Featured

දයාසිරි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් ඇමතිකමක් වෙනුවෙන් පාවාදෙයි…. රතනගේ ජාතීකවාදි ඡන්ද ටිකටත් අඹසරණයි! දයාසිරි රහසෙම ඇවිත් නාමයෝජනාවට අත්සන් කරලා

Published on: Mar 18, 2020 – ශ්‍රී නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා නිදහස් පක්ෂය සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පාවාදි මීට ස්වල්ප වේලාවකට පෙර බත්තරමුල්ලේ පොහොට්ටු කාර්‍යාලයට පැමිණ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ගොස් ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අර්බුදය මවා පෙන්විම සදහා පෙරේදා නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර නාමයෝජනා පත‍්‍ර අත්සන් නොකර නැවත හැරී පැමිණ ඇත්තේ කුමන්ත්‍රණයේම කොටසක් ලෙස බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

පසුගිය දින කිහිපයේ, දිස්ත්‍රික් කිහිපයකට වෙනම තරග කිරිමට හෝ තනියම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කිරිමට සුදානම් බව පවසමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයනට මෙන්ම පාක්ෂිකයන්ද රැවටිමට ලක්කල දයාසිරි ඒ සියලු දෙනාටම වලකපා ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකට මහා මැතිවරණය සදහා පොහොට්ටුව නියෝජනය කරමින් නාමයෝජනා නොලැබුන අතර ඊට එල්ල වු දැඩි විරෝධය හමුවේ විවිධ තින්දු ගනන බවට දයාසිරි ජයසේකර දැනුම් දි තිබුනද පසුව ජංගම දුරකතනය විසන්ධි කර දමා නිහඩව සිට තිබේ.ශ්‍රිලනිපයේ බහුතරයකගේ නාමයෝජනා අහිමිකිරිම පසුපස දයාසිරි සක්‍රියව කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරණය වි ඇති අතර ඊළග ආණ්ඩුවෙ ප්‍රභලම අමාත්‍ය ධුරයක් ඒ වෙනුවෙන් හිරිකිතයකින් තොරවම ඒ සදහා පොහොට්ටු නායකයන්ට උදවු කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

අතන ..මෙතන.. රතන.. වංගුවක් ගහලා…

මේ අතර ශ්‍රිලනිපයෙන් පොහොට්ටුවට එල්ල වන  බලපෑම සමනය කර ගැනිම සදහා ශ්‍රිලනිපයේ නාමයෝජනා අහිමිවු ජ්‍යෙෂ්ඨයන් රැසක් රතන හිමියන්ගේ කොඩිය යටතේ තරග කිරිම සදහා නම්කර යවා ඇති අතර ඒ සදහා රතන හිමිගේ පක්ෂයට විශාල මුදලක් ලබාදිමට කටයුතු කර තිබේන බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ශ්‍රි ලනිපයේ ජ්‍යෙෂ්ඨයන් හමුවු දයාසිරි පවසා ඇත්තේ රතන හිමියන් නායකත්වය දෙන අපේ ජනබල පක්ෂය දිස්ත්‍රික් කිහිපයකින් මන්ත්‍රීධුරයක් බැගින් ලබා ගැනිමට හැකියාව ඇති බවත් එම ලබා ගන්නා මන්ත්‍රීධුරයට වැඩිම මනාප ලබා ගනිමින් පත්විම ශ්‍රිලනිපයේ කණ්ඩායමට හැකි බවයි. ගාමිණි තිලකසිරි,ජිවන් කුමාරතුංග, නීශාන්ත මුතුහෙට්ටිගම ඇතුලු දිස්ත්‍රික් ගණනාවක ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් රතනගේ  ලැයිස්තු වලට ඇතුල් කර තිබේ.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top