Featured

කුප්‍රකට කළු සල්ලි යලි එලියට…. SAITM වෙනුවට පතිරගේ උපාඩි කඩය ඇරෙයි… රෝගී ජිවිත බිල්ලට ගන්නා ආසිරි මෙහෙයුම…

Published on: Jun 8, 2020- සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයට අයත් ‘ආසිරි’ පෞද්ගලික රෝහල් ජාලය, සම්බන්ධ කරගෙන පෞද්ගලික උපාධි විකුණන ආයතනයක් ස්ථාපිත කිරිම සදහා රජය අවසර ලබාදිමට කැමත්ත පලකර තිබේ.

වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඔහුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙසද අශෝක් පතිරගේ නම් කර තිබුන අතර රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරිමේ කුප්‍රකට ජාවාරමේ ඉදිරියෙන් සිටින අශෝක් ගෝඨාභය ජනාධිපති වි ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා ලෙස පත්කිරිමට කටයුතු කරනු ලැබුවා.පසුගිය කාලයේ රටතුල සිදුවු මහා පරිමාණයේ මුල්‍ය වංචා රැසක් පසුපස ඔහුගේ දායකත්වය තිබේන බව අනාවරණය වි තිබේ.

අශෝක් පතිරගේ තම සමාගම් වාර්ෂික සමාලෝචනයේදී ප්‍රකාශකර ඇත්තේ එංගලන්තයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධව ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පාඨමාලාවක් දියත් කිරීමට සූදානම්වන බවයි. එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව විසින් අනුමත කරන ලද මෙම අධ්‍යාපන වැඩසටහන 2020 දී දියත් කිරීමට නියමිත බවද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව ඒම නව ආයෝජන ව්‍යාපෘතිය සැලසුම්කර ඇති බවත් ඒ හරහා සිය සමාගම් සමූහයේ ලාභය වර්ධනය කිරීමේ නව දොරටුවක් ඒමගින් විවෘතවන බවද ඔහු අනාවරණය කර තිබේ.

ආසිරි රෝහල් ව්‍යාපාරය මේ වනවිට අශෝක් පතිරගේට අයත් සොෆ්ට්ලොජික් සමූහය යටතේ පවතී. ආසිරි රෝහල් සමූහය විසින් දැවැන්ත පෞද්ගලික රෝහල් 4ක් සහ රසායනාගාර සේවා පවත්වාගෙන යමින් 1978 සිට විවිධ ආණ්ඩු යටතේ ප්‍රතිපාදන කපමින් බිඳවට්ටනු ලැබූ නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවට අධික මිල ගණන් සඳහා සෞඛ්‍ය සේවා අලෙවි කරමින් සිටී.ඒම ව්‍යාපාර සමූහයටම වෛද්‍ය උපාධිය අලෙවි කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට ගෝඨාභය-මහින්ද ආණ්ඩුව අවසර ලබා දිමට  කැමත්ත පලකර තිබේ.

මින් පෙර 2009 වසරේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් මෙවැනිම ආකාරයෙන් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි කිරීමට පිහිටුවන ලද SAITM ආයතනය, දීර්ඝ ජනතා අරගලයක ප්‍රතිඵලයක් ලෙස වසා දමන්නට පසුගිය ආණ්ඩුවට සිදු විය.

මේ අතර  පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් සරසවි උපාධි අලෙවි කිරීම ආරම්භ කරමින් වෛද්‍ය උපාධිය කොටි 4කට අලෙවි කිරීමට ආණ්ඩුව අවසර ලබාදී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.

උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට ඒරෙහිව අරගල කරමින් දීර්ඝකාලීන අරගලයක නිරත වූ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලබාගත් ජයග්‍රහණ ආපස්සට හැරවීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් අ.වි.ශි.බ.ම. පළ කළ ඒම නිවේදනය මෙසේය.

ගෝඨාභය ආණ්ඩුව අධ්‍යාපනය විකිණීම අරඹයි. වෛද්‍ය උපාධිය ⁣රු. කෝටි 04යි.

ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව ආසිරි රෝහල් ව්‍යාපාරය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සැරසෙයි. ඇබර්ඩීන් වෙබ් පිටුවේ සඳහන් පරිදි එය සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. sri lankan pathway ලෙස නම් කරමින් ඇබර්ඩීන් මගින් ලබාදෙන MBchB උපාධිය මෙමගින් ලබාගත හැකි අතර පළමු වසර තුන ස්කොට්ලන්තයේදීත් අවසන් වසර දෙකෙහි සායනික පුහුණු මෙරට ආසිරි රෝහල් තුළදීත් සිදුකිරීමට සැලසුම් කර ඇත. අවශ්‍ය කෙනෙකුට ස්කොට්ලන්තයේදීම උපාධිය සම්පූර්ණ කිරීමට හැකියාව තිබේ. sri lankan pathway ක්‍රමය අනුව මේ උපාධිය සඳහා සිසුන්ගෙන් අයකරන මුදල රුපියල් කෝටි 3.6 කි. ස්කොට්ලන්තයේදීම උපාධිය සම්පූර්ණ කරන්නේ නම් මිල රුපියල් කෝටි 6.5කි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2008දී ආරම්භ කළ, යහපාලන ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය Saitm හොර උපාධි කඩය තුළින් උත්සාහ කළේ ද අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙළඳභාණ්ඩ ලෙස භෞතීස්ම කිරීමයි. රු. ලක්ෂ 120කට වෛද්‍ය උපාධියට එහි මිල කර තිබිණි. අවසානයේදී ගමක් නගරයක් පාසා ඇවිළ ගිය දැවැන්ත ජනතා විරෝධය විසින් Saitm ව්‍යාපෘතිය අහෝසි කරන ලදී. පාලකයන් Saitm ව්‍යාපෘතියෙන් පරාජය වී වසර දෙකක් ඉක්ම යන තැන දැන් නැවතත් එවැනිම විකෘතියක් සමාජගත කරමින් සිටියි.

ජනාධිපතිවරණ වේදිකාවල නම් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන බව විනා විකුණන බවට පොරොන්දු දුන්නේ නැත. නමුත් ජනාධිපතිවරයා විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කළ ඉදිරි ආර්ථික ඉලක්කයන්ගේ අධ්‍යාපනය විකිණීමට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. අධ්‍යාපන විකිණීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව දෙන බව ඔහු විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. ඇබර්ඩීන් සමඟ එක්ව උපාධි කඩයක් හැදීමට අවසර ලබා දී ඇත්තේ ඒ අනුවය. නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපය නමින් හොරණ මිල්ලණියේ ආරම්භ කිරීමට සැරසෙන කඩපිළට අනුමැතිය ඉල්ලමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයේ තිබුණේ එමගින් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි වන බවයි. මේ ඇස් පනාපිට පෙනෙන්නට පටන් ගෙන තිබෙන්නේ එහි යථාර්ථයයි. දෛනික වැටුපට වැඩකරමින් එදිනෙදා ජීවිතය ගැට ගසාගන්නා ජනතාව ජනගහනයෙන් 40% ක් වන රටක කෝටි හතරකට උපාධිය විකුණන්නට සැරසෙන්නේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යැයි පැවසීමම විහිළුවකි.

කොරෝනා වසංගතයට මුහුණ දීමට මහා ආර්ථික බලවතුන්ටවත් නොහැකි වී ඇති මොහොතක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව වැනි සමාජ ආරක්ෂණයන් නොවිකිණිය යුතු බවට ලෝක මට්ටමින් සාකච්ඡාවක් ගොඩනැගී තිබේ. වෙනකක් තබා පසුගිය දිනෙක ජාත්‍යන්තර සමුළුවක් අමතමින් ජනාධිපතිවරයාම ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයට මේ මට්ටමින් හෝ මුහුණ දීමට හැකි වූයේ නිදහස් සෞඛ්‍ය සේවාව නිසා වන බවයි. නමුත් යථාර්ථයේදී එම නිදහස් සෞඛ්‍යම, එම නිදහස් අධ්‍යාපනයම වලපල්ලට යැවීම සඳහා පිඹුරුපත් අදිමින් සිටියි. ගෝඨාභය ආණ්ඩුවේ වැඩපිළිවෙළ ද ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ පන්නයේ වන බවට මෙයම කදිම නිදසුනකි.

අධ්‍යාපනය, සෞඛ්‍ය වෙළඳභාණ්ඩ නොවේ. එහෙයින් ගැටලුව උපාධියේ මිල අඩුද වැඩිද යන්න නොවේ. ගැටලුව අධ්‍යාපනයට මිලක් නියම කිරීමයි. නියම කරන මුදල ගෙවිය හැකි පිරිසකට පමණක් අධ්‍යාපනය වරප්‍රසාදයක් කිරීමයි. සමාජයේ සාතිශය බහුතරයක් ජනතාවට අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමයි. Saitm අරගලයේදී අප මතු කළ මූලික ගැටලුව ද එයයි. එහෙයින් උපාධි කඩයක් ඇරඹීම ආසිරි මුදලාලිට ආශිර්වාදයක් වූවාට ජනතාවට ආශිර්වාදයක් නොවේ. එය සමාජයට ඛේදවාචකයක් කැඳවන්නකි. රජයක් කටයුතු කළ යුත්තේ මුදලාලිලාගේ මනදොළ පිනවීමට නොව ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටය. මෙහි අරමුණ සේ දක්වා ඇත්තේ මෙරට වෛද්‍ය හිඟයට පිළිතුරු සෙවීමයි. එයට ආසිරි මුදලාලි මැදිහත් වී උපාධි කඩ ඇරීමට වෙහෙසිය යුතු නොවේ. දැනටමත් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ තුළ සිටින වෛද්‍ය සිසුන් සංඛ්‍යාව එම හිඟය පිරවීමට ප්‍රමාණවත්ය. සමාජයේ නිරෝගීභාවය පිළිබඳව එපමණ කැක්කුමක් සහිත නම් කොරෝනා වසංගතය හමුවේ ආසිරි ඇතුළු රෝහල් කඩවලට වගකීමෙන් කටයුතු කළ නොහැකි වූයේ ඇයි? ලාභ රේට්ටුවට කෑදරකමින් ආසිරි ඇතුළු පෞද්ගලික රෝහල් සිදුකළේ කොරෝනා වසංගතය නොදුටුවා සේ කර ඇරීමයි.

Saitm ව්‍යාපෘතිය පිටුපසින් මෙරටට රිංගීමට ⁣උපාධි කඩ පෝලිමක් සිටි බවත් ඒ පෝලිමේ ඉදිරියෙන්ම ඇබර්ඩීන් ද සිටි බවත් සයිටම් පරාජය කරමින් ජනතාව ජයග්‍රහණය කරනවිට ඇබර්ඩීන්ටද පලා යාමට සිදු වූ බවත් අපට අමතක නැත. දැන් කොරෝනා වසංගතයට මුවා වී නැවතත් පරාජිත උපාධි කඩ කරුවන් සමාජය ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. Saitm කඩය සේම මෙයද එන්නේ බොරු ප්‍රචාර රැසක් සමගිනි. ප්‍රචාරණ දැන්වීම්වල, අත්පත්‍රිකාවල සඳහන් කරන්නේ ලංකාවේ MBBS උපාධිය ලබා දෙන බවයි. වෛද්‍ය සභාවේ අනුමැතිය සමඟ මෙරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කළ හැකි බවයි. Saitm සඳහා ද වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදීමට සිදු කළ නිර්ලජ්ජිත දේශපාලන මැදිහත්වීම් අපි මනාව අත්විඳ ඇත්තෙමු. Saitm මුදලාලි වෙනුවෙන් වෛද්‍ය සභාවේ සභාපතිවරයා පවා වරෙක මාරු කිරීමට කටයුතු කළේය. අධිකරණ තීන්දු කැරකුණේද සයිටම් මුදලාලිට අවශ්‍ය පරිදිය. මෙහිද සිදුවිය හැකි දෙය එයයි.

පාලකයන්ගේ අවශ්‍යතාවය පැහැදිලිය. සමාජයම කොරෝනා ගිනි පෙනෙල්ලෙන් බැට කමින් සිටින මොහොතක ආණ්ඩුව දිය පොදත් මිල කිරීමට සැරසෙයි. කොරෝනා වසංගතය හමුවේ නිදහස් සෞඛ්‍යයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින්ම සෞඛ්‍ය විකිණීමට පිඹුරුපත් අදියි. එසේ ගඟෙන් පැන් බී මුහුදට ආවඩන ගෝඨාභය ආණ්ඩුවට අප Saitm ඉතිහාසය නැවත සිහිපත් කර සිටිමු. අධ්‍යාපනයට, සෞඛ්‍යයට අත තබන පළමු මොහොතේම කුමන බාධක මැද වූවත් පාරට බැසීමට අපට කිසිඳු පැකිලීමක් නැති බව අවධාරණය කරමු.

අශෝක් පතිරගේලාගේ හරස් ගණුදෙනු,….

http://lankanewsnetwork.org/archives/23040

Top