Featured

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය නටන නැටුමේ අවසානය මෛත්‍රී හිරකරන ගමන් නිදහස්කර රට සහ රණවිරැවන් ව බිලීබෑමද?

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමතිව සිටියදී වේල්ලක් ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුවක් ඔස්ටේ‍්‍රලියානු සමාගමකට ලබා දීමට අල්ලස් ඉල්ලූ බවට ඕස්ට්‍රේලීයාවේ ෆෙඩරල් පොලීසිය විසින් පරීක්‍ෂන අරඹා ඇතැයි ඔස්ටේ‍්‍රලියානු රජයේ නිල පුවත් සේවාව ඇතුළු එරට ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් විසින් ප්‍රවෘති පල කර තිබුණි.

2016.08.25 දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එය ප්‍රතික්ශේප කළ බවද වාර්තා විය. ඒ සම්බන්ධව විධිමත් සොයාබැලීමක් සිදුකරන ලෙසද ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා විමසා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශ වෙබ් අඩවියේ දැක්වේ. http://www.pmdnews.lk/president-instructs-ag-investigate-allegation-australian-website/.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ඔස්ට්‍රේලියානු – කැනේඩියානු සමාගමකින් අල්ලස් / කොමිස් මුදලක් ඉල්ලා සිටි බවට බවට ඔස්ට්‍රේලියානු රජය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට සහ වර්තමානයේ ඒ සම්බන්ධව විවිධ තොරතුරැ වාර්තා වෙයි.

http://www.abc.net.au/news/2016-08-24/australian-companies-embroiled-in-bribery-scandals/7778324 වෙබ් අඩවිය දක්වන ආකාරයට කොංගෝ ජනරජයේ ජනාධිපති Denis SassouNguesso ද මේ අල්ලස් පටලැවිල්ලටපැටලී සිටියි.අප්‍රිකාවේ බටහිරට වන්නට  පිහිටා ඇති කොංගෝව ප්‍රංශ බස රාජ්‍ය භාෂාව කරගත් ජනරජයකි. කොංගෝ නදියේ උතුරැ කළාපය ප්‍රංශ ස්වාධිපත්‍යයේ ග්‍රහණයට නතු වීමත් සමගම 1880 දී ප්‍රංශයේ යටත් විජිතයක් විය.

වර්ෂ 1815 දී උඩරට ගිවිසුම මගින් ලංකාව බ්‍රිතානයයේ කොළණියක් වූ ආකාරයට  මෙම රටද 1880 දී ප්‍රංශයේ කොළණියක් විය.කොංගෝව 1960.08.15 නිදහස ලබා ගත් අතර යපස් කර්මාන්තයේ තෝතැන්නකි.

එවකට ජේෂ්ඨ ඇමතිවරයෙකු වන මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුගේ ලේකම්වරයෙකු විසින් SMEC සමාගම ඉල්ලා ඇති ඩොලර් මිලියන 1.82 වටිනා වැව් බැමි ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලබා දිම සඳහා දේශපාලන පරිත්‍යාගයක් ඉල්ලා ඇති පවත්, සිය මව් සමාගම වෙතින් ඒ සම්බන්ධව විද්‍යුත් තැපැල් ලිපි හුවමාරැවක් සිදු කරගෙනද ඇති බවත් දැනට අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.Snowy Mountains Engineering සමාගමේ අනාවරණයවූ විද්‍යුත් ලිපි අනුව 2009 SMEC සමාගමේ ලංකාව වෙනුවෙන් පත් කර ඇති කළමනාකරු විසින් මෙම විද්‍යුත් ලිපි ලියා ඇත.(මේ සම්බන්ධව සත්‍ය අසත්‍ය අනාවරණය වන්නේ විධිමත් අපක්ෂපාතී ස්වෛරී අධිකරණ යාන්ත්‍රණයකින් පමණි.)

