Featured

එජාප පරාජය බාරගනී-ලොතරැයි මණ්ඩලය,ගුවන්විදුලි සංස්ථාව,ලේක්හවුස්,තරුණසේවා සභාපතිවරු ගෙදර යයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලු රාජ්‍ය ආයතන රැසක දේශපාලන පත්වීම් ලද සභාපතිවරුන් රැසක් ඊයේ දවස තුළත් අද සෙනසුරාදා උදේවරුවේත් තම කාර්යාලවල තිබූ අවශ්‍ය ලියකියවිලි සහ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ. මෙම සිද්ධීන් වාර්තා වන ආයතන අතර ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ලේක්හවුස් ආයතනය, ජාතික චිත්‍රපට සංස්ථාව, ජාතික තරුණසේවා සභාව වැනි ආයතනද වෙයි.

මෙය සාමාන්‍යයෙන් පරාජයක් ඉවවැටීමෙන් පසු සිදුවන සිද්ධියක් නමුත් මෙහි වන යම් විශේෂත්වයක් වනුයේ ඇතැම් සභාපතිවරුන් ඇතුලු නිලධාරීන් අගෝස්තු මාසයට හිමි දීමනා ඊයේ (සිකුරාදා) දිනයේදී ලබාගැනීමය. සාමාන්‍යයෙන් මෙම දීමනා ලබාගතයුත්තේ මාසයේ විසිපස්වන දිනදීය. දැනට කාර්යාලවලින් අවශ්‍ය ලියකියවිලි සහ පෞද්ගලික බඩුබාහිරාදිය ඉවත් කරගෙන නොමැති සභාපතිවරුන් ඇතුලු නිලධාරීන් බොහෝ දෙනෙකුද මේ දීමනා ඊයේ දිනයේදී ලබාගෙන ඇත. ඇතැම් සභාපතිවරුන් සහ නිලධාරීන් ඉහත ඉවත්කර ගැනීම් සිදුකර ඇත්තේ ආයතනවල CCTV ආරක්‍ෂිත කැමරා පද්ධති අක්‍රිය කිරීමෙන් පසුවය.

Top