Featured

තිළිණී ගැන කට අරින්න එපා! රාජපක්ෂලාගෙන් තර්ජන! තිළිණීගේ රස බැලු අයට වෙන්නේ මාලීගේ රෙද්ද අස්සේ රිංගපු එවුන්ට උන දේ!

තිකෝ සමූහ ව්‍යාපාරයේ’ Thico Group හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි Thilini Priyamali නැමැති රාජපක්ෂලාගේ දුෂිත මුල්‍ය වංචාකාරියට මුදල් ආයෝජන කල කුප්‍රකට ව්‍යාපාරික දේශපාලකයන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් හෝ මාධ්‍යයට අනාවරණයක් නොකරන ලෙස රාජපක්ෂ පුතුන් බලපෑම් කරමින් සිටින බව LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ මුදල් ආයෝජන කල දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් රැසක් පෞද්ගලිකව හමුවි මෙම තර්ජනාත්මක බලපෑම සිදුකර තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ. තිළිණීගේ ප්‍රශ්ණය නීතිමය වශයෙන් විසඳාගත හැකි බවත් ඉන්පසු ලබාගෙන ඇති මුදල් කොටස් වශයෙන් ගෙවා දැමිමට කටයුතු කරන් බවද දැනුම් දි තිබේ.යම් හෙයකින් පැමිණිලි හෝ සාක්ෂි ලබාදි ප්‍රශ්ණය උග්‍ර කිරිමට කටයුතු කලහොත් මුදල් කිසිම දිනක නොලැබෙන බවටද තර්ජනය කර තිබේ.

මේ වනවිට තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි ලග මුදල් ආයෝජන කල දේශපාලකයන්,චීවරධාරින් සහ කුප්‍රකට ව්‍යාපාරිකයන් රැසක්ගේ තොරතුරු මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතම දේශපාලකයන් 3නෙකුගේ නම්ද මේ වනවිට අප සතුව ඇති අතර ඒ පිළිබඳව පුළුල් අනාවරණයක් බලාපොරොත්තු වන්න.

තිළිණීට එරෙහිව සාක්ෂි ගොළුවෙයි!

මේ අතර තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට මෙරට දේශපාලනඥයන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇති බවත්, ඔවුන් කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉදිරියේ කරුණු වාර්තා කර තිබේ.

තම දෙපාර්තමේන්තුව භාරයේ ඇති සැකකාරියගේ ජංගම දුරකතනයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව මෙම කරුණු අනාවරණය කරගෙන ඇති අතර, ඊට අදාළ හඬ පට, කෙටි පණිවිඩ, ඊමේල් සහ වට්ස්අප් පණීවිඩ රාශියකින් මේ බව හෙළිවී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

අදාළ දේශපාලනඥයන් සැකකාරියට මුදල් ලබාදී නැවත ඒවා ඉල්ලීමේ දී ඇය ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරමින්, මුදල් දීම මග හරිමින් සිටින බවට එම හඬපටවලින් සහ කෙටි පණිවිඩ මගින් තහවුරු වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මාස 6ක් තුල කෝටි 300ක්!

මේ වසරේ, ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස හයක කාලයක දී සැකකාරියගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 300ක මුදලක් තැන්පත් වී ඇති බවත්, මේ වන විට එම ගිණුමේ කිසිදු මුදලක් ඉතිරිව නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ මුදල් ලැබුණේ කෙසේද? ඒවාට සිදුවූයේ කුමක්ද? එම මුදල් කළු මුදල් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

තිළිණීට නොදෙවෙනි මලී?

2020 වසරේදීද මේ අකාරයෙන්ම මලී නොහොත් සමන්මලී අල්විස් නැමති රාජපක්ෂලාගේ හුරතලියක විසින් විවිධ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් සමග ලිංගීකව සම්බන්ධකම් පවත්වා ඔහුන්ව භීය වද්දා කෝටි ගණන් මුදල් කොල්ල කෑ ගැහණියක සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කල අතර ඇයව අත් අඩංගුවට ගත්තද දිනකිහිපයකින් ඇය නිදහස් විය. මේ වනවිට ඩුබායි සිට ඇය තමන්ගේ කුප්‍රකට මුල්‍ය වංචාව හසුරුවන බවද නොරහසකී.

https://lankanewsnetwork.org/archives/24557
Top