Snowy Mountain Engineering ආයතනය  විසින් ශ්‍රී ලංකාවේ ව්‍යපෘති සදහා 1982 වසරේ සිටම මැදිහත් වී ඇත. http://www.smec.com/en_lk

මෙම ආයතනය සිය ව්‍යපෘති සිදුකරන රටවල් පිළිබද විස්තර http://www.smec.com/en_au/where-we-work/locations වෙබ් අඩවියෙන් අධ්‍යනය කළ හැකි අතර ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් ජනපදයද ඒ අතර වෙයි.

ඕස්ට්‍රේලියානු සමාගම් ශ්‍රී ලංකාව සහ කොංගොවේ රාජ්‍ය නායකයන් අතර සිදු කෙරී ඇති අයථා ගනුදෙනු සම්බන්ධව http://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html වෙබ් අඩවියේ ද වාර්තා පළ විය.

මෙහිදී පැහැදිලිව පෙනී යන්නේ සහ කරැණු විමසා බැලීමේදී තහවුරැ වන්නේ චීනය, ලංකාව, කොංගෝව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය මේ සිදුවීම් ජාලය පිටුපස සිටින බවට තොරතුරැ අනාවරණය වන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකු වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධව ඉංදියාවේ බහුජාතික සමාගමක් සම්බන්ධ අල්ලස් චෝදනාවක්ද එල්ල වී ඇති බවද මේ සමග සිහි කළ යුතුය.

වර්තමානයේ ශ්‍රී ලංකාව නොසිතූ විරෑ ලෙස ජාත්‍යන්තරකරණයට ලක්වී ඇත. අතුරැදහන් කාර්‍යාල පනත් හරහා ජාත්‍යන්තර සම්මුති නීති විරෝධී ලෙස නීති ගත කර ගනියි. ශ්‍රී ලංකාවේ අධිකරණය, විධායකය සහ ව්‍යවස්ථාදායකය ක්‍රියාකලාපය පැටලිලි ගොඩකි. තමා සම්මත කරන නීති ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට අවබෝධයක් නැත. පසුගියදා සම්මත කරගත් අතුරැදහන් කාර්‍යාල පනතේ 27.iii වගන්තියේ දැක්වෙන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතට මුල් වී ඇති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය”(International Convention for the Protection of All Persons from Enforced Disappearances) පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ පවා කිසිත් නොදනී.

මේ අකාරයට කටයුතු කාරණා එක පෙළට පිළිවෙලට පෙළ ගැසෙනවාද නැතිනම් පෙළ ගස්සවනවාද යන්න නුවණින්  විමසා බැලීය යුතුය.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ප්‍රතිවාදීන් මේ සිදු වීගෙන යන ජාත්‍යන්තර දේශපාලන උගුල දෙස නිර්මාණාත්මක දෘශ්ටියකින් විමසා නොබැලුවහොත් රටත්, ජාතියත්, ජාතිකත්වයත් අලු දුහිවිලී වී යන බව නුවණින් අවබෝධ කිරීම යුතු වෙයි.

එනම් සාපලත් යුද්ධය අවසන් කරමින් උතුරේ සහ දකුණේ ජනතාවට නිදහස ලබා දුන් රණවිරැවන් ජාත්‍යන්තරකරණය කිරීමට විරැද්ධ වන තරමේ වේගයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2009 ක්‍රියාකාලාපයන් ‍ජාත්‍යන්තරකරණය කිරීමට ද විරැද්ධ විය යුතුය.  ජනාධිපතිවරයා වේවා…..රණවිරැවන් වේවා……LTTE සාමාජිකයන් වේවා ඔවුන් යම් වරදක් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධව ක්‍රයා කළ යුත්තේ දේශීය ස්වාධීන යාන්ත්‍රණයකින් මිස විදේශීය බහුජාතික සමාගම්වල උවමණාවන් මෙන්ම නව යටත් විජිත වාදී මෙවෙලම් කර පින්නාගෙන නොවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය හරහා කැනඩාව, එක්සත් රාජධිනිය, එක්සත් ජනපදය එල්ල කරන අපරාධ චෝදනාවේ බලපෑම රණවිරැවන්සම්බන්ධ එල්ලකරන චෝදනා ජාත්‍යන්තරකරණය කිරීමේ සැගවුණ හස්තය නිර්මාණය කර ගැනීම වීමටද ඉඩ ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් සම්බන්ධ සිදුකරන විදේශීය රටවල නෛතික ක්‍රියාවන්ට සිය සහාය නොදිය යුත්තේ ඇයි.

