Featured

ජනපතිට එලවා එලවා ගැසු NGO මඩ බලකාය පසුපස රාජ්‍ය බුද්ධි අංශය

රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් රටේ දේශපාලන ප්‍රතිපත්ති විවේචනය කරන කණ්ඩායම් සහ පුද්ගලයන්ගේ අතීත සහ වර්තමාන රාජ්‍ය නොවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වහාම වාර්තාවක් සපයන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය බුද්ධි අංශයට නියෝග කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

අදාළ කණ්ඩායම් නියෝජනය කරන සංවිධාන එවාට වාර්ෂිකව මුදල් ලැබෙන අකාරය එම සංවිධාන නියෝජනය කරන පුද්ගලයන් ඒ හරහා ලබා ගන්නා වරප්‍රසාදයන් ගැනද අදාල වාර්තාවට ඇතුලත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාගේ නියෝග මත රාජ්‍ය බුද්ධි අංශයට නියෝග කර තිබේ.

පසුගියදා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීමත් CID, FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම ගැනත් ජනාධිපතිවරයා කල ප්‍රකාශයත් සමග රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් මත යැපේන විවිධ කණ්ඩායම් ජනාධිපතිවරයා ඉලක්ක කර දරුණු ප්‍රහාරයන් රැසක් එල්ල කල අතර ඒ සමගම ජනාධිපතිවරයා මෙම නියෝගය කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

පහත උපුටා ගැන්ම ලංකා නිවුස් ලයින් 

දැනට අධිකරණය ඉදිරියේ ඇති පුද්ගල පැහැරගැනීම් හා කප්පම් සිද්ධියකට අදාල නාවික හමුදාවට එරෙහි නඩුව, එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබද නඩුව, ජෝෂප් පරාජසිංහම් ඝාතනය, රවි රාජ් ඝාතනය, හා ලසන්ත වික්‍රමසිංහ ඝාතන නඩුව සම්බන්ධව කටයුතු කිරීම සදහා රුපියල් බිලියන 27 ආසන්න මුදලක් දෙමළ ඩයස්පෝරාව විසින් ජේ.සී වැලිඅමුණ ඇතුළු කණ්ඩායමකට ලබා දුන් බවට වූ රහස් වාර්තාවක් රජයට ලැබී ඇතැයි වාර්තා වේ.

නේවි සම්පත් ඇතුළු ඝාතන කල්ලියක් කළ බවට සාධක සහිත කප්පම් හා ඝාතන සිදුවීමට නාවික හමුදාවම සම්බන්ධකරගෙන ජාත්‍යාන්තරයට රැගෙන යෑම, රවිරාජ්, ජෝෂප් පරරාජසිංහම්, ලසන්ත වික්‍රමතුංග ඝාතන රාජ්‍ය හමුදාවෙත බැර කර ජාත්‍යාන්තරය හමුවේ ප්‍රශ්නකාරී තත්වයක් උපදවීමේ අරමුණු මත මෙම කොන්ත්‍රාත්තුව දෙමළ ඩයස්පෝරාව විසින් ලබා දී ඇතැයි හෙළි වී තිබේ.

පරරාජසිංහම් ඝාතනය සම්බන්ධව පිල්ලයාන්ද, රවිරාජ් ඝාතනයට සම්බන්ධ තිදෙනෙක්ද, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව හමුදා පිරිස්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සම්බන්ධව ඩී.එන්.ඒ පරීක්ෂණ කර ඝාතකයන් සොයා ගැනීමට විද්‍යානුකූල අරමුණක් නොමැති වීමත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර අපරාධ අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරින්ගේ පුදුම එළවනසුළු හැසිරීමත් නිසා මේ නඩු අතාර්කිකව ඇදී යන ආකාරයක් පෙනෙන්නට ඇතැයි මැදිහත් මත ධාරීහු පවසති.

Top