Anonymous Reporter

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties

කාලයෙන් කාලයට විවිධ වර්ගයේ වාණිජ ආයතන රටතුල හොරෙන්ම ව්‍යාපාරික කටයුතු හසුරුවා අවසානයේ ජනතාවගේ සල්ලි කෝටි ගණනින් එකතුකර හොර රහසේම පැන යන අයුරු අපේ රටේ ජනතාවට අමුත්තක් නොවේ.අනිත් අතට මහා බැංකුව කොල්ල කෑ අය යලිත් මුදල් ඇමතිවරු වන රටක රටේ ජනතාවගේ මුදල් හොරාගෙන යන එවුන්ගෙන් බෙරි සිටිම ලෙසි පහසු නොවන නිසාම ඔහුන් කල්තියා හදුනාගෙන සිටිම සදහා වගකිවයුතු මාධ්‍යක් හැටියට අපටද යුතුකමක් තිබේ.

බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරය හා ඉඩම් වෙන්දේසි සමාගම (Blue Mountain Properties Building Nation) පසුගිය කාලසිමාවේ ලංකාවේ බිහිවු වංචනීක මුල්‍ය ආයතන වලට නොදෙවැනි බව අප වගකිමෙන් අනාවරණය කරමු.කවර හෝ මොහොතක ජනතාව ආයෝජනය කරන කෝටි ගණන් මුදල්ද සමග බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම සහ එහි අධ්‍යක්ෂවරුන් අතුරුදහන්විමේ අවදානමක් තිබේ.Blue Mountain Properties Building Nation වෙබ් අඩවියට පිවිසෙන්න – Clike Here 

Vinesh

විනේෂ් අතුකෝරාල

බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා කටයුතු කරන අතර එහි අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන විනීෂ් අතුකෝරාල මෙම මුල්‍ය වංචනීක ක්‍රියාවන් මෙහෙයවන පුද්ගලයා ලෙස කටයුතු කරයි.විනේෂ් අතුකෝරාල යනු එසේ මෙසේ පොරක් නොවේ මුල්‍ය වංචා දිවේ නොගැවෙන්න කිරිමට ඔහු දක්ෂයෙකි.

බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම හරහා වංචනීක ක්‍රියාවන් රැසක් මේ වනවිට විනේෂ් අතුකෝරාල විසින් සිදුකර හමාරය ඒ හරහා සමාගමට මුල්‍ය උත්පාදනය කරන තරමටම තමන්ගේ මල්ලද තරකර ගැනිමට ඔහු කටයුතු කරන බව අමුත්තක් නොවේ.

හොර ඔප්පු සැදිම….

ඉතාමත් සුක්ෂම ආකරයට බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම සතු කුණු කොල්ලයට ගත් දෙපළ සදහා ඔප්පු 3 -4 සාදා එවා විව්ධ බැංකුවල තබා ණය ලබාගැනිමේ කටයුත්ත ඉතා වංචනිකව කරන්න විනේෂ් සමත්ව තිබේ.උදාහරණයක් ලෙස බොරැල්ල නගර මධ්‍යයේ පිහිටි (කවුරුත් දන්න බොරැල්ල තොරණ සාදන ඉඩම) ඉඩම සදහා ඔප්පු කිහිපයක්ම සාදා ඉන් එකක් සම්පත් බැංකුවේ සහ තවත් ඔප්පුවක් කොමර්ෂල් බැංකුවේ සහ තවත් ඔප්පු වක් වාණිජ බැංකුවක තබා ණය ලබා ගෙන තිබේ.

මිට අමතරව තවත් ප්‍රාදේශිය නගර වල පිහිටි වාණිජමය වටිනාකම්ක් සහිත ඉඩම් රැසක් මේ අකාරයට ඔප්පු කිහිපයක් සාදා බැංකු වල තබා ණය ගෙන තිබේ.

ජනතාව ඇන්දු Apartments

බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම Apartments ගොඩනගන බවට බොරු බේගල් ඇද බාමින් ජනතාවගෙන් කෝටි ගණනින් මුදල් ගරා ගැනිමටද සමත්ව තිබේ.බම්බලපිටිය මැජෙස්ටික් අසල පිහිටි බිමක Apartments එකක ගොඩනගන බව පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගෙන තිබුනද මේ දක්වා කිසිදු ඉදිකිරිමක් එම ස්ථානයේ කර නොමැති අතර එම මුදල්ද කාබාසීනියා කර තිබේ.මිට අමතරව කිංසි පාරේද මේ අකාරයටම Apartment එකක ගොඩනගන බව පවසමින් මිනිසුන්ගෙන් මුදල්  ලබාගෙන තිබේ.

බැංකු සබඳතා….

විනීෂ් අතුකෝරාල සට කපට අයෙකි…ඔහු මේම බැංකු හරහා සිදුකරන මුල්‍ය වංචා සදහා තමන්ටම ගැලපෙන අකාරයට පුද්ගලයන් සාදාගෙන තිබේ.විනේෂ් සමග බැංකු වංචා සදහා සම්බන්ධ වු අය අතර එක් කෙනෙකු වන්නේ අතුරුගිරිය සම්පත් බැංකුවේ ප්‍රාදේශිය කළමණාකරු වන සමන්ත සිල්වාය,(සමන්ත සිල්වා මේ වනවිටත් සම්පත් බැංකුවේ ප්‍රධාන ශාඛාවට මාරුකර යවා තිබේ.)අනෙක් කෙනා වන්න සෙලාන් බැංකුවේ විධායක කළමනාකරු වන කපිල ආරියරත්නය. (Kapila Ariyaratne,CEO at Seylan Bank)

මේ වන විටත් බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම සිය ණය හා වත්කම් ඉක්මවා ණය අරගෙන තිබියදි කපිල හා ආරියරත්න හරහා ණය ලබාගෙන ඇත්තේ ඔහුන්ට අල්ලස් වශයෙන් ලබාගන්නා ණය මුදලින් කොමිස් ලබාදිමෙනි.එම කොමිස් මුදල් ප්‍රමාණය සියට 3%-5% අතර වන බවද අනාවරණය වී තිබේ.

හොර සම්මාන ….

බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගමට ජාත්‍යන්තරව නමක් ඇති බව පෙන්විමට සල්ලි ලබාදි සම්මාන ලබා ගැනිමට විනේෂ් දක්ෂයෙකි.මුදල් ගෙවා ලබා ගත් සම්මාන බලන්න. පසුගියදා මෛත්‍රීපාල සිරිසේන සමගද බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම සම්මානයකට හිමිකම් කී අතර ඒ සමගම සමාගම එම අවස්ථාව විකුණමින් වංචනික ක්‍රියාවන් ඉහල දමමින් සිටින බවද වාර්තා වේ. රට වෙනුවෙන් ගොවියෙකුට රුපියල් දෙකක් දිමට සමත් නැති බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරය ජනතාවගේ සල්ලි ගරාගෙන රටින් පැන යන දවස වැඩි ඇතක නොවේ.

Outside-lead-1-Blue-Mountain-Group-presents-its-award-at-APPAS-to-President

The award which the Blue Mountain Group picked up at the Asia Pacific Property Awards Summit (APPAS), held in Kuala Lumpur, Malaysia, was presented to President Maithripala Sirisena at the Presidential Secretariat 

Top