Featured

ගැහැණුන්ගේ නිරුවත පෙන්නන්න ගිය ප්‍රියාන්ට වැඩවරදී… තැන තැන එක එක කියන් ප්‍රියාන්… සාක්ෂි තිබියදි ප්‍රියාන් කල බාලවයස්කාර අපරාධය සගවන්නේ කවුද?

Published on: Mar 1, 2020- කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරමින් එය විඩියෝගත කල කුප්‍රකට ව්‍යපාරිකයා සම්බන්ධයෙන් පසුගිය කාලසිමාව තුල විවිධ අනාවරණයන් සිදුවුවද මේ දක්වා ඔහුට එරෙහිව නීතියි ක්‍රියාත්මක විමක් නොවන බව පැහැදිලිවම පෙන්නට තිබියදි චොදනා එල්ල වෙමින් තිබේන උග්‍ර රාජපක්ෂවාදි මැණික් ව්‍යාපාරිකයකු වන “ප්‍රියාන් මැණික්” විසින් සිදුකරන පරස්පර ප්‍රකාශයන් හරහා ඔහු මෙම සිද්ධියට සම්බන්ධ බවට ඇති සැකය වඩාත් තහවුරු වෙමින් තිබේ.

මැණික් ව්‍යාපාරිකයකු වන “ප්‍රියාන් මැණික්” නැමත්තා කවර හෝ වර්ගයේ බාලවයස්කාර දැරියකට හෝ දරුවෙකුට කිසියම් අතරවරයක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කල හඩපට අනාවරණයෙන් මනාව තහවුරු වි තිබේ.

රංජන්ගෙන් නිකුත් වුනු මේ හඩපටය කියන්නේ “ප්‍රියාන් මැණික් ” සම්බන්ධයෙන් යම් අපචාර ක්‍රියාව බව ඉතා පැහැදිලිය “මට හැමවෙලාවෙම කතා කරනවා .. බෝම්බ ගහපු දවසේත් මට උදේ පාන්දර 6ට ගත්තා” යනුවෙන් රංජන් පවසන්නේ ප්‍රියාන්ට එරෙහි එම චොදනාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිම නතර කර ගැනිම සදහා සාකච්ඡා සිදුව ඇති බවයි.

හඩපටය යලිත් අහන්න

බාල වයස්කාර දැරිය දුෂණය කල ප්‍රියාන් මැණික් සම්බන්ධයෙන් පියුමි හංසමාලි රංජන් රාමනායක සමග සංවාදයේ යෙදෙන අතර ප්‍රියාන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනිමට රංජන්ට කතා කරමින් උත්සහ ගත් අයුරු ඒ හරහ මනාව පැහැදිලි වේ.

මේ ළමා අපචාරය කුමක්ද? ජාතික ළමාරක්ෂක අධිකාරිය මේ සම්බන්ධයෙන් දැනුවත්ද? රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් ක්‍රිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද?

ප්‍රියාන් මැණික් දිගින් දිගටම කියා සිටින්නේ තමන් ජර මිනිහෙක් නොවන බවයි.එසේනම් ඔහු රංජන්ගෙන් ඉල්ලා සිටි සහය කුමක්ද? රංජන් හරහා යට ගැසිමට කටයුතු කරමින් සිටි බාලවයස්කාර අතවරය කුමක්ද? එයට පිළිතුරු දිමට ප්‍රියාන්ට හැකිද?

මේ සෑම ප්‍රශ්ණයකටම පිලිතුර නැත යන්න පමණී.අප විශේෂ වාර්තාකරු කල සොයා බැලිමට අනුව “ප්‍රියාන් මැණීක්” ගේ නිවසේ දරු පවුලක් නවතාගෙන සිට ඇති අතර එම පවුලේ අවුරුදු 06ක දියණීයක සිටින බවටද තොරතුරු අනාවරණය වි තිබේ.කෙසේවෙතත් මේ වනවිට එම දරුපවුල ඔහුගේ නිවසින් අතුරුදහන් වි සිටි.

මේ අතර වයස අවුරුදු 06ක දැරියක ලිංගික අපයෝජනයට ලක්වූ වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැරීමත් සමඟ කරලියට පැමිණි තවත් චරිතයක් ලෙස සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරිනී චමිලා ලියනාරච්චි මහත්මියට “ප්‍රියාන් මැණික් ” පෙබරවාරි 24 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් පහරදුන් අතර එහිදි “ප්‍රියාන් මැණික් ” කලබල වුන අකාරයද දැඩි සැකයට තුඩුදෙන අතර එහිදි කල ප්‍රකාශය පහත දැක්වේ.

