Featured

ගොන් අලියා පරාජය භාරගනී-ජාතික ආණ්ඩු මන්ත්‍රය මතුරයි

එළඹෙන මහ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් මැතිවරණයෙන් පසු නිශ්චිත කාල සීමාවක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයන් පිරිසක් දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසන බව සදහන් පුවත් රනිල්ගේ ඇම්බැට්ටයන් මේ වන් විට පතුරමින් සිටි.

පසුගිය දා එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුමකට එළඹුණු යහපාලනය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් පිරිස සමඟ සන්ධානයේ ප්‍රබලයන් සාකච්ඡා පවත්වන බවට ද එම වාර්තා සදහන් කර තිබේ.

“මේ පිළිබඳව ඉඟියක් ලබා දෙමින් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය දා ප්‍රකාශ කළේ එළැඹෙන මහ මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද මැතිවරණයෙන් පසු ස්ථාපිත කෙරෙන්නේ ජාතික ආණ්ඩුවක් බවයි. මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත දැනට ම පළ වී ඇති බවය.”

ඒ අනුව ඉතා පැහැදිලිව යහපාලන අමනයන්ගෙන් පිරුණු යහපාලනය සදහ වු අමන පෙරමුණ තමන්ගේ පරාජය භාරගෙන අවසන් බවයි.ඒ අනුව අලියා ඇතුලු බෙදුම්වාදීන් ලබන් අන්ත පරාජයෙන් පසුවත් මෛත්‍රීපාල වැනි කොන්දක් නැති ජනපති හරහා ජාතික ආණ්ඩු ගැටය දැන්ම ගසමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහට අගමතිකම ලබාදි අර්ජුන් මහේන්ද්‍රන්ලා සමග කොල්ල කෑ කෝටි ගණන් ජනතා මුදල් වල වගකිමෙන් මිදිමට බව අමුතුවෙන් කිවයුතු නැත.

 

Top