Featured

කොල්ලන්ට දෙකට නැමෙන අධ්‍යාපන ඇමතිට වැඩ බෑ

දින 100 යහපාලන ආණ්ඩුව’’ සමගත් අනතුරුව එ.ජා.ප. /ශී‍්‍ර.ල.නි.ප. දෙමුහුන් ආණ්ඩුව සමගත් සංවාද කළද මූලිකව වගකිවයුතු අධ්‍යාපන අමාත්‍යාංශය, ශී‍්‍ර ලංකා ගුරු හා විදුහල්පති සේවාවන් හි ගැටළු පිළිබඳව අප සංගමයට සාකච්ඡා මගින් විසඳුම් සෙවීමට කටයුතු නොකිරීමෙන් මෙම ගැටළු විසඳීමට උවමනාවක් නොමැති බව තහවුරු කර ඇති බව ලංකා ගුරුසේවා සංගමය රජයට චොදනා කර සිටි.

මෙවරද ලෝක ගුරු දිනය ඔක්තෝබර් 05 වැනි දිනට යෙදී ඇත. නමුත් ලංකාවේ අධ්‍යාපන බලධාරීන් එය සමරනු ලබන්නේ ඔක්තෝබර් 06 වැනිදාය. ලාංකීය ගුරු පරපුරද ලොව පුරා වෙසෙන ගුරුවරුන් සමග මෙම අභිමානවත් දිනය සැමරීම සඳහා පෙළ ගැසෙමින් සිටී.
01. මෙවර යුනෙස්කෝ සංවිධානය ගුරු දිනය අරමුණු කරගනිමින් රටක් තම ‘‘ගුරුවරයා බල ගැන්වීම තුළින් තිරසාර සංවර්ධනයක්’’ ලඟාකර ගත හැකි බවට තම තේමාව තුළින් ලොවට ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව රටක සැබෑ තිරසාර සංවර්ධනයක් අරමුණු කරන්නේ නම් එහි පෙර ගමන්කරුවා අනෙකෙකු නොව අනාගත පරපුරේ දෙනෙත් පාදන ගුරු පරපුර බව තේරුම් ගත යුතු කරණකි.

02. නමුත් වෙමන් දිනෙක ඉතිහාසයේ ලාංකීය ගුරුවරයාට මෙරට පාලකයින් කිසිවක් ලාබදී නැත. පැවති 94 ජනාධිපතිවරණයේදී මැතිවරණ පොරොන්දුවක් ලෙස ගුරුවරන්ට ගුරු සේවයක් ලබාදුන්නද එහි සියලූ වටිනාකම් වසර කිහිපයකදී බලයට පත් ආණ්ඩු විසින්ම අහිමිකර රැුවටුවා මිස මෙරට ගුරු පරපුරට අන් යමක් ඉතිරි කළේ නැත. මේනිසා 1997 සිට වසර 18 ක් බලයට පත් කිසිදු ආණ්ඩුවක් නොවිස බරපතළ වැටුප් විශමතාවක් ශී‍්‍ර ලංකා ගුරු හා විදුහල්පති සේවාවන්ට පවතී.

03. 2014.10.23. අංක 1885/38 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් හඳුන්වා දුන් 2008 වර්ෂයේ සිට බල පැවැත්වෙන නව ගුරු සේවා ව්‍යවස්ථාව මගින්ද වැටුප් විශමාතවට කිසිදු විසඳුමක් ලබා නොදුන් අතර එහිදී 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා වූ හිඟ වැටුප් ආණ්ඩුව විසින් කොල්ලකෑමට කටුයුතු කර ඇත.

04 මෙම අසාධාරණකම්වලට එරෙහිව ‘‘ දින 100 යහපාලන ආණ්ඩුව’’ සමගත් අනතුරුව එ.ජා.ප. /ශී‍්‍ර.ල.නි.ප. දෙමුහුන් ආණ්ඩුව සමගත් සංවාද කළද මූලිකව වගකිවයුතු අධ්‍යාපන අමාත්‍යාංශය, මෙම ගැටළු පිළිබඳව අප සංගමයට සාකච්ඡුා මගින් විසඳුම් සෙවීමට කටයුතු නොකිරීමෙන් මෙම ගැටළු විසඳීමට උවමනාවක් නොමැති බව තහවුරු කර ඇත.

