Anonymous Reporter

ජාතික ආණ්ඩුවේ ගමනක අවසානය

සාමාන්‍ය ඇමති මණ්ඩලයක ඇමතිවරයකු සම්බන්ධව විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධව නීති ප්‍රතිපාදන තිබුණද ජාතික ආණ්ඩුවක ඇමතිවරයකු ඉවත් කරන නීතිමය ප්‍රතිපාදන නීතියේ නො දැක්වෙයි. පාර්ලිමේන්තුවේ කථානායක විසින් 2015.09.03 තීරණය කළ ජාතික ආණ්ඩුවක අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයකුට විරැද්ධව ලංකා ඉතිහාසයේ මුල් වරට විශ්වාස භංගයක් 2016.03.24 දින ඉදිරිපත් වීම නීතිමය වශයෙන් වැදගත් කමක් උසුලයි.

විශ්වාස භංග යෝජනාවක් 2016.03.24 දින ඉදිරිපත් වී ඇත්තේ කථානායකවරයාගේ අර්ථ නිරූපණය අනුව වන ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරයකුට විරුද්ධව හෙයින් එකී විශ්වාස භංග යෝජනාව ඉල්ලා අස්කර නොගත හොත් තවදුරටත් ජාතික ආණ්ඩුව තත්ත්වයෙන් ආණ්ඩුව පවත්වාගෙන යාමට කිසිම නීතිමය හිමිකමක් ජනාධිපතිවරයාට නොලැබෙන බව ජාතික ආණ්ඩු සංකල්පය විසීමේදී මතුවන නීතිමය තත්ත්වය බව මෙමගින් පෙන්වා දෙයි.

එපමණක් නොව 2016.03.24 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් එනම් පාර්ලිමේන්තුවේ කථානායක පිළිගෙන ඇති ජාතික ආණ්ඩුවේ මන්ත්‍රිවරැන් කණ්ඩායමක් විසින් එකී ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාර ගැනිමත් සමග  පාර්ලිමේන්තුව තුළදී ම ජාතික ආණ්ඩුව සම්බන්ධ කථානායකවරයාගේ පිළිගැනීම මේ වන විට බිද වැටී ඇති බව ජාතික ආණ්ඩු සම්බන්ධව ජාත්‍යන්තර භාවිතාව අනුවද පැහැදිලි වෙයි.

wiswasaya2

wiswasaya

Top