Featured

කිරුළපන ගිය ශ්‍රිලනිප මන්ත්‍රීන්ට විනය පරික්ෂණ නෑ

මහින්දටඑරෙහිව ජනතා බලයක් ගොඩනැගිම කිසිදු අකාරයෙන් සිදු කිරිමට හැකියාවක් නොමැති බවත් ගාලු මැයි රැළිය සම්බන්ධයෙන් තබා තිබු බලාපොරොත්තු සියල්ල බිඳවැටීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන පෙරේදා රාත්‍රීයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග ජනාධිපතිවරයාගේ නිළ නිවසේ පැවති හමුවේදි පවසා තිබෙන බව ශ්‍රීලනීප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.පසුගිය මැයි පලමුවැනිදා පැවති මැයි රැලිවලින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය යන්තමින් 3 වන ස්ථානය හිමිකර ගත්තද වර්ෂාව සහ අසංවිධානාත්මක කමින් කිරා මැන බලන්නේ නම් 3 වන ස්ථානය හිමිවිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට බව එම පක්ෂය පවා තහවුරු කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ මහින්ද අතහැර දම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අනාගතයක් නොමැති බවත් කෙසේ හෝ මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ආරක්ෂා කර ගනිමින් තීරණාත්මක අවස්ථාවක් දක්වා ගමන් කලයුතු බවයි මෛත්‍රී එහිදි පෙන්වා දි ඇත්තේ.තමන් එංගලන්තයේ සංචාරය කරන කාලය තුල මැයි රැළිට කිරුලපන ගිය මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරික්ෂණ පවත්වන් බවට මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිමට කටයුතු නොකරන ලෙසද මෛත්‍රී ඉල්ලිමක් කර තිබේ.

“එක්සත් ජාතික පක්ෂය බලාගෙන ඉන්නෙ මහින්දලා වෙනම පක්ෂයක් හදනකම්…මහින්දත් ඒ ගැටේට අහුවෙන්නේ නෑ එක ෂුවර් ” මෛත්‍රීපාල දිගටම කියාගෙන ගියේය…පාර්ලිමේන්තුව ඇතිවු ගැටුම සම්බන්ධයෙන්ද අවධානය යොමුකල ජනාධිපතිවරයා එවා කතානායකට ඔනෑ විදියට කරගෙන යද්දෙන් යනුවෙන් පවසා තිබේ.

මේ අතර ගාලු මැයි රැළිය සදහා වියදම් කල මුදල් ප්‍රමාණය මේ දක්වා ගණනාය කර නොමැති බවත් එම රැළියට විවිධ කණ්ඩායම් වලින් සහය ලබගත්තේ විවිධ වරප්‍රසාදයන් ආණ්ඩුව හරහා ලබාදිමට එකඟත්වය මත බවත් දැන් තමන්ට එය හිසරදයක් වි ඇති බව ශ්‍රිලනීප මහා ලේකම් දුමින්ද දිසානායක මෙම හමුව්වෙදි පෙන්වා දි තිබේ.

“ඒ විතරක් නෙවේ සර්… සර් මහින්ද මහත්තයාගේ ගුණ ගයපු විඩියෝ මහින්ද මහත්තයාගේ ගොලයෝ රටපුරාම පෙන්නන්න පටන් අරන්…එක එච්චර හොද නෑ…මැයි දිනයෙත් එක පෙන්නලා…” යනුවෙන් දුමින්ද පවසා ඇති අතර එයට පිළිතුරු නොදුන් ජනාධිපතිවරයා සිනාසී නැගිට යන්නට ගොස් තිබේ.

තමන්ට තවදුරටත් ශ්‍රිලනීපයේ සභාපතිකමේ රැදි සිටිමින් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරිමට තමන්ට හැකිවුවද එම ප්‍රතිසංවිධාන හරහා පත්කෙරෙන අලුත් සංවිධායකයන්ට තමන්ගේ ප්‍රදේශ අලට ගොස් කිසිවක් කිරිමට හැකියාවක් නොමැති බවත් ඔහුන් ගමේ මිනිස්සු හමුවිමට ගිය සෑම අවස්ථාවේදිම ජනාධිපතිවරයාගේ අම්මා තාත්තා මතක් කරමින් බැන වදින බව මෙහෙදි මන්ත්‍රීවරුන් පෙන්වා දි තිබේ.

 

Top