Featured

ජනතා මුදල් වලත්ත කමේ දමා පොන්න මංගල සමීර කොලුවා සමග Las Vegas යයි…

මංගල සමරවීර සමීර කොලුවා සමග Fun ගැනීමට ශ්‍රී ලංකික ජනතාවගේ මුදලින් ලාස් වෙගාස් (Las Vegas ) නගරයට ගොස් ඇති බව අමරිකානු අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවත් වූ 2016 එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහබාගි වූ වසරේ දින 365 න් 90% පිට රට වෙසෙන විදේශ ඇමති තම කොලුවා සමග නිවාඩුවක් ගත කිරීමට මෙවර තෝරාගෙන ඇත්තේ ලොව සූදු පුරවරය ලෙස ප්‍රසිද්ධ ලාස් වෙගාස් (Las Vegas ) නගරයයි.

මෙම මංගල ගමන සදහා යන මුළු වියදම රජය වෙත බර කිරීමට මොහු විසින් පොඩි උපක්‍රමයක් සැලසුම් කර ඇත. මගුල් ගමන රාජකාරි කිරීමට මොහු විසින් තොර ගෙන ඇත්තේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ඇති ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දශමයක කාර්යක් නොකරන මන්ද බුද්ධික කොන්සල් ජෙනරාල් වරියක් සිටින මෙම කොන්සල් කාර්යාලයහි වැඩ බැලීමටත්, ලොස් ඇන්ජලිස් නගරයේ වෙසන ශ්‍රී ලාංකිකයන් හමුවීමට කියා මගුල් ගමන රාජකාරි කිරීමට මොහුට හැකිවී ඇත. මෙසේ පැමිණෙන විදේශ ඇමති ඉන් පසුව 25වන දින පෙම්බර කොලුවා සමග ලාස් වෙගාස් (Las Vegas ) දක්වා යෑමට නියමිතයි.

පස් හය දෙනකුගේ කණ්ඩායමක් ලෙස පැමිණෙන ඇමතිවරයාගේ ලාස් වෙගාස් (Las Vegas ) මගුල් ගමන රාජකාරි ගමනක් ලෙස කූට ලෙස සැලසුම් කර ඇති නිසා ශ්‍රී ලංකා රජයට ඇතිවන වියදම ජනතාවට පෙන්වන ලෙස ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමු.

නිව්යෝර්ක් නගරයේ සිට ලොස් ඇන්ජලිස් නගර ගුවන් ගමන සඳහා ඇමති සහ ඔහුගේ සගයන් වියදම් කල මුදල, ලොස් ඇන්ජලිස් නගර ගත කරන සමයේ හෝටල් වලට, කෑමට, ගමන් සදහා වියදම් කල මුදල, ලොස් ඇන්ජලිස් නගර සිට ලාස් වෙගාස් (Las Vegas ) ගමන සඳහා ඇමති සහ ඔහුගේ සගයන් වියදම් කල මුදල, ලාස් වෙගාස් (Las Vegas ) හි සිදු වූ වියදම් හෙළි කරන මෙන් අප මංගල ඇමති වරයාගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදි ජනතා මුදල් නාස්ති කල ආකාරය ගැන විස්තර අප වෙත සාක්ෂි සහිතව ලැබී ඇත.ජනවාරි මස විදේශ ඇමති කමට පත් වූ දා සිට ලොව වටා තම සමීප තරුණයකු සමග සවාරි යන මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට පැමිණි අවස්ථාවේ දී නැවතීමට තෝරාගත්තේ එම නගරයේ තිබෙන ඉතාම මිල අධික සුඛෝපභෝගී හෝටලයක් වන ‘Four Seasons’ (ෆොර් සීසන්ස්) හෝටලය වන අතර මංගල සමග තම සමීප තරුණයා ඇතුළු 6 දෙනකු සඳහා පෙබරවාරි 12 සිට පෙබරවාරි 14 දක්වා මෙම හෝටලය වෙන්කර ගෙන තිබු අතර මොවුන්ගේ කාමර වලට දිනකට ඩොලර් $750 බැගින් ගෙවා තිබුනි.

2014 මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසහි සිදු වූ හොරකමකට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ශිරාන් ප්‍රියංකර නම් තරුණයාගේ බිරිඳ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මගින් ඉදිරිපත් කල පෙත්සම් වලද  සමීර මනහර කෙනෙකු ගැන සදහන් කොට ඇත .එම කතාවේ විඩීයෝව පහතින් නරඹන්න 

http://www.lankanewsweb.today/archives/739

http://www.lankanewsweb.today/archives/4882

Top