05. තවද නව සේවා ව්‍යවස්ථාව හඳුන්වා දී මේවනවිට වසරක් ගවී ඇත. නමුත්, ඊට සිදුකළයුතු අන්තර් ග‍්‍රහණ හා ලබාදිය යුතු උසස්වීම් නිවැරදිව සිදුකර ඊට අදාළ හිඟ වැටුප් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය හෝ කලාප අධ්‍යාපන කාර්යාල මෙතෙක් සමත් වී නැත.

06. ගුරු සේවයේ ස්ථාන මාරුවීමක් ලබා ගැනීමද මීට නොදෙවෙනි ගැටළුවකි. ස්ථාන මාරුවීම් සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත්කර තිබුණද දේශපාලකයින්ගේ , විදුහල්පතිවරුන්ගේ හා නිලධාරීන්ගේ ඕනෑ එපාකම් මත ස්ථාන මාරුවීම් සිදුකිරීම ගුරුවරුන්ට බරපතළ පීඩාවකි. ස්ථාන මාරුවක් ලද විට ගුරුවරයෙකුට තම දරුවා එම පාසලට ඇතුළත් කර ගැනීමද අද බපරතළ ගැටළුවක් බවට පත්වී ඇත.

>ගුරුවරුන් හා සිසු දරුවන් පීඩාවට පත්කරන, ප්‍රෝඩාකාරී පාසල් පාදක ඇගයීම්, කාර්ය සාධන හා ව්‍යාපෘති බලහත්කාරයෙන් කි‍්‍රයාවට නැගීමත්,

>මෙරට 9662 ක් වූ පාසල් පද්ධතිය සංවර්ධනය හා නඩත්තුව සඳහා වන රාජ්‍ය ප‍්‍රතිපාදනකප්පාදු කරමින් එය දෙමව්පියන්ට බාර කරමින් පාසල් පරිපාලනයට මුදල් රැුස්කිරීමට අදාළ
යාන්ත‍්‍රණ සකස් කර දී ගුරු වෘත්තියේ අභිමානය ද කෙලෙසන ආකාරයේ මුදල් රැස් කිරීම් සඳහා බලකිරීමත්,

 >ගුරුවරන් බඳවා ගැනීමේදී හා ස්ථාන මාරුවීම් ලබාදීමේදී ඒ සඳහා වූ විධිමත් ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකිරීමත්,

>ගුරුවරුන් පීඩාවට පත්වන ආපදා තත්ත්වයකදී ලබාදිය යුතු රජයේ ආපදා ණය සාධාරණ කාලයක් තුළ ලබා නොදීමත්,

>දුෂ්කර සේවයේ නියුතු ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට දිරි දීමනා විධිමත්ව ලබා නොදීමත්,

>අධ්‍යාපන විද්‍යාපීඨවල ගුරු සිසුන් පීඩා විඳින මානව හා භෞතික සම්පත් වල බරපතළ ඌණතා සම්පූර්ණ කිරීමට කටයුතු නොකිරීමත්,

ප‍්‍රමුඛතා කාර්යයන් සඳහා බඳවාගත් උපාධිධාරීන් ගුරුසේවයට බඳවා ගැනීමේදි සිදුවී ඇති අසාධාරණයන් නොවිසඳීමත්, උක්ත ගැටළු අද වනවිට දෙලක්‍ෂයකට අධික ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මෙන්ම හතලිස් ලක්‍ෂයක් දුවා දරුවන් පීඩා විඳින ගැටළු බව දැඩිව අවධාරණය කරමු.

එහෙයින් පාලකයින්ගේ නොසළකා හැරීම් මත මෙරට අධ්‍යාපනයට එල්ල වන මෙවන් අභියෝග මැද ජාත්‍යන්තර ගුරු දිනය සැමරීමට ලාංකීය ගුරු පරපුරට සිදුවී ඇති අතර එම අභියෝග ජයගැනීමට මෙරට ගුරුවරුන්ට කොන්දේසි විරහිතව මගපෙන්වීමටත්, නායකත්වය දීමටත් ලංකා ගුරුසේවා සංගමය සූදානම් බවද අවධාරණය කරමු.

මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරුසේවා සංගමය

Top