“ශමිලා ලියනආරච්චි (නම වැරදි ලෙස භාවිතා කරයි) එනම් මට චෝදනා කරන කෙනා දිගටම මගෙන් ඉල්ලන් කනවා නම් ඇගේ නිරුවත් හා ලිංගික ඡායාරූප මං එළියට දානවා. මේ අයට කොන්දක් නෑ. හොර මුහුණුපොත්වලින් මඩ ගහනවා. ප්‍රසිද්ධියේ කියන්නෙ නෑ. ජනප්‍රිය වෙන්න වීරයන් වෙන්න කතා කළාට රටට කිසිවක් කරලා නෑ. නන්දිමාල් කියලා පුද්ගලයකුත් ඒ අතර ඉන්නවා. ලක්ෂ 63,000ක් මේ රටේ දනට _ පිනට මං වැයකර තියෙනවා. කිසි දෙයක් මම නීතියට පිටින් කරලා නෑ. හරියට ඔප්පු නොකළොත් ප්‍රියාන් මැණික් දකුණෙ කෙනෙක් කියලත් මං ඔප්පු කරනවා.”

ඒ සම්බන්ධයෙන් චමිලා ලියනාරච්චි කාන්තා අපයෝජන නිවාරන කාර්යාංශයට පැමිණිල්ලක් සිදුකල අතර පසුව පැමිණිල්ලට අනුව කරන ලද කැදවිමේදි ප්‍රියාන් පවසා ඇත්තේ තමන් තමන් (ප්‍රියාන්) එම චොදනාව සිදුකලේ වෙනත් අයෙකුට බවයි.ඒ අනුව ප්‍රියාන් දැන දැනම වරදක් කර තිබේන අතර ඔහු විසින් චමිලා ලියනාරච්චිට දුරකතනය හරහා සිදුකල තර්ජනයන් සියල්ලටම අදාළ හඩපට මේ වනවිටත් තිබේන අතර හෙට දිනයේදි ඇය ඒ සියල්ලම පරික්ෂණ සදහා ලබාදිමට සුදානමින් සිටි.

පැමිණිල්ලට අනුව කරන ලද කැදවිමේදි ඇය මාධ්‍ය හරහා සිදුකල අනාවරණය ….

අදාළ චොදනාව එල්ල වන ප්‍රියාන් මැණීක් නැමත්තා කවුද? ඔහු රාජපක්ෂලාට වේගයෙන් සමීප වුයේ මන්ද යන්න සැකය බොහෝ දෙනෙකු අතර මතුව තිබේ.මහින්ද රාජපක්ෂ යනු උපන්ගෙයි පෙරේතයෙකි.තැබෑරූමේ සිට ඒ ආසන්න්නයේ කඩල අඩය පවත්වාගෙන යෑම දක්වාම කප්පම් ගත් අයෙකුට “නිල් මැණිකක්” ලැබිම පොඩිපහේ කප්පමක් නොවේ.එය මනාව තහවුරු වන්නෙ ප්‍රියාන් මහින්ද හමුවි “නිල් මැණීක” තැගි කිරිමෙන් පසුව මහින්ද සිය අතිශය පෞද්ගලික ජංගම දුරකතනයේ අංකය පවා තමන්ට ලබාදුන් බව ප්‍රියාන් විසින්ම හෙලී කිරිමත් සමගයි.

ප්‍රියාන්ට ගෝඨාභය හමුවන්නේද පොඩි වෙලාවකටය.මිලීටරිකරණ ඩීල් සමග ඇමරිකානු බිලියන් ගණනින් කප්පම් ගත් ගෝඨාභයට ප්‍රියාන් යනු ටොයිලට් පෙපර් රෝලකට වඩා නොවටින බව ඇත්තය.නමුත් ප්‍රියාන් ශීරන්තී රාජපක්ෂ හමුවිම සහ ඈය සමග සමිපව කටයුතු කිරිම සෑහෙන්න බලවත් බව අමතුවෙන් කිවයුතු නොවේ.එය දන්නෝ දනිතී… නොදන්නෝ කැමතිනම් දැන ගත හැක.ප්‍රියාන්ට ඇත්තේද එම හයිය බව ඔහුගේ කටවාචාල කතා වලින් පෙනෙන අතර ඒ ගැන රස කතා දැන ගත හැක්කේ පියුමිගෙන් වන අතර පියුමි කියන අකාරයට ශිරන්ති රාජපක්ෂ ප්‍රියාන් සමග WhatsApp ඔස්සේද චැට් කරන හිතවතියකී.

