Featured

ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයට ඇලෝසියස්ගෙන් උදවු ගත්ත හැටි…. ඇලෝසියස්ගෙ මුද්‍රණාලය දැන් ගහන්නේ “දෙරණ අරුණ”… ප්‍රතිපත්ති ප්‍රකාශ ගැහුවේ හොරුන්ගේ Press එකේ!

Published on: Feb 21, 2020- දැඩි මතභේදයට තුඩුදී තිබෙන ‘මහබැංකු බැඳුම්කර සිද්ධියේ’ ප්‍රධාන සැකකරුවන් දෙදේනා හෝ ඊට සම්බන්ධ කිසිවෙකුත් අත් අඩංගුවට ගැනිමට මහින්ද හෝ ගෝඨාභය කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය පාඨ්ලි චම්පික රණවක මහතා අවධාරණය කරනවා.

දෙයියෝ සාක්කි… ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයට ඇලෝසියස්ගෙන් බිලියන 1.5ක්…. හොරු අල්ලන්න ඇවිල්ලා තියෙන්නේ හොරුන්ගේ පිටේ… යනුවෙන් අප පසුගිය දෙසැම්බර් 21 වැනි දින අනාවරණය කල අතර ඊට අදාළ ලේඛන කිහිපයක් කුරීයර් හරහා රහස් පොලිසියටද අප ලැබිමට සලස්වා ඇති අතර පසුගියදා පැවැති රැස්විමක්දි පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේ 2019 ජනාධිපතිවරණ සටනට ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශ මුද්‍රණය කළේ බැඳුම්කර මගඩියෙන් අටව ගත් මුද්‍රණාලයේ බවයි.

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සිදු කර රාජ්‍ය මුදල් ප‍්‍රකෝටි ගණනක් වංචා කර පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගම විසින් ‘ජනයුගය’නමින් පුවත්පතක් ආරම්භ කල අතර ඒ සදහා විශාල වියදමක් දරා මුද්‍රණාලයක් ආරම්භ කල අතර පසුව එම මුද්‍රණාලය ගෝඨාභය රාජපක්ෂගේ කළු සල්ලි ශෝධක දිලිත් ජයවීර යටතට පත්කිරිමටද කටයුතු කර තිබුනා.

මේ වනවිට අදාළ මුද්‍රණාලය මුද්‍රණය වන්නේ දිලිත්ගේ දෙරණ මාධ්‍ය ජාලයට අයත් “අරුණ” සහ The Sunday Morning පුවත් පත වේ.

 

මිට අමතරව බැදුම්කර මගඩිය හරහා කොල්ල කෑ මුදල් විවිධ මාධ්‍ය ආයතන වෙත අයෝජනය කරමින් ඇලෝසියස්ලා තමන්ගේ පවු වසා ගැනිමට කටයුතු කල අතර අප එවකට එවා අවස්ථ ගණනාවකදි අනවරණය කලා.

එම අනාවරණයන් සියල්ලම පහතින් බලන්න ….

http://lankanewsnetwork.org/archives/22089

http://lankanewsnetwork.org/archives/22766

http://lankanewsnetwork.org/archives/30

http://lankanewsnetwork.org/archives/14825

http://lankanewsnetwork.org/archives/17032

Top