Featured

“ජාතික ආරක්ෂාව අනතුරේ”… ජනාධිපතිගේ නිවස ආසන්නයේ තරුණයෙකුගේ ගෙල කපයි…. අසීමාන්තික පරික්ෂණ හමුවේ ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන්තාවයක්!

Published on: Feb 21, 2020- “ජාතික ආරක්ෂාව අනතුරේ” යනුවෙන් නාහයෙන් අඩමින්,ජනතාව සංත්‍රාසයට පත්කර රටේ බලය අල්ලාගත් රට රකින අපේ විරුවා යනුවෙන් තමන්ම හදුන්වා ගනිමින් බලයට පැමිණි මිලිටරීකරණයේ කෙලපැමිණියෙකු ලෙස පෙනී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසන්නයේම තරුණයෙකුගේ ගෙල කපා ඔහු සතු ලැප්ටොප් පරිගණකය,ගෙල බැදී මාලය සහ පසුම්බිය හොරකම් කිරිමත් සමග භීතියට පත්ව සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා  ජිවත් වන දෙල්කද, මිරිහාන, පැගිරිවත්ත මාවතේ (Pangiriwatta Mawatha) නිවස ඇතුලු ප්‍රදේශය දැඩි ආරක්ෂක කලාපයක් ලෙස සලකා ආරක්ෂාව යොදවා තිබේන අතර පැය 24 පුරාම පොලිස් මුරපොළවල්, සන්නද්ධ අංශ යතුරුපැදි,ඇතුලු හමුදා වාහන භාවිතා කරමින් ආරක්ෂාව සපයන ප්‍රදේශයක  පෙරේදා රාත්‍රී  10ට පමණ මෙම පහරදිම සිදුව ඇත්තෙ .

ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ සිට මිටර් 500කට අඩු ප්‍රදේශයේ මෙම පහරදිම සිදුව ඇති අතර සිද්ධියෙන් පසුව බස්රථ 3 කින් පැමිණි පොලිස් සහ විශේෂ කාර්යය බලකා සෙබළුන් ප්‍රදේශයේ සොදිසි මෙහෙයුම් දියත් කර තරුණයන් පිරිසක් මාර්ගයේ දණගස්වා ප්‍රශ්න කර පසුව එයින් කිහිප දෙනෙකු මිරිහාන පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුටත් කිසිවක් නොපවසන ලෙසට තර්ජනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් කිසිවෙකුටත් ලබා නොදිමටද පොලිසිය කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ඉහල පොලිස් නිළධාරියෙකුගෙන් අප කල විමසිමක්දි ඔහු තොරතුරු සගවා කතා කල අතර යම් සිද්ධියක් පමණක් සිදුව ඇති බවත් අදාළ තරුණයා මරණයට පත්ව නැති බවද සදහන් කර තිබේ.මිට අමතරව අප විශේෂ වාර්තාකරුවන් කිහිප දෙනෙකු කල සොයා බැලිමේදි පහරකැමට ලක්වු යැයි කියන තරුණයා කාගේ කවුරුන්ද යන්න මේ වනවිටත් සොයා ගැනිමට නොහැකි වි ඇති බවයි.කෙසේවෙතත් ඔහු මරණයට පත්ව ඇති බව පමණක් මේ වනවිට අනාවරනය වි තිබේ.

සිය ආරක්ෂක හිඩැස රටේ ජනතාව දැන ගැනිමට තමන්ට නරක බව දන්නා ගෝඨා තරුණයාගේ ඝාතනය රටට යෑම වැලැක්වීම සදහා මාධ්‍යයට වාරණයක්ද යොදා තිබේ.කෙසේවෙතත් පහරදිම සිදුවු මොහොතේ සිට යුධ හමුදා,පොලිස් මෙන්ම බුද්ධී අංශ සාමාජිකයන් ප්‍රදේශයේ නිවාස පරික්ෂා කිරිමට මෙන්ම පුද්ගලයන්ගෙන් ප්‍රශ්ණ කිරිම ආරම්භ කර ඇති අතර එකම නිවසට 3-4 බැගින් පැමිණිම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න

Top