Featured

ගැසට් නිවේදන වලට එරෙහි පෙත්සම් වලට තාක්ෂණික විරෝධතා හරහට හිටි… 2002 වරද වසා දැමිම සදහා පෙත්සම් විසිවන ලකුණු!

Published on: May 18, 2020 – මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම විසිකර දැමිම සදහා මේ වනවිට මෙහෙයුමක් දියත් වන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව 19 සම්බන්ධයෙන් (70ව්‍යවස්ථාව සංශෝධනයට) 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය, 2015දී කථානායකවරයා උල්ලංඝනය කිරීම යට ගැසීම සදහා ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවලදී නීතිපතිවරයා තාක්ෂණික විරෝධතා පදනම් කර ගනිමින් පෙත්සම් විභාගයට නොගෙනම විසිකර දැමිම සදහා කටයුතු කරන ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවයන් තුනක් ගොනු කළ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් මෙම පංච පුද්ගල විනිසුර මඩුල්ල හමුවේ පෙත්සම් කැදවිණි.

නීතීඥ චරිත ගුණරත්න , රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීන මාධ්‍යවේදී විකටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන් මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ. ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.

කො⁣රෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20’වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බවත් පාර්ලිමේන්තු ව විසුරුවා හැරීම කල දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සදහා මැතිවරණය පැවැත්විය යුතු අතර එසේ නොකිරීම නීතිවිරෝධී බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි. එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බැවින් මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළ ව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසද ඉල්ලා තිබිණි.

කෙසේවෙතත් මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කාලවිරෝධී බවත් , ඇතැම් පෙත්සම් වල අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති නම් නොකිරීම සහ ඉල්ලා සිටින සහනයන් ප්‍රදානය කිරීම සදහා පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිය මූලික වි⁣රෝධතා ඉදිරිපත් කියා සිටියාය.

එසේම පෙත්සම් හි වගඋත්තරකරුවකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාද මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වී ඇති බවත් , එසේම එම පෙත්සම් නීතියට පටහැනි ලෙස ගොනු කෙරී ඇති බවත්ය.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම ,එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කර තිබේ.

මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කිරිමට හැකියාවක් නොලැබුනහොත් පාර්ලිමේන්තුව රැස් නොකරම පවත්වාගෙන යැමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවනු ඇත.

The Supreme Court of Sri Lanka


Top