Featured

“චන්ද්‍රිකාට බෑ කියලා මමත් දන්නවා”

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බිම් මට්ටමේ ජනතාවට නායකත්වය දිමට අසමත් අයෙකු බව තමන්ද පිලිගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇම්බැට්ටයන්ට පවසා තිබේ.පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කලහොත් අනිවාර්යයෙන් අන්ත පරාජයක් ලබන බවත් එම් නිසාම උපක්‍රමශීලීව මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායමද සමග කෙසේ හෝ එක්ව තරග කල යුතු බවද මෛත්‍රී මෙම ඇම්බැට්ටයන් රැලට පවසා තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දුමින්ද දිසානායක,එස්.බි,තිලංග ඇතුලු කමිටු සාමාජිකයින් වූ නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්. ජේ. සෙනෙවිරත්න, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, රංජිත් සියඹලාපිටිය, අනුර ප්‍රියදර්ශන යාපා, ඒ. එච්. එම්. ෆවුසි, පියසේන ගමගේ ඇම්බැට්ටයන් පසුගියදා මෛත්‍රී මුණගැසි ඇත්තේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු නොවැම්බර් 1දා සිට ආරම්භ කිරීමටත් පක්ෂය අලුත් තේමාවක් සහ නව වැඩපිළිවෙළක් අනුව ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන ඇති අතර එය මෙහෙයවිමේ බලය ඇයගේ ඉල්ලිම මත චන්ද්‍රිකාට ලබාදිය යුතු බව ජනාධිපතිවරයා පවසා තිබේ.

එම රැස්විම සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගි වි සුලු වෙලාවකින් තමන්ට් අතිශය පෞද්ගලික වැඩක් ඇති බව පවසමින් ඉම හමුවෙන් පිටව ගොස් තිබේ.ඒ සමගම චන්ද්‍රිකා සම්බන්ධයෙන් කතාබහ මතුව තිබේ.

එහිදි එස්.බී දිසානායක පවසා ඇත්තේ ….මැඩම්ට මේ වැඩේ ලිඩ් කරන්න ඔනෑ කිව්වාට ..එයාට බිම් මට්ටමේ කිසිම සපොට් එකක් නෑ..ඉට වඩා හොදයි අපි සන්ධාන එක්ක ඉල්ලන එක….

එවිට මෛත්‍රී පවසා ඇත්තේ …ඔව් මම දන්නවා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බිම් මට්ටමේ ජනතාවට නායකත්වය දිමට සමත් නෑ…ඒ උනාට මම මොකද කරන්නේ …එතුමිය එක ඉල්ලනවා…. යනුවෙනි…

මේ අතර පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ මෙහෙයවිමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැදිහත් විම සම්බන්ධයෙන් ශ්‍රිලනීප අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ යක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කල හිටපු අසාර්ථක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් ආණ්ඩුව තුල වෙනම කඳවුරු දෙකක් මේ වනවිට ගොඩනඟමින් සිටින බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

පළාත් පාලන් මැතිවරණයි සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයම තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුල අර්බුදයන් පැවති අතර මහින්ද රාජපක්ෂ මහතා අතහැර මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් නියත වශයෙන්ම අන්ත පරාජයක් ලබන බවත් එම නිසා මහින්ද රාජපක්ෂ මහතා මේ ක්‍රියාවලියට සක්‍රියව දායක කර ගැනිම සදහා කටයුතු කලයුතු බව මෛත්‍රී පිල නියෝජනය කරන පිළේ බහුතරකගේ අදහස වි තිබේ.

 

Top