Featured

ඥානසාර නාඩගමට ඩිල්දාස සහය දිලා

රටතුල ඇතිවෙමින් තිබේන සිංහල බෞද්ධ සංවිධාන මර්දණය කිරිමේ සහ භික්ෂුන්ට එරෙහිව යහපාලනය ගෙන් එමට නියමිත භික්ෂු මර්දණ පනත  කඩිනමින් ගෙන එමට මෛත්‍රීපාල සිරිසේනගේ වන්දිබට්ටයා බවට පත්ව රුවන් -මංගල -ඩිලන්ත අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කරන චිත්‍රපටයට අනුව බලහත්කාරයෙන් කෙසේ හෝ හිරේ ගොස් වීරයෙක් වීමේ දොලදුක සංසිදවාගත් ඥානසාරගේ කුමන්ත්‍රණයේ තවත් කොටසක් රටේ වගකිවයුතු බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව හදිසියේම හැදුනු කැක්කුමකට කවදාවත් නැතුව කොටි ඔත්තුකරු ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතිද්දී, විනිසුරුවරයා ඇතුලු නීතිඥවරුන්න්ට කෑ ගසමින් කලහකාරි ලෙස හැසුරුනු බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා විසින් නියෝග කිරිමත් පසුව භාරවිමත් යන සමස්ථ කුමන්ත්‍රණය පසුපස ඩිල්දාස හෙවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂද සිටින බව තහවුරු වි තිබේ.

ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ හදිසි කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අගමැති රනි ල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ වගකිවයුතු මට්ටමේ නිළධාරි අතර් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේදිද ඩිල්දාස ද්විත්ව රංගනයක යෙදි තිබේ.

නුගේගොඩ පාගොඩ පාරේ ඩිල්දාස නිවසේ කුමන්ත්‍රණය…..

ඥානසාර හිමි උසාවිය තුල කලබල ඇතිකිරිමෙන් පසුව 25 වැනිදා රාත්‍රීයේ කුප්‍රකට වෙබ් මාෆියාකරු රුවන් ප්‍රදිනන්දිස්, උපුල් කුමාරප්පෙරුම,ඩිලන්ත විතානගේ යන තිදෙනා ඩිල්දාස සමග පැය දෙකක පමණ සාකච්ඡාවක නිරත වි ඇති අතර පසුව ඩිලන්තගේ දුරකතනයෙන් ඩිල්දාස විනාඩි 20කට ආසන්න කාලයක් දුරකතන සංවාදයකද යෙදි තිබේ. (යම් කෙනෙකුට අවශ්‍ය නම් ඩිලන්තගේ දුරකතන සම්බන්ධතාව පරික්ෂා කිරිමට හැකියාව තිබේ.)

මෙම සාකච්ඡාවල එකම අරමුණ වී ඇත්තේ රටේ ඇතිවන නොසන්සුන් වාතාවරණය උපයෝගි කරගනිමින් මෛත්‍රීපාල සිරිසේනට මේ වනවිට එල්ල වෙමින් තිබේන් ජනතා අප්‍රසාදය යටපත් කර ගැනිම බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ බෞද්ධයින් සම්බන්ධයෙන් රටතුල පැන නගින ජනතා බලවේග සියල්ල සියතට ගෙන පසුව එවා ක්‍රමිකව විනාශ කර දැමිමට කටයුතු කරන ලෙසට මෛත්‍රී ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා ඇති අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය නොපිරිහෙලා ලබාදිමටද මෛත්‍රී එකඟතාව පලකර තිබේන බවද අප පසුගියදා අනාවරණය කළා.

Top