කවුද මේ ප්‍රියාන් …

2005 -2010 කළු දශකයේදි විවිධ වර්ගයේ කුප්‍රකට ව්‍යාපාරිකයන් බිහිකිරීමට රාජපක්ෂලා කටයුතු කල අතර ඒ හරහා තමන්ගේ ව්‍යාපාර සිදුකිරිම රාජපක්ෂලාගේ ක්‍රමය විය පාර්ලිමේන්තුවේ සිටින රාජපක්ෂ ගැතී බහුතරයක් අදටත් සිදුකරනුයේ රාජපක්ෂලාගේ ව්‍යාපාරය.ඊට අමතරව සමාජයේ කිසිවක් නොමැතිව සිට එක්වරම මතුවු කළු ව්‍යාපාරිකයින් රැසක්ද රාජපක්ෂලා වටේ සිටි.නමුත් ප්‍රියාන් එම කාණ්ඩයේ අයෙකු නොවේ.ඔහු දකුණේ දෙණියායේ ඉපදී රාජපක්ෂලාගේ කලු දශකයේ හරි අඩක් වනතෙක් හෝටලයක සුළු සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඊට අමතරව රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉල්ලමකද කෙටි කාලයක් සේවය කර තිබේ.අද මැණීක් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටියද ඔහු මැණික් සම්බන්ධයෙන් සාමාන්‍ය දැනිමක්වත් නොමැත්තේකු වන අතර තමන් හදිසියේ උපයාගත් කෝටි ගණනක කළු සල්ලි සුදු කිරිම සදහා පමණක් ඔහු මැණික් ව්‍යාපරයේ යෙදෙන බවට සාක්ෂි ඔනෑතරම් තිබේ.

හදිසියේ කඩා වැටුන නිධානය…

ප්‍රියාන් හදිසියේ සල්ලිකාරයෙකු විම සම්බන්ධයෙන් විවිධ කතා තිබුනද දැනට සාක්ෂී සහිත ක්‍රමවේදය ලෙස නිධානයක් ලබා ගැනිම බව අනාවරණය වි තිබේ.සල්ලි එකතුකල අකාරය සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැත.පොලොවට පස්වෙන නිධානයක් ඔනෑම අයෙකුට ගැනිමට හැකි බව අපද විශ්වාසය කරමු.අපට ඇත්තේ ප්‍රියාන් සල්ලී කාරයෙක් වු අකාරය නොව සල්ලි කාරයෙකු වි රටේ අහිංසක දරුවන් තමන්ගේ පාපතර ක්‍රියාවන් සදහා යොදවා ගැනිම ගැනය.

අවසාන වශයෙන් කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරිම සම්බන්ධයෙන් වීඩියෝ පටයක් පිළිබඳ විවිධ පුද්ගලයන් සංවිධාන සහ නීතිඥවරුන් රජයේ ළමා ආරක්ෂක අධිකාරියට සහ ජනාධිපතිවරයා ඇතුළු විවිධ මට්ටමේ බලාධිකාරීන් වෙත පැමිණිලි සහ මෙම වීඩියෝ පටය ඉදිරිපත් කර තිබුණද මේ වන තුරුත් කිසිදු අන්දමේ ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් සමාජ විරෝධයක් පැනනැගී තිබේ.

රංජන්,පියුමි,චමිලා මෙන්ම මේ රටේ බහුතර කාන්තාවන් කියන ළමා දුෂකය කවුරුන්ද අප නිවැරදිව සොය ගත යුතුය. ඒ සදහා රාජපක්ෂලාගේ නීතිය නොව මේ රටේ ජනතාව විශ්වාසය තබන ස්වාධීන නීතිය ක්‍රියාත්මක විය යුතු බව අපගේ අදහසයි.

http://lankanewsnetwork.org/archives/23297

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top