Featured

ට්‍රම්ප් පිළිගන්න මිලියන 7ක් පාරට… ඉන්දු-පැසිෆික් මිලිටරි ව්‍යාප්තියේ අවසන් ජොගීයට සියල්ල සුදානම්! මෝදීගේ ආතල් වලින් ට්‍රම්ප් පිස්සු වැටෙයි…

Published on: Feb 21, 2020 – ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය දියත් කිරිමේ අවසන් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කැපවි කටයුතු කරන ඉන්දියානු න්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවිම සදහා 24-25 දිනවල නවදිල්ලියේ සංචාරය කිරීමට පැමිනෙන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ මෙලනියා ට්‍රම්ප් පිළිගැනීම සදහා ඉන්දියාව කටයුතු සුදානම් කරමින් සිටින බව ඉන්දීය අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මීට පෙර කිසිදු රාජ්‍ය නායකයෙකුට නොලැබුණු ඉහලම පෙළේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ පිලිගැනිමක් ඇමරිකානු ජනාධිපතිවරයාට හිමිවිමට නියමිත අතර ඒ සදහා අහමදාබාද් නගරය සුදානම් වෙමින් තිබේ.

ජනාධිපති ට්‍රම්ප් වෙනුවෙන් ඉන්දිය ආරක්ෂාව

ඇමරිකානු ජනාධිපතිවරයා පළමුව අහමදාබාද් (Ahmedabad)ගුවන් තොටුපළට පැමිනේන අතර පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පස්වරු 2 ට ගුවන්තොටුපළෙන් පිටත් වී මාර්ගයෙන් කිලෝමීටර් 22 ක් දුරින් මොටෙරා ක්‍රීඩාංගනය (Motera Stadium) පැමිණීමට නියමීතයි.දෙරටේ නායකයින් ප්‍රථම වරට සුප්‍රසිද්ධ සබර්මති ගාන්ධි ආශ්‍රමයට (Sabarmati Ashram) පැමිණෙන අතර ඒ අනුව ගාන්ධි ආරාමයට ගිය පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙසද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වනු ඇත.

1,10,000 එක්වර ක්‍රිකට් තරග නැරඹීමට හැකි Motera Stadium

මොටෙරා ක්‍රීඩාංගනයට පිවිසේන මාර්ග පුළුල් කිරීම, ව්‍යුහාත්මක වැඩිදියුණු කිරීම් සහ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා දැනටමත් රුපියල් කෝටි 30 ක් වියදම් කර ඇත. එසේම නගරය අලංකාර කිරීම සඳහා රුපියල් කෝටි 6 ක් වියදම් කර තිබේ.

පසුව එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය නමින් ප්‍රතිසංස්කරණය කරන ලද මොටෙරා ක්‍රීඩාංගනය විවෘත කරනු ලබන අතර ඉන්පසු ඔහුට ගෞරව දැක්වීම සඳහා විශේෂ උත්සවයක් පවත්වනු ලැබේ. මෙම අවස්ථාවට ලක්ෂයක් පමණ දෙනා සහභාගී වනු ඇතැයි ඉන්දිය ඔත්තු සේවා අනාවරණය කර තිබේ.

ට්‍රම්ප්ගේ සංචාරය සඳහා ආරක්ෂක විධිවිධාන පිළිබඳ තොරතුරු අහමදාබාද් පොලිසිය හරහා මෙහෙයවනු ලබන අතර ඔත්තු සේවා මාස 4ක කාලයක් පැය 24ම විශේෂ ආරක්ෂක මෙහෙයුමක් අහමදාබාද් දිස්ත්‍රික්කය පුරාම මෙන්ම අහමදාබාද් අයත් වන ගුජරාට් ප්‍රාන්තයේද දියත් කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරක දින දෙක කාලය සදහා අයිපීඑස් නිලධාරීන් 25 ක්, නියෝජ්‍ය කොමසාරිස් මට්ටමේ පොලිස් නිලධාරීන් 65 ක්, පරීක්ෂකවරුන් 200 ක්, නියෝජ්‍ය පරීක්ෂකවරුන් 800 ක් සහ පොලිස් නිලධාරීන් 10,000 ක් යොදවා ඇති අතර ගුවන්තොටුපල, මාර්ග චාරිකාව, ගාන්ධි ආශ්‍රමය සහ මොඩෙරා රඟහල සඳහා ආරක්ෂක වලලු පහක් පිහිටුවා තිබේ.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ විශේෂ බලකායේ නිලධාරියා යටතේ බෝම්බ අනාවරණය කර ගැනීම සහ බැහැර කිරීම සඳහා කණ්ඩායම් 10 ක් අනුයුක්ත කර තිබේ.

ට්‍රම්ප්ගේ ආරක්‍ෂක උපකරණ පටෙල් ගුවන්තොටුපළට!

