Featured

චම්පික සිරිසේන අත්හරි – රනිල් සමග දීගෙක යයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කුප්පයන්ගේ වැඩ හේතුවෙන් තවදුරටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හෝ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු සන්ධාන අලට සහය නොදිමට මෙගා පොලිසි අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා ඇතුලු හෙළ උරුමය ප්‍රතිපත්තිමය තින්දුවක් ගෙන් තිබේන බව එම පක්ෂයේ ප්‍රභලයේකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

බස්නාහිර පළාත් සභාව තුල සිදුවු සිද්ධිය,විවිධ කණ්ඩායම් යොදවා තමන් ඝාතකයෙකු ලෙස හැදින්විමට කටයුතු කිරිම,තමන්ට මැතිවරණ වලට සහය දැක්වු පිරිස් වලට තමන් ලබාදුන් රැකියා අහිමි කිරිම සහ අමාත්‍යංශය තුල කටයුතු විවිධ පාර්ශවයෙන් හරහා අවුල් කිරිම වැනි කාරණා හේතුවෙන් තවදුරටත් මෛත්‍රී පාර්ශවය සමග ඉදිරියට යැමට හැකියාවක් නැති බව චම්පික රණවක සදහන් කර තිබේ.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධානගතව තරඟ කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බවත් රට පුරා තරඟ නොකර බස්නාහිර පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන හා තවත් තෝරාගත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා පමණක් ජාතික හෙළ උරුමය තරඟ වැදීමට තීරණය කර තිබේන් බවද ඔහු අනාවරණය කර තිබේ.

Top