Featured

තනපටය නිසා එජාපය ,මෛත්‍රී ගැටේ – කැසිනෝ මුසම්මිල්ගෙන් සංගාට කණේ පාරක්

එන්රිකේ ඉග්ලෙසියාස්ගේ කොළඹ සංගීත ප්‍රසංගයේ සිදුවු සිදුවිම ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසිමේ ව්‍යාපාරයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවත් සදහා එකසත් ජාතික පක්ෂය කඩා බිදදැමිමට දතකන කිහිපදෙනකුද එක්ව සිටින බව එජාප මන්ත්‍රි කණ්ඩායම එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් කබීර් හෂිම් මහතාට පෙන්වාදි තිබේ.

විශේෂයෙන්ම කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන වැනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල සමාජිකයන් මෙම වැඩසටහන සංවිධානය කිරිම පසුපස සිටි බවත් එය දැන දැනම ජනාධිපතිවරය පහරදෙන බවද මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දි තිබේ. මිට අමතරව ජනාධිපතිවරයාගේ ඇතැම් අදහස් සහ ප්‍රකාශයන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සමග දැවැන්ත ගැටුමක් ඇති කිරිමට හේතු වි තිබේන බවද ඔහුන් පෙන්වා දි තිබේ.

පසුගියදා කොළඹ පැවති Enriqueගේ ප්‍රසංගයට අදාළව රුපියල් මිලියන 29 ක විනෝදතා බද්ද නොගෙවීම සම්බන්ධයෙන් කුමාර සංගක්කාරට සහ මහේල ජයවර්ධනට අයත් Live Event ආයතනය කොළඹ නගර සභාවේ අසාදු ලේඛණයට ඇතුළත් කිරිමට එක්සත් ජාතික පක්ෂ නගරාධිපති මෙන්ම ප්‍රභල සජිත් වාදියෙකු වන කොළඹ නගරාධිපති එ.ජේ.එම් මුසම්මිල් අද කටයුතු කර තිබේ.

පසුගිය කොළඹ මහා නගර සභා මැතිවරණයේ නගරාධිපති ධුරය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කුමාර සංගක්කාර ඉදිරිපත් කිරිමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටියද පක්ෂය තුලින්ම එල්ල වු බලපෑම් හමුවේ කුමාර් පස්ස ගැසු අතර අවසානයේ මුසාමිල් එම තනතුර සදහා බලහත්කාරයෙන් පත් කර ගැනිමට සජිත් ප්‍රේමදාසට හැකි වුනා.

කොළඹ මහා නගර සභාව මේ වනවිටත් කාලය අවසන් වි ඇති අතර මෛත්‍රීපාල සිරිසේනගෙ පිහිටෙන් තවත් මාස 6ක කාලයක් තමන්ගේ බලය තර කර ගැනිමට මුසාමිල්ට හැකිවි ඇති අතර ඊළග කොළඹ මහා නගර සභාවේ නගරාධිපති ධුරය සදහා මේ වනවිටත් හිටපු අමාත්‍ය මෙන්ම පසුගිය මහා මැතිවරණයේදී මනාප කොල්ලයෙන් පරාජයට පත්වු රෝසී සේනානායක මහත්මිය සුදානමින් සිටින අතර ඇය ඒ වෙනුවෙන් මාධ්‍ය එකකයක්ද ස්ථාපනය කර තිබේ.

මේ අතර එන්රිකේ ඉග්ලෙසියාස්ගේ කොළඹ සංගීත ප්‍රසංගයේ දී රසිකාවියන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර හටගෙන ඇති මතබේදය, ආණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වරයා විසින් සිදුකෙරුණු ප්‍රකාශයක් සමඟ විවාදපන්න ස්වරූපයකට පෙරැලී තිබේ.

එන්රිකේ ඉග්ලෙසියාස්ගේ Sex and Love ‘අසංවර’ සංගීත ප්‍රසංගයක් සේ ජනාධිපතිවරයා විසින් හෙලා දකිනු ලැබූ දිනට පසුදා සමාජ මාධ්‍ය සංවාදයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා ඍජුවම පවසා තිබුණේ ‘තනපට විසි කිරීම’ දේශපාලනීකරණය නොකරන ලෙසයි.

“තනපට සිද්ධියට දේශපාලනය ගාවා නොගන්නේ නම් මැනැවි. අපට කරදර වන්නට ඊට වඩා විශාල දේවල් තිබේ,” යැයි ආචාර්යවරයා සඳහන් කර තිබුණේ උත්ප්‍රාසාත්මක ඡායාරූපයක්ද සමඟිනි.

Harsha-fb-on-Bra (1)

Top