1.මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා වන අතර රටකට රාජ්‍ය නායකයෙකු සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රික භාවයට එරෙහිව කටයුතු සිදු කිරීම නිවැරදි නොවේ.

2. රටකට රාජ්‍ය නායකයෙකු සම්බන්ධව කටයුතු කරන විධිමත් ක්‍රියා පිළිවෙලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවතින අතර එංගලන්ත කිරීටයේ යටත් විජිතයන් ලෙස තවමත් පවතින් ඕස්ට්‍රේලියාවට මේ ආකාරයට කටයුතු කිරීමට තවදුරටත් ඉඩ දිය නො හැකිය.

3. වත්මනෙහි ශ්‍රී ලංකාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් සිටින අතර රාජ්‍ය නායකයාට මේ එල්ල කරන අයුතු බලපෑම ස්වෛරීත්වයට එල්ලකරන අයුතු බලපෑමක් වන අතර ලාංකිකයන්ගේ පරමාධිපත්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය හරහා එංගලන්තයේ අවශ්‍යතා මත තීරණය කරන්නක් බවට පත් කිරීමේ අවධානමක් පැවතීම.

4.මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සම්බන්ධව දේශිය රටවල් පවත්වන විමර්ශනයන්ට සහ අධිකරණ කටයුතුවලට සහභාගී වීමෙන් ජනතාවගේ විශ්වාසය එතුමා වෙතින් බිද වැටිය හැකි අතර එල්ලකරන චෝදනාවෙන් ඔහු නිදහස් කළද එය වෙනත් යටි සැළැස්මක ප්‍රතිඵලයක් බව ලාංකිකයන් විසින් අවබෝධ කරගන්නවා වැළක්විය නොහැකි වීම.

5. තමන්ගේ කපටි අරමුණු සාර්ථක කර ගැනීම සදහා අධිකරණය සහ පොලීසිය  අවභාවිතාවේ යොදවීම ලංකාව ඇතුළු බොහෝ රටවල් සිදු කරන අතර අල්ලස් චෝදනා පෙන්වා මෛත්‍රීපාල සිරිසේන මහතාව බිත්තියට හේත්තු කරමින් බටහිර රටවල රෑකඩයක් බවට ලංකාව පත්කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීමේ අවධානමක් ඉන් මතු වීම.

6. විදේශිය රටවල් විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට විරැද්ධව සිදු කරන පරීක්ෂණවලට සහාය දී මෙන් පසු එම රටවල් ඔහුව උපක්‍රමිකව නිදහස් කළහොත් එම රටවල් උපරිම මට්ටමේ ස්වාධීන නීති ඇති රටවල් බවට ලාංකිකයන්ගේ මනසට කාවද්දා රණවිරැවන්ට එරෙහිවද දෙමළ ඩයස්ෆෝරාවේ සාක්ෂිමත රණවිරැ දඩයමද ජාත්‍යන්තරව ඇරඹීමේ අවධානම පැවතීම.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ යුත්තේ තමන්ට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධව තමන්ගේ ධූරය අවසන් වූ පසු මෙරට නීතිමය යාන්ත්‍රණය හමුවේ නිර්දෝශිත්වය සනාථ කිරීමයි.(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව අනුව)එතෙක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග මේ ප්‍රශ්නයේදී එකට සිටගනිමින් විදෙස් රටවලින් ඔහුට එල්ලවන පීඩාවන්ගෙන් කොන්දේසි විරහිතව ඔහු ආරක්ෂාකර ගැනීම සියලු පුරවැසියන්ගේ ජාතිකවගකීමයි.ඉන් කියවෙන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ වැරදි දේශපාලන තීන්දුවලින්ද ඔහු ආරක්ෂා කළ යුතු බව නො වේ.

නීතීඥ උණවටුන කේ. අරැණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

Top