Featured

කක්කුස්සි කටාට කෙලවෙන ලකුණු!

සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ලෙස යහපාලන ආණ්ඩුවේ කටයුතු කරන කක්කුස්සි කටා හේවත් රාජිත සේනාරත්න සම්බන්ධයෙන් වහාම පියවරක් ගැනිමට ජනාධිපති වරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන අසමත් වන්නේ නම් පාර්ලිමේන්තුවේ පක්ෂ,විපක්ෂ සියලු දෙනාම එකතු කරගනිමින් රාජිතට එරෙහිව පියවරක් ගැනිමට වහාම කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්වරයාට දැනුම් දි තිබේ.

ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න හට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් සුදානම් එමින් ටි.

එක්සත් ජාතික පක්ෂ නායකයන් හා ප්‍රබල මහින්ද පාක්ෂිකයන් කිහිප දෙනෙකු අතර මේ පිළිබඳව මුලික සාකච්ජා සිදු කෙරුණු අතර මේ වන විට 150 කට අධික මැති ඇමතිවරුන් පිරිසක් ඉතා ඉක්මනින් මේ සඳහා ක්‍රියාත්මක විය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ජා කර තිබෙනවා.

මේ අතර 1999 වසරේ දී තමා අභියාචනාධිකරණයේ ගොණු කළ නඩුවක චෝදනා වලට වැරදිකරු වීම නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් නෙරපනු ලැබූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා එම වෛරය මත තමා ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම වෙනුවෙන් පෙනී සිටින බව කියමින් චෝදනා කරන්නේ යැ’යි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

“කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා හැමදාම කැබිනට් රැස්වීමේ දී කරන්නේ අනෙකුත් කැබිනට් අමාත්‍යවරුන්ට දොස් කීමයි.එලෙස කටයුතු නොකරන්නැයි ජනාධිපතිවරයාත් ඔහුට උපදෙස් දී තිබෙනවා.ඔහු 1994 වසරේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළේ වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඊට පෙර ඔහු සෞඛ්‍ය උපදේශක කාරක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළා. ඒ කාලයේ සිට එතුමා යුද හමුදාවට හා ඔසුසලට දන්ත වෛද්‍ය ඖෂධ හා උපකරණ සැපයුවා. ඔහු මන්ත‍්‍රීවරයකු ලෙස සිටියදීත් ඒ දේ කළා. ”

“ඒ කාලයේ විදේශවලින් ඖෂධ ගෙන්වා ත‍්‍රිවිධ හමුදාවට ලබාදුන්නා. මේ ගැන සඳහන් කරමින් ඔහු වැනි මන්ත‍්‍රීවරයෙක් මන්ත‍්‍රීකමට සුදුසු නැති බව පවසා මම අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළා. එම නඩුවේ පැමිණිලිකරු වුනේ ඩිලාන් පෙරේරා. මේ නඩුවෙන් ඔහු වැරදිකරු බව ඔප්පුවීම නිසා 1999 දී ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් නෙරපුණා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එලෙස නෙරපුණු එකම මන්ත‍්‍රීවරයා වන්නේ රාජිත සේනාරත්න මහතායි.ඒ නඩු තීන්දුව දුන් දා සිට ඔහු මා සමඟ සිටියේ වෛරයකින්. ඒ නිසා තමයි මට විරුද්ධව මඩ ප‍්‍රචාර පතුරුවන්නේ. කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සංවරශීලී හා බුද්ධිමත්ව කළ යුතුයි. එසේ නොමැතිව වාචාලකමින් දොඩවන මාධ්‍ය ප‍්‍රකාශකවරයකු සිටින එකම රට ලංකාවයි.”

Top