂි සහිතව ඔප්පු වි තිබියදි ඔහු සම්බන්ධයෙන් පරික්ෂණ පසෙක තබා එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිළධාරි කොටි ත්‍රස්තවාදීන් ඩයස්පොරාවට අනාවරණය කිරිමේ රහසිගත කුමන්ත්‍රණක් දියත් වෙමින් තිබේන බව වාර්තා වේ.[/box]

අනතුරු දැන්විම අගෝස්තු 31  LNW –ප්‍රගීත් පෙන්වා බුද්ධි බළකායේ නිළධාරි කොටින්ට පාවාදීම අරඹයි

Top