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ ආරක්ෂකයන් 1000කට අඩික සංඛ්‍යාවක් සහ ට්‍රම්ප්ගේ ආරක්‍ෂාව සදහා භාවිතා කරන වාහන ඇතුලු යුධ උපකරණ රැසක් එක්සත් ජනපද ගුවන් හමුදාවේ භාණ්ඩ ගුවන් යානයක් හරහා සඳුදා අහමදාබාද්හි සර්දාර් වල්ලභායි පටෙල් ගුවන්තොටුපළට ගොඩ බස්සවා තිබේ.ට්‍රක් රථ තුනක් ද එම් භාණ්ඩ අතර වන බවත් ඒවා මිසයිල්ල ආරක්ෂක පද්ධතියක් ලෙස ක්‍රියාකරනු ඇති බවද අනාවරණය වි තිබේ.

මිට අමතරව සීසීටීවී කැමරා හරහා ප්‍රදේශයේ සජිව රූප රාමු ලබාගනිමින් නිරීක්ෂණය කිරිම සදහා විශාල පිරිසක් යොදවා ඇති අතර ඒ හරහා මොඩෙරා ක්‍රීඩාංගනය, මාර්ගය, සහ වාහන නැවැත්වීමේ පහසුකම් සපයා ඇති ස්ථාන 28 ක රූප ලබා ගැනිමට හැකිය.

ට්‍රම්ප් බලන්න මිලියන 7කට අධික ජනතාවක්

ගුජරාට් ප්‍රාන්තයේම සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් ගුවන් තොටුපොළේ සිට කිලෝමීටර් 22 ක් දුරින් මොඩෙරා ක්‍රීඩාංගණයට පැමිණේන මග දෙපස නර්ථනයන් ඉදිරිපත් කිරිමට නියමිත අතර ඒ සදහා මිලියන 7කට අඩික ජනතාවක් රැස්කිරිමට මෝදී පාලනය කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා මෝදි විසින් දැනුවත් කර ඇති අතර ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරය කුල්මත් වි ඇති අකාරය පහත විඩියෝවෙන් නරඹන්න.

“මම අගමැති මෝදිට ගොඩක් කැමතියි. ඔහු මට කිව්වා ගුවන් තොටුපල සහ උත්සවය අතර මිලියන 7 ක ජනතාවක් සිටින බව. එය ලෝකයේ විශාලතම ක්‍රීඩාංගණය වනු ඇත. එය ඉතා ආකර්ෂණීය වනු ඇත.”

“I happen to like PM Modi a lot. He told me we will have 7 million people between the airport and the event. It’s going to be the largest stadium in the world. It’s going to be very exciting.”

ප්‍රදර්ශනය මොඩෙරා ක්‍රීඩාංගණයේදී අවසන් වන විට එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් අගමැති මෝදි සමඟ දිල්ලිය බලා පිටත්ව යන අතර එහිදී ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය දියත් කිරිමට අදාළ ගිවිසුම් අත්සන් තැබිම්ට නියමිතයි.ඊට අමතරව දෙරට අතර වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට අපේක්ෂා කෙරේ.

ජනාධිපති ට්‍රම්ප් අග්‍රාහි ටජ්මහල නැරඹීමටද එක්වන බව අප ඔත්තුකරු සදහන් කලද ඒ සදහා මේ දක්වා වෙළාවක් සදහන් කර නොමැති බවද ඔහු අනාවරණය කළා.

ඉන්දු-පැසිෆික් උපායමාර්ගය

එක්සත් ජනපදය සිය ඉන්දු-පැසිෆික් උපායමාර්ගය විස්තර කරන්නේ පැසිෆික් සාගරයේ සිට ඉන්දියානු උප මහද්වීපය දක්වා විහිදෙන කලාපයක් සඳහා “යකඩ ආවරණයක් සහ තිරසාර කැපවීමක්” ලෙස ය.

ඇමරිකාව විවිධ අර්ථකථනයන් දුන්නද ට්‍රම්ප් භාවිතා කරන සරල අර්ථයට අනුව “ඉන්දු-පැසිෆික්” යන්නෙන් අදහස් කරන්නේ ඉන්දියාව, එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රධාන ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී රටවල්, විශේෂයෙන් ජපානය සහ ඕස්ට්‍රේලියාව, වර්ධනය වන “සීතල යුද්ධයේ” නව රාමුව තුළ චීනය මැඩපැවැත්වීමට එක්වනු! යනුවෙනි.

ඒ අනුව ශ්‍රි ලංකාව පාලනය කිරිමේ සම්පූර්ණ බලය ඉන්දියාවට ලබාදීමට මෙම ගිවිසුම හරහා ඇමරිකාව සිදුකර ඇති අතර ඉන්දු-පැසිෆික් කලාපය තුළ ශ්‍රි ලංකාව “කැමැත්තෙන් හවුල්කරුවෙකු” ලෙස ප්‍රකාශයට පත් කිරීම, කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය වෙනුවෙන් එක්සත් ජනපද කඳවුරක් ලංකාවේ පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙහෙයවනු ලබන්නේ මෝදී පාලනය හරහාය.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/22532

http://lankanewsnetwork.org/archives/22909

Top