Featured

ජිනීවා ගිය බොරු හිල

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ විසින් රහසිගත රැඳවුම් කඳවුරු පවත්වාගෙන යන බව සිංහල කොටි ත්‍රස්තවාදීයෙකු මෙන්ම යහපාලන අමාත්‍ය පාඨ්ළී චම්පීක රණවක විසින් අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ජිනිවා නුවරදි පවසා තිබේ.

Forum Asia සහ Franisans Intenational සංවිධාන ඒකාබද්ධකර ඩොලර් ගිලින එක්සත් ජාතික පක්ෂයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන නිමල්කා ප්‍රනාන්දු හා  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ, ශ්‍රී ලංකාවේ පැහැරගැනීම් පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව පවසා තිබේ. අදාළ රැස්විම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන ශාලාවට ආසන්න ශාලාවකදී පවත්වා ඇති අතර එම සමුලුව නියෝජනයට පැමිණි සියලුම දෙනාට විවෘත ආරාධනාවක්ද කර තිබේ.

ශ්‍රී ලංකාවේ, රහසිගත රැඳවුම් කඳවුරු පිහිටා ඇති බව කියන්නට සන්ධ්‍යාට එති සුදුසුකම් මොනවාද යන්න අපි හොදින් දනී.මිට පෙර 2007 වසරේදි ප්‍රගීත් එක්නැලිගොඩ ඇතිකරගත් අනියම් සබඳතාවයකින් පසුව නිවසින් ඇය සමග අපෙන ගොස් මාස 3ක් පමණ අතුරුදහන්ව සිටි අකාරය සන්ධ්‍යාට මතක ඇතැයි අප සිතමු.ජාත්‍යන්තරව ලැබෙන ඩොලර් කුට්ටි වලට යටවි රාජපක්ෂලා නසන රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා කුමන්ත්‍රණයේ කොටස් කාරියන් අන්නට දගලන සන්ධ්‍යා රටට වන අගතිය ගැන මොහොතක් හෝ සිතා තිබේද?

ජිනීවා සිටින අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ…වරක් සන්ධ්‍යා හමුවිමට ලංකාවට පැමිණි ජිනීවා මානව හිමිකම් ක්‍රියාධාරනියකට සන්ධ්‍යා පවසා ඇත්තේ ආරක්ෂක හමුදාවන් හතරවන ඊළාම් යුද්ධයේ අවසන් භාගයෙදි කොටි ත්‍රස්තවාදීන්ට ඇමෝනියම් ගෑස් ගසා මරාදැමු බවත් එය හෙලිකල පලමු මාධ්‍යවෙදියා තමන්ගේ සැමියා බවත්‍ ය.

 

Top