Anonymous Reporter

ඔබ රනිල් වාදියෙක් වුවත්…… (යුදඟනාවේ සටන)

අප දෙදෙනාම උපන්නේ මේ ලක්දෙරණේය. ඒනිසා අප දෙදෙනාම ලක් මෑණියන්ගේ දරැවෝය. අප දෙදෙනාගේම මෑණිවරැන්ද පියවරැන්ද ලක් මෑණියන්ගේ දරැවෝ වෙති. අප දෙදෙනාගේම මව්වරැන් අපට ලදරැ වියේදී පෙව්වේ ලක් මෑණියන්ගේ දේහය (දේශය) තුල තැන්පත්වී තිබී ඇයද උරාගත් සාරයයි. අප වැඞිහිටි වූ පසුවද පන කෙන්ද රැකගැනීමට අවශෝෂණය කලේ ලක්දෙරණේ සාරයමයි. එසේනම් අප දෙදෙනාගේම ශරීර තුල දුවන්නේ එකම ලක්මෑණියන්ගේ සාරයයි. ඔබ රනිල් වාදියෙකු හෝ මා එසේ නොවේයයි සිතා ලක්මෑණියන් අපට වෙනසක් නොකලෙහිය. ඇය අප දෙදෙනාටම පෙවේවේ ඇය කුස වූ මේ දෙරණතුල තැන්පත්වූ සාරයමයි. එසේනම් අප දෙදෙනා දෙසිතක් ඇත්තන් වූයේ ඇයි?

අපගේ අනාදිමත් ඉතිහාසයේ එකම ලේ සටන් වදිනුයේ රැහුණේ වත්මන් බුත්තල ආසන්නයේවූ යුදඟනාවේදිය. ඒ තම මවගේ අයිතියත් කුඞාකල සිට එකට වැඞුන හස්තියාගේ උරැමයත් තම එක්කුස උපන් සොහොයුරාගෙන් ඉල්ලා ඒවා නොලැබන තැන්හිදීය. අවුරැදු තහලිස්හතක් අප රටින් කොටසක් අල්ලාගෙන සිටි සොලී එළාරයා සමග සටනට අවසර ඉල්ලා එය නොලැබුන තැන්හි පියා සමඟ අමනාපවී කොත්මලයට පලායන ගැමුණු කුමරා, පියා මිය පරලොව ගිය තැන්හි නැවත රැහුණට පැමිනෙනවිට තම මලන්ඞිය වූ සද්ධාතිස්ස රජවී හමාරය. තම පිය රජතුමා අපවත්වූ බව ගැමුණු කුමරා දැනගන්නේ බොහෝ කලක්ගතවිමෙන් පසුවය. එතෙක් කලක් රාජ්‍යය හිස්ව තබාගත නොහැකිනිසා මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව සද්ධාතිස්ස රජකමට පත්වේ. තම මව් වූ විහාරමහාදේවියට ඇති අසීමිත ආදරය නිසා ගැමුණු කුමරා තම මලන්ඞියගෙන් ඇයව ඉල්ලා සිටියත් සද්ධාතිස්සයන්ද තම මවට දක්වන ආදරය ඊට දෙවනි නොවූ නිසා දෙදෙනා අතර යුධගිනි ඇවිලිමට මේ මව් සෙනෙහසම හේතුවක්වීලු. ඒ සමගම එදා කාවන්තිස්සයන් නැති සොවින් පසුවූ රැහුණේ ජනතාවද විහාරමහදේවියට දැක්වූයේ අසීමිත ආදරයකි. සුඵ සුඵ යුධ කිපයකට පසුව යුදඟනාවේදී මුනගැහෙන ගැමුණු කුමරා තම ජවසම්පන්න අසුපිටත්, සද්ධාතිස්ස කුමරා කණ්ඞුල නම්වූ හස්තිරාජයා පිටත් මුහුනට මුහුනලා සටන් කරනාවිට ගැමුණු කුමරැගේ ජවසම්පන්න අසු කණ්ඞුල හස්තියාගේ හිසට උඞින් පැන්නීමෙන් සිදුවූ ලැජ්ජාවට කණ්ඞුල තම පිටමත සිටි සද්ධාතිස්සව බිම හෙලුවේලු. අසල ඇති පන්සලකට පලාගිය සද්ධාතිස්ස පසුකලක මව්බිමට තමාතුල තිබූ අපරිමිත ආදරය නිසාම ගැමුණු කුමරා හා එක්වී එළාර සමග සටනට අවශ්‍ය ප්‍රධානතම සාධකය වූ විශාල හමුදාවකට අවශ්‍යවන බත සපයාදීමට මුඵ දිගාමඞුල්ලම එකම කෙත්යායක් කලබව සඳහන් වේ. තම පිරිවර සමඟ කෙත්යායක් අස්වද්දමින් සිටි මල්ලි බැලීමට කල්යල් බලා පැමිනි ගැමුණු කුමරා ‘දැන් ගොවිතැන් බත්කලා ඇති මලේ’ කියා ඔහුව යුද්ධය සඳහා කැදවාගෙන ගිය ස්ථානය අදත් ‘ඇතුමලේ’ ලෙස හැදින්වේ.

