Featured

“ඒ ඉස්සර,මේකව අරෙස්ට් කරනවා.පාරේ ඉන්ඩ බෑ” “පලයල්ලා යන්න ” .. ගෝඨාගේ මිලිටරී රට …. ක්ෂ්ද්‍ර මුල්‍ය ණය කපනවා කී එකා හොරු රකින හැටි…

Published on: Feb 27, 2020 – කොළඹ ප්‍රදේශයේ නිතර ඇතිවන උද්ඝෝෂණ වලට විසඳුමක් ලෙස කොළඹ, ගාලුමුවදොර පිටියට යාබදව පිහිටි ස්ථානයක් “උද්ඝෝෂණ ස්ථානය” ලෙස නම් කරමින් ලබාදිමට කටයුතු කලද එය වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිමේ ව්‍යාපෘතියේම කොටසක් බව අද තහවුරු වුනා. උද්ඝෝෂණ කැමතිනම් එම ස්ථානයේ පැවැත්විම උද්ඝෝෂකයන්ගේ කැමත්ත බව ආණ්ඩුව රටේ ජනතාවට පෙන්නුවද මේ වනවිට එය මර්දනය දක්වා ගොස් අනිවාර්යයෙන් උද්ඝෝෂණ කල යුත්තේ එම ප්‍රදේශයේ බව තින්දු කලේ කවුරුන්ද?

මේ අතර අද ක්ෂ්ද්‍ර මුල්‍ය ණය (Micro Finance Loan) ජාවාරම හේතුවෙන් පීඩනයට ලක්වු ජනතාව පෙලපාලියකින් කොළඹ දුම්රිය ස්ථානයේ සිට පැමිණී අතර පසුව ඔහුන් ගෝඨාභය ජනාධිපතිවරයා දුන් පොරොන්දු ඉටුකරන ලෙස ඉල්ල සිටි අවස්ථාවේ උසස් පොලිස් නිළධාරියෙකු මර්දණය දියත් කල අයුරුයි මේ. “ඒ ඉස්සර,මේකව අරෙස්ට් කරනවා.පාරේ ඉන්ඩ බෑ” “පලයල්ලා යන්න “

ජනාධිපතිවරණය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ආර්ථිකමය බලපෑමක් සහිත පොරොන්දු රැසක් ලබා දුන් අතර එහි එක් වාක්‍යයක සදහන් වුයේ “ක්ෂුද්‍ර ණය මුළුමනින් ම කපා හැරීම” යනුවෙනි.අමතකනම් ගෝඨාභයගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම නම් වු පච ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න.

නමුත් අද සිදුවුයේ කුමක්ද?

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top