Featured

ද්‍රෝහි පාවාදිමෙන් පසුව IMF ලොක්කී පාදඩයන් හමුවෙයි-ඇමති දෙදෙනෙක් එලියට

පාදඩයන්ගේ ද්‍රෝහි පාවාදිමෙන් පසුව පස්වනක් ප්‍රීතියෙන් ඉපිලිගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හදිසියේම කොටුව ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී හමුවි විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මෙම සාකච්ඡාව අතිශය වැදගත්වූවක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ කොළඹ කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් සදහන් කර තිබේන අතර අදාළ සාකච්ඡාව සදහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපාද සහභාගි වි සිටි අතර සාකච්ඡාව අතරතුර ඔහුන් දෙදෙනාට සාකච්ඡාවෙන් ඉවත් වන ලෙස දැනුම්දි තිබේ.

කෙසේවෙතත් කොන්දේසි විරහිතව ණය ලබාදිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ල එකගත්වය පලකරමින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට තමන්ට දැනුම් දි ඇති බව මෙරට නිත්‍ය නියෝජිතවරිය රාජ්‍ය නායකයන්ට දැනුම් දුන් බව සාකච්ඡාවෙන් දොට්ට දැමු අමාත්‍යවරුන් දෙදෙනා සදහා සදහන් කර තිබේ.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්බන්දයෙන් අමෙරිකාව ප්‍රසාදය පළ කර ඇත.

මෙරට ඇමරිකානු කානාපති අතුල් කේෂාප් පවසන්නේ ශ්‍රී ලංකාව තුල වඩා අර්ථවත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් සඳහා එය ඓතිහාසික ජයග්‍රහණයක් බවය.

නිෂා බිස්වාල් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම්වරයද සඳහන් කර ඇත්තේ මෙම පනත සමම්ත කිරීම සත්‍ය හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යහපත් ප්‍රවේශයකට ගෙනයාමට පැවති බාධකයක් අභිබවා යාමක් බවයි.

NISHA

Top