මව දිනාගැනීමට සටන්කල සොහොයුරෝ තම මව්බිම දිනාගැනීමට එක්වන්නේ මෙලෙසය. මෙහිදී විහාරමහ දේවිය තමදරැවන්ටත් ජනතාවටත් දේශයටත් එක හා සමානව දැක්වූ ආදරය නිසාවෙන් ඇය පසුපස පැමිනි ජනතාව මහා හමුදාවක්වී රට දුෂ්ඨ සොලී එළාරගෙන් මුදාගත් අයුරැ ඉතිහාස ගතය.

අද අප දෙදෙනා මොන මොන වාදින්වී සිටියත් ලක්මෑණියන්ගේ හඬට සවන්දීමට අපට සිදුවේ. ලක් මෑණියන්ගේ හිස කඳෙන් වෙන්කොට වම් අත කපාසිඳදමා ඇයගේ වම් ඇලයෙනුන් කොටසක් ශරීරයන් වෙන්කිරීමට උපාය මාර්ග සකසා අවසන් මොහොතකි. මෙසේ වදයට පත්කිරීමට සූදානම් කරඇති ඇය අද පූජාසනය මත බැඳ දමාය. අප දෙදෙනාටම ඇගේ සාරය පොවා ඇති දැඞිකල ඇය අද අසරණය. විහාරමහ දේවිය මෙන් රට ගැනම සිතා දිවිගැන නොසිතා සිටිනා ඇයගේ මුවද බැදතබා ඇති නිසා ඇයට විලාප නැගීමටවත් ඉඞක්නැත. ඇය නඟනා කෙදිරියක්වත් අපට නොඇසෙන්නේ අපගේ දෙසවන්ද නොයෙකුත් සම්ප්‍රලාප වලින් පුරවා ඇති හෙයිනි.

අගෝස්තු මස 17 වනදායින් පසුව ලක්දිව ඡේදනය කිරීමට වත්මන් පාලනය උතුරැ හා නැගෙනහිර බෙදුම්වාදින් සමඟ ගිවිසගෙන ඇතිබව අද සියඵදෙනාම දන්නා සත්‍යයකි. යක්‍ෂයා අවි අමෝරාගෙන ඉන්නේ ලක්මෑණියන්ව මේ වදයට භාජනය කිරීමටයි. ඇගේ ජීවය අප දෙදෙනාගේම රැධිරය තුල දුවන තාක්කල් අප දෙදෙනා ඇයව බේරාගැනීමට බැදි සිටිමු.

එසේ නම් අගෝස්තු 17 වනදා සඳුදා අපි මොන ‘වාදීන්’ වුනත් කලයුතු දේ පැහැදිලිය. එනම් රට දැය බිලිදීමට නොදී, ඡේදනය වීමටත් නොදී රටට මෑණිකෙනෙකු බඳුවූ, රටට පියකෙනෙකු බඳුවූ මීට කලිනුත් රට මරැකටින් ගලවාගත් අපේ ආදරණීය ‘අප්පච්චී’ සමඟ මේයන ගමනට එකතුවීමයි. එවිට මතු උපදින දරැ පරපුර අප දෙදෙනාටම ඔවුන් බේරාගත් අප්පච්චිලා යයි කියාවි.

ලබන 17 වනදාට එක බුලත් කොලයක් නොව බුලත් අතක්ම රැගෙන අසල්වැසි හැම වාදියෙකුම සමඟ එක්වී අපිවත් ලක්මෑණියන්වත් ආරක්‍ෂාකරන ‘අප්පච්චි’ ප්‍රමුඛ එ ජ නි සංධානය එතෙක් මෙතෙක් කිසිම ජනනායකයෙකු හෝ පක්‍ෂයක් නොලැබූ විශාල ආසන සංඛ්‍යාවකින් දිනවීම සඳහා එක්වන ලෙසටයි මේ ආරාධණා.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 අගෝස්තු මස 6 වන දා

Top