Featured

කොරෝනා ගැන ප‍්‍රශ්ණ කලාම ආණ්ඩුව උත්තර දුන්නේ පරිප්පුයි සැමන් වලින්…. බෝල පාස් එපා කෙලින් උත්තර දෙන්න… කිරිඇල්ලගෙන් ආණ්ඩුවට ප‍්‍රශ්ණ පත‍්‍රයක්.

Published on: May 20, 2020 – ලොව කිසිම රටක කොරෝනා මර්දනය සඳහා හමුදාව යොදා නොගත් තත්වයක් මත කොරෝනා මර්දනය පිළිබඳ නිසි පුහුණුවක් නොමැති, ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇදුම් නොමැතිව නාවික හමුදාවේ රණවිරුවන් යෙදවූයේ කවුදැයි හිටපු පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවෙන් ප‍්‍රශ්ණ කර සිටියේය. අද කොළඹදි පැවති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් විමසා සිටියේ මෙවැනි අපරික්ෂාකාරි තීරණ ගත්තේ කවුදැයි යන්න ආණ්ඩුවෙන් පිළිතුරු ලබාදිය යුතු බවයි.

මෙහිදි මාධ්‍ය හමුව ඇමතු හිටපු මන්ත්‍රීවරයා

කොරෝනා ආසාධිතයින් සෙවීමේ කටයුතු සදහා ඒ පිළිබද නිසි අවබෝධයක් නැති, සෞඛ්‍යාරක්ෂිත ඇªම් කටිටල පවා නොමැතිව අහිංසක නාවික හමුදා නිලධාරින් යෙදවුයේ ඇයි ? ඉන්පසුව ඒ නාවික හමුදා නිලධාරින් ගම්වලට යැවීමට අවසර දුන්නේ කවුද ? යන්න රජයෙන් පිළිතුරක් අවශ්‍යයි. මෙවැනි අපරික්ෂාකාරි තීරණ සෞඛ්‍ය බලධාරින් අනුමත කළායැයි කිසිසේත් විස්වාස කරන්න බැහැ. මම වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගෙන් අහන්න කැමතියි එතුමාගේ අවසරය ගත්තාද කොරෝනා ආසාධිතයන් සෙවීම සදහා නාවික හමුදාව යොදවන්න. වෛද්‍යවරු අවසර දුන්නාද ? කාර්‍ය සාධන බලකාය අවසර දුන්නාද ? නැත්නම් නාවික හමුදාපති අවසර දුන්නාද ? මේ ප‍්‍රශ්නය ඉදිරියේ අද ආණ්ඩුව විත්තිකූඩුවේ සිටින්නේ. අහිංසක නාවික හමුදා නිලධාරින්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇදුම් නොමැතිව යෙදවූයේ කවුද යන්න බෝල පාස් නොකර රජයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවා නිවේදනයක් නිකුත් කරලා තිබුණා නාවික හමුදාවේ සිටින කොරෝනා ආසාධිතයින් සම්බන්ධව කිසිම තොරතුරක් නැහැ කියා.

අනෙක් කාරණය ජනවාරි මාසයේ ගුවන්තොටුපළ වසා දමන ලෙසට අපි ඉල්ලා සිටියත් ආණ්ඩුව එයට පිළිතුරු දුන්නේ හාස්‍යයෙන්. නමුත් එලෙස කි‍්‍රයා කළ අනෙක් රටවල් අද සාර්ථකව කොරෝනා වසංගතය මර්දනය කරලා. රජය ගුවන්තොටපළ වසා නොදමා රජයට ආවඩන මාධ්‍ය ආයතන කිහිපයක් හා එක්ව වීඩියෝපටයක් නිර්මාණය කළා ශී‍්‍ර ලංකාවේ කොරෝනා නැහැ අපේ රටට එන්න කියලා. ඉන්පසු බොහෝ පිරිසක් අපේ රටට එන්න පටන්ගත්තා. ජනවාරි මාසයේ අග සිට මාර්තු 20 දක්වා කාලයේ තමා මේ අය ලංකවාට ආවේ. සංචාරක මගපෙන්වන්නන් සමග යුරෝපිය සංචාරකයෝ, ඉතාලිය හා මැදපෙරදිග සිට පැමිණි අය, ව්‍යාපාරිකයන්, ඉන්දියාවට ගිය වන්දනාකරුවන් ආදි සති 06ක කාලයක් තිස්සේ මෙරටට ආ පිරිස් සම්බන්ධව ගුවන්තොටුපලේදි කිසිම පරීක්ෂණයක් සිදුකලේ නැහැ. මේ සති 06දි තමයි අපේ රටට කොරෝනා පැමිණියේ. පළමු කොරෝනා රෝගින් සියය විදේශීකයින්. නිසි වෙලාවට ගුවන්තොටුපළ වසාදැමුවානම් අපේ රට සුරක්ෂිත වෙන්න තිබුණා. මාර්තු 17 රටේ නායකයා ඇහුවා කොරෝනා රෝගින් 28ක් තියාගෙන රට වහන්න පු`එවන්ද කියා. මේ ගැන මාධ්‍ය හෙළිකරන්නේ නැහැ. මේකයි තත්වය.

පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ මේ නිසා. එතකොට මේ සිය`එ කරුණු හෙළදරව් වෙනවා. කොරෝනා තිබෙන හැම රටකම පාර්ලිමේන්තුව කි‍්‍රයාශීලි දායකත්වයක් දක්වනවා. මේ සිය`එ ප‍්‍රශ්ණ සාකච්චා කරලා විසදුම් ලබාදෙන්න තිබුණා. නමුත් ජනවාරි සිට මාර්තු දක්වා ආණ්ඩුව කලේ දේශපාලනය පමණයි. එක්සත් ජාතික පක්ෂයේ බෙදිල්ල වාසියක් කරගෙන නාම යෝජනා ගන්න ආණ්ඩුව මාර්තු වෙනකන් කලේ දේශපාලනය. කොරෝනා මර්දනය නෙමේ. ආණ්ඩුව වැරුද්ද භාරගන්න ඕන නිහතමානිව.

ඊයේ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා අපිව විවේචනය කරන බලපැම් කරන ජාත්‍යන්තර සංවිධාන සමග තිබෙන සම්බන්ධතා නවත්වනවා කියා. මම අහන්න කැමතියි එම් සී සී ගිවිසුම අහෝසි කරනවාද ? මොකද අපේ රටට බලපැම් කරන සංවිධාන පිටුපස සිටින්නේ ඇමරිකාව හා බටහිර රටවල්.

වත්මන් තත්වය හමුවේ ඉදිරි මැතිවරණය ජයග‍්‍රහණය කලහැකිදැයි යන්න මෙහිදි මාධ්‍යවේදින් විසින් විමසා සිටිමේදි ලබාදුන් පිළිතුර,

මැතිවරණය තියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ජනාධිපතිතුමා බලයට පත්වුනේ නොවැම්බර් මාසයේ. මේ වෙනකන් කරපු එක දෙයක් කියන්න පු`එවන්නම්. යහපාලන ආණ්ඩුවේ දින සියයයි මේ ආණ්ඩුවයි අහසට පොළව වගේ. අපි කොරෝනා ගැන ප‍්‍රශ්ණ කලාම ආණ්ඩුව පිළිතුරු දුන්නේ පරිප්පුයි සැමන් වලින්.

එක්සත් ජාතික පක්ෂය හා ඇති ගැටුම්කාරි තත්වය පිළිබදවද මෙහිදි කරුණු විමසා සිටියා,

අපිට සතුරෝ නැහැ. මත ඉදිරිපත් කිරිම් පමණයි ගැටුම් නැහැ. අපිට ලැබෙන තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂයේ සමහරු ආණ්ඩුවට එක්වෙන්න බලාගෙන ඉන්නේ. සමහරු ආරාධනා එනකන් බලාගෙන ඉන්නවා. අපිට ආණ්ඩුවට යන්න උවමනාවක් නැහැ. අපිට ජනවරමක් හම්බුනොත් අපි ආණ්ඩුවක් හදනවා. පස්ස දොරෙන් ආණ්ඩු හදන්න සමගි ජන බලවේගයට උවමනා නැහැ. තුනෙන් දෙකක් නෙමේ ආණ්ඩුවට 113ක් ගන්නත් බැහැ. ගම්වලට ගිහින් බැලූවම තේරෙයි.

Lakshman Kiriella
Sri Lankan Politician
Top