Anonymous Reporter

ජාතික ආරක්ෂාවේ තරම මෙන්න…කොටියා කොළඹටත් එයි!

කොළඹ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික විදුලි පණිවිඩ තැපැල් කාර්යංශයක (කූරියර් සේවා) තිබී කොටි සංවිධානයේ ලාංඡනය සහිත හිස්වැසුමක් සොයාගෙන තිබේ.අදාල භාණ්ඩ සහිත ඇසුරුම, වව්නියාවේ සිට මෝදර ප්‍රදේශයට එවා ඇති අතර නමුත් මෙම පැකේජය ලියාපදිංචි අංක නොමැති නිසා සහ නාරාහේන්පිට මූලස්ථානය වෙත යවා තිබේ.දාල ඇසුරුමේ ලිපිනය සටහන් නොකිරීම හේතුවෙන්, ප්‍රධාන කාර්යංශයේ නිලධාරින් විසින් අදාල ඇසුරුම විවර කර ඇති අතර එහිදි අදාල හිස්වැසුම සොයාගෙන තිබේ.

එම අවස්ථාවේදී, අදාල භාණ්ඩ සමග කොටි සංවිධානයේ ලාංඡනය සහිත හිස්වැසුම දුටු නිලධාරින්, නාරාහේන්පිට පොලීසියට පැමිණිලි කර ඇති අතර ඉන් අනතුරුව, එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් අදාල භාණ්ඩ තම භාරයට ගෙන, ඒ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වමින් සිටියි.

puli_thoppi_1 (1)

Top