Featured

ත්‍රී’මලේ නාවික හමුදා මූලස්‌ථානයට එජා කණ්‌ඩායමක්‌ පනී-මෙන්න මෛත්‍රීගේ රට පාවාදිම

ද්‍රවිධ ජාතික සන්ධානයේ පැමිණිල්ලක් මත අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායක් මෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය පරීක්‍ෂා කර තිබේ.එම කදවුරේ වධකාගාරයක්‌ තිබේන බවත් ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්‌ථානයේ රඳවා සිටින බවට කළ පැමිණිල්ලක්‌ මත මෙම පරික්ෂාව සිදුකර තිබේ.

මෙම එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේනගේ හිවල් රහස්‌ පොලිස්‌ නිලධාරීන් වන අතර එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම පරීක්‍ෂාවට ලක්‌ කළේ නාවික හමුදා මූලස්‌ථානයේ පැරණි බිල්ඩිමක්‌.මෙබඳු පරීක්‍ෂණයක්‌ තම නාවික හමුදා ඉතිහාසයටම සිදු වු මුල්ම වතාව මෙය වේ.

ලොව කිසිම රටක්‌ තම කවර හෝ ආරක්‍ෂක කඳවුරක්‌ විදේශ කණ්‌ඩායමකට පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන බවද නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